අද

දේශීය පුවත්, ජාත්‍යන්තර පුවත්, ආගමික, ක්‍රීඩා, තාක්ෂණ සහ ව්‍යාපාර යන පුළුල් පරාසයක පුවත් කාණ්ඩයන් ආවරණය කරනා අද, සිංහල භාෂා දිනපතා පුවත්පතකි. එය විජය පුවත්පත් සමාගමේ කොටසකි. විජෙයි, ඩේලි මිරර්, ද සන්ඩේ රයිම්ස්, ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් (ඩේලි එෆ්ටී) යනු අද පුවත්පතේ සහෝදර ප්‍රකාශනයන් කිහිපයකි.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
0.68%
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
මුදල් ගෙවා ලබාගන්නා
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත විජය පුවත්පත් සමාගම (WNL)
හිමිකාරීත්ව ව්‍යුහය
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බහුතර කොටස් හිමිකරුවන් වන්නේ විජේවර්ධන පවුලයි. රංජිත් විජේවර්ධන, සුජාන් විජේවර්ධන, රුවන් විජේවර්ධන, ඉරුෂි නීලා බුලත්සිංහල සහ රංජිනී විජේවර්ධන එක්ව ගත් විට සමාගමේ කොටස් 99.98% ක ප්‍රමාණයකට හිමිකම් කියයි. මේ අතර සීමාසහිත සාරතී සමාගම යනුවෙන් හැඳින්වෙන විජය ව්‍යාපාර සමූහය හා අනුබද්ධිත සමාගමක්ද විජය පුවත්පත් සමාගමේ කොටස් හිමිකාරීත්වය දරයි. විජේවර්ධන පවුලේ සාමාජිකයින් හැරෙන්නට, ආනන්දි බාලසිංහම් හටද විජය පුවත්පත් සමාගමේ කොටස් ඉතා සුළු ප්‍රතිශතයක් අයත් වේ. කෙසේ වුවත් ආනන්දි බාලසිංහම්, පෙර කියූ ලෙසට විජය ව්‍යාපාර සමූහයට අනුබද්ධ සීමාසහිත සාරතී සමාගමෙහි බූදල් පරිපාලක ලෙසින්ද ක්‍රියා කරයි.
ඡන්ද අයිතිවාසිකම්
තනි තනිව හෝ සමාගම් වශයෙන් දරණා කොටස් මත පදනම්ව ඡන්ද අයිතිය පවරා ඇත. එම නිසාවෙන් ඡන්ද අයිතිය මෙසේ වෙයි: රංජිත් විජේවර්ධන - 89.99% # සුජාන් විජේවර්ධන - 10% # රුවන් විජේවර්ධන - 0.002% # ඉරුෂි නීලා බුලත්සිංහල - 0.002% # රංජිනී නීලා විජේවර්ධන - 0.002% # සාරතී ලිමිටඩ් - 0.002% # ආනන්දි බාලසිංහම් - 0.002% #
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
2012
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
රංජිත් සුජීව විජේවර්ධන නැතිනම් රංජිත් විජේවර්ධන යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වූ ඩී.ආර්.විජේවර්ධනගේ පුත්‍රයා වේ. ඩී.ආර්. විජේවර්ධන විසින්, 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් රජයට පවරා ගැනීමට පෙර, 1926 දී සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL නැතිනම් ලේක්හවුස් ලෙසින්ද හැඳින්වෙන) ආරම්භ කළ පුරෝගාමියා වේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ආරම්භ සභාපති මෙන්ම බහුතර කොටස් හිමිකරු ලෙසින්ද රංජිත් ක්‍රියා කරයි. මෙම සමාගම සීමාසහිත විජය ප්‍රකාශන යන නම යටතේ 1979 දී ආරම්භ වූවද, එය සතිපතා ඉරිදා ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේ 1986 දී වන අතර, ඊට යම් කාලයකට පසු 1991 දී දිනපතා ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කෙරිණි. මීට අමතරව ලේක් හවුස් හිද 0.57% ක කොටස් රංජිත් අත තිබේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපති තනතුර දැරීමට අමතරව, ඔහු සීමාසහිත ලේක් හවුස් මුද්‍රණකරුවෝ සහ ප්‍රකාශකයෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයද, සීමාසහිත ලේක් හවුස් පොත් හල (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත එල්.එච්.ප්ලාන්ටේෂන්ස් (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත රන්වැලි හෝල්ඩින් විලේජ් සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත සාරතී සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත විජය ග්‍රැෆික්ස් (පුද්.) සමාගමේ සභාපති ධූරයද දරයි. එසේම ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ධූරයද හොබවයි. මීට අමතරව ඔහු සීමාසහිත ෆ්‍රොයෙඩන්බර්ග් සහ සමාගම (ලංකා) හි සහ සීමාසහිත ආර්.එස්.ප්‍රින්ටෙක් (පුද්.) සමාගම හි අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටී.
මීට අමතරව සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගමේ නිර්මාතෘ උපාලි විජේවර්ධන යනු රංජිත්ගේ ඥාති සොහොයුරා වෙයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ යනු රංජිත්ගේ ඥාති පුත්‍රයාද වේ.
