This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/24 at 20:19
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

ඩේලිනිව්ස්.lk

1995 දී දියත් කළ dailynews.lk යනු ඩේලි නිව්ස් පුවත්පතේ අන්තර්ජාල සංස්කරණය වන අතර, තම අන්තර්ගතයන් එක විට අන්තර්ජාලය ඔස්සේද ලබාදීම ඇරඹූ ශ්‍රී ලංකාවේ පළමු පුවත්පතද එයම වේ. මෙම ඉංග්‍රීසි භාෂා අන්තර්ජාල ප්‍රකාශනය මගින් ඩේලි නිව්ස් මුද්‍රිත සංස්කරණයේ තිබෙනා අන්තර්ගතයන් නැවත පළ කරයි. මෙම පුවත්පත රජයට අයත් සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සාමාජිකයෙකු වේ.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

දත්ත නොමැත

හිමිකාරීත්ව ආකාරය

රජයට අයත්

භූගෝලීය ආවරණය

ජාත්‍යන්තර

අන්තර්ගතයන් මාදිලිය

නොමිලේ අන්තර්ගතයන්

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL)

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

Dailynews.lk මෙහෙයවනු ලැබෙන්නේ රජයට අයත් ආයතනයක් වන සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නැතිනම් ලේක් හවුස් මගිනි. මූලිකවම ලේක් හවුස් ආයතනය ඩී.ආර්.විජේවර්ධන විසින් පිහි‍ටුවනු ලැබූ අතර, එහි පුවත්පත් ප්‍රකාශනයන් 7 ක් වෙයි. 1956 වසරේ ඔහුගේ මරණින් පසුව, එහි කර්තෘ ප්‍රතිපත්ති පාලනය කරන්නට යෙදුණේ ඔහුගේ බෑණා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ විසිනි. 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් අංක 28 දරණ ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (විශේෂ විධිවිධාන) පනත මගින් මෙම ආයතනය රජයට පවරා ගන්නට කටයුතු කරන ලදී. එහි පළමු සභාපතිවරයා ලෙසින් ඒ.කේ.ප්‍රේමදාස පත්කරනු ලැබිණි. වර්තමානයේ මෙහි කොටස් හිමිකරුවන් 99 ක් සිටිනා අතර, ඊට මහා භාරකාර දෙපාර්තමේන්තුව, ආයතන 10 ක් සහ පුද්ගලයින් 88 ක් ඇතුළත් වේ. මෙම පුද්ගලයින් 88 දෙනාට ලේක හවුස් ආරම්භකයාට ඥාතීත්වය ඇති සාමාජිකයින් කිහිප දෙනෙකු ඇතුලත් වන අතර, 0.19% කොටස් හිමි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහද ඒ අතර සිටී. වැඩිම කොටස් ප්‍රමාණයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුවටයි. මහා භාරකාර දෙපාර්තමේන්තුව අයත් වන්නේ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂය පථයටයි.

ඡන්ද අයිතිවාසිකම්

දත්ත නොමැත

සමූහය / තනි හිමිකරු

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කෙරුණු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකාවේ ජාතික තෙල් සහ ගෑස් සමාගම ලෙසින් ක්‍රියාත්මක වේ.

1.8%
මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

1995

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ඩේලි නිව්ස් වෙබ් සංස්කරණය, රජයට අයත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (මෙය ANCL/ ලේක් හවුස් ලෙසින්ද හැඳින්වේ) යටතේ පිහි‍ටුවන්නට යෙදිණි. වර්තමානයේදී ලේක් හවුස් මගින් දිනපතා ප්‍රකාශන හතරක් (ඩේලි නිව්ස්, දිනමිණ, තිනකරන් හා ‍රැස) සහ සතිපතා ප්‍රකාශයන් තුනක් (සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ හා වාරමංජරී) සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ප්‍රකාශයට පත් කරයි. ආරම්භයේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඩී.ආර්.විජේවර්ධන විසින් පුද්ගලික සමාගමක් ලෙසින් පිහි‍ටුවන්නට යෙදුනද, 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් අංක 28 දරණ ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (විශේෂ විධිවිධාන) පනත මගින් මෙම ආයතනය රජයට පවරා ගන්නට කටයුතු කරන ලදී.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ නැතිනම් ක්‍රිෂාන්ත කුරේ යනු සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL නැතිනම් ලේක්හවුස්) වර්තමාන සභාපතිවරයා වේ. මින් පෙර ඔහු සෙලින්කෝ සමූහයේ, රිචර්ඩ් පීරිස් සමූහයේ සහ සීමාසහිත ද කැපිටල් මහාරාජා සංවිධානයේ විධායක තනතුරු දැරූ අතර, අවසානයට සඳහන් සමාගමේ රූපවාහිනී හා ගුවන් විදුලි ආයතනයන්හි ප්‍රවෘත්ති විකාශනයන් මෙහෙයවන්නට යෙදිණි. වාර්තා වන ආකාරයට ඔහු රිචර්ඩ් පීරිස් සමූහය යටතේ සීමාසහිත රිවිර මීඩියා කෝපරේෂන් (පුද්.) සමාගම පිහි‍ටුවීමේදීද ප්‍රධාන කාර්ය භාරයක් ඉ‍ටු කළ අතර, එහි ආරම්භක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ලෙසින්ද කටයුතු කරන්නට යෙදිණි. ද නේෂන් සහ රිවිර පුවත්පත් දියත් කෙරුණේ ඔහුගේ මග පෙන්වීම යටතේ විණි. 2017 දී රිවිර මගින් එහි ඉංග්‍රීසි භාෂා පුවත්පත වූ ද නේෂන් නවතා දමන්නට කටයුතු කරන ලදී.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

අභය අමරදාස සාමාන්‍යාධිකාරී ලෙසින් කටයුතු කරයි.

අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

ඩිජිටල් මාධ්‍ය කළමනාකරු ලෙස ප්‍රබුද්ධ අතුකෝරාල කටයුතු කරයි.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Associated Newspapers of Ceylon Limited

No. 35, D.R. Wijewardena Mawatha, Colombo 10

General: +9411 2 429 429, +9411 2 421 181, +9411 2 331 181

Email: dailynewsonline@lakehouse.lk

Website: www.dailynews.lk

 

 

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

වෙබ් ප්‍රකාශනයේ කළමනාකාරීත්ව ව්‍යුහය පිළිබඳ තොරතුරු ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනයෙන් සහ සෘජුවම පුවත්පත සම්බන්ධ කර ගැනීමෙන් ලබාගෙන ඇත. කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ ලබාගෙන ඇත.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