රංජිත් විජේවර්ධන, ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ ඩී.එස්.සේනානායකගේ මිණිබිරිය වූ රංජිනී නීලා සේනානායක හා විවාහ විණි. රංජිනීගේ පවුලේ අනෙකුත් අවධානයට ලක්වන පවුල් සාමාජිකයින් අතරට ලංකාවේ දෙවෙනි අග්‍රාමාත්‍ය වූ ඩඩ්ලි සේනානායක (මාමා) සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රුක්මන් සේනානායක අයත් වේ. රංජිත් හට දරුවන් තිදෙනෙකු සිටී. මේ අතරට වර්තමාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ විජේවර්ධන ව්‍යාපාර සමූහයට අනුබද්ධ සීමාසහිත ලේක් හවුස් මුද්‍රණකරුවෝ සහ ප්‍රකාශකයෝ සමාගමේ විධායක අධ්‍යක්ෂ සුජාන් විජේවර්ධන ද අයත් වේ.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
රංජිත් සුජීව විජේවර්ධන නැතිනම් රංජිත් විජේවර්ධන යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වූ ඩී.ආර්.විජේවර්ධනගේ පුත්‍රයා වේ. ඩී.ආර්. විජේවර්ධන විසින්, 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් රජයට පවරා ගැනීමට පෙර, 1926 දී සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL නැතිනම් ලේක්හවුස් ලෙසින්ද හැඳින්වෙන) ආරම්භ කළ පුරෝගාමියා වේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ආරම්භ සභාපති මෙන්ම බහුතර කොටස් හිමිකරු ලෙසින්ද රංජිත් ක්‍රියා කරයි. මීට අමතරව ලේක් හවුස් හිද 0.57% ක කොටස් රංජිත් අත තිබේ. මීට අමතරව සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගමේ නිර්මාතෘ උපාලි විජේවර්ධන යනු රංජිත්ගේ ඥාති සොහොයුරා වෙයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ යනු රංජිත්ගේ ඥාති පුත්‍රයාද වේ.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
කාංචන දසනායක අද පුවත්පතේ වත්මන් ප්‍රධාන කර්තෘ පදවිය දරයි. ඔහු 2012 දී අද පුවත්පත ආරම්භ කළ දින සිටම එම තනතුර උසුලයි. ඊට අමතරව විජය පුවත්පත් සමාගමේ සුභසාධක සංගමයේද ඔහු ක්‍රියාකාරිකයෙකු වේ.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන නැතිනම් රුවන් විජේවර්ධන යනු සුජාන්ගේ සහෝදරයා වන අතර, වර්තමානයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරයි. ඔහුට සීමාසහිත විජය පුවත්පත් සමාගමේ 0.002% ක කොටස් හිමිවේ. ඔහුගේ අමාත්‍ය ධූරයට අමතරව, ඔහු සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපතිවරයාගේ උපදේශකයෙකු සහ පුද්ගලික සහායක ලෙසින්ද සේවය කරයි.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Wijeya Newspapers Limited
No. 08, Hunupitiya Cross Road, Colombo 2
General: +94 11 247 9479, +94 11 231 4714
Fax: +94 11 244 8323
Email: adanewspaper@gmail.com
Website: www.ada.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
අද හෝ විජය පුවත්පත් සමාගමේ නිල වෙබ් අඩවි වලින් ඒවායේ ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ආකෘතිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොසැපයේ. එනිසා පොදුජනයාට ලබාගත හැකි ද්විතීයික මූලාශ්‍රයන් ආශ්‍රය කොට ගෙන ඇත. පොදුවේ ලබාගත හැකි ද්විතීයික මූලාශ්‍රයන් පුවත්පත සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු සැපයූවද, යම් යම් අවස්ථාවන්හි ඒ ආකාරයෙන් ලබාගත් තොරතුරු පරස්පර විරෝධී වේ. උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සුජාන් විජේවර්ධනගේ නිල තනතුර උප සභාපති, ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂක ලෙසින් විවිධ ආකාර තුනකින් දැක්වී තිබිණි. # මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් විජය පුවත්පත් සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 17 දින ප්‍රතිචාර දක්වා තිබිණි. ලැබුණු ප්‍රතිචාරය ඔස්සේ, කණ්ඩායමට සමාගම දැනුම් දී තිබූ වෙළෙඳපොළ කොටස් ප්‍රතිශතය (75%) භාවිතා කිරීමට නොහැකි වූයේ, එම ප්‍රතිශතය ලබාගැනීමට භාවිතා වූ අගයන්ට ප්‍රවේශය නොතිබූ බැවිනි. කෙසේ වුවත් සංවිධාන ආකෘතිය පිළිබඳ තොරතුරු සමාගම විසින් ලබාදුන් ප්‍රතිචාරය හරහා මෙන්ම සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහාද ලබාගත හැකි විණි. වසර 2017 සඳහා පාඨක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගෙන ඇත.