ඩෑන් ටීවී
2008 දී ආරම්භ වූ, ඩෑන් ටීවී ලෙසින් හඳුන්වන DAN TV (Dish Asia Network) නාලිකාව, විශාල දමිළ භාෂා නාලිකා ප්‍රමාණයක් ලබාදෙන චන්ද්‍රිකා රූපවාහිනී සේවාවකි. මෙහි අන්තර්ගතයන් ලබාගැනීම සඳහා ග්‍රාහකත්ව ලියාපදිංචි වීමක් අවශ්‍ය වේ. මෙහි ඇති DAN Tamil Oli හා DAN music HD වැනි නාලිකාවන් මගින් නිරාගමික අන්තර්ගතයන් ඉදිරිපත් කරන අතර, Holymary TV සහ Ohm TV නාලිකාවක්ගෙන් පිළිවෙලින් ක්‍රිස්තියානි සහ හින්දු අන්තර්ගතයන් ඉදිරිපත් කෙරේ. එසේම ඩෑන් ටීවී මගින් Yarl TV වැනි ප්‍රාදේශීය නාලිකාවන්ද ඉදිරිපත් කෙරෙන අතර, Kalvi TV වැනි අධ්‍යාපනික අන්තර්ගතයන් ඇති නාලිකාවන්ද ඉදිරිපත් කෙරේ. මෙම නාලිකාවන්ට යාපනය, කොළඹ, යුරෝපය හා මැද පෙරදිග සිට ප්‍රවේශ වීමට හැකියාව ඇත.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
දත්ත නොමැත
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ප්‍රාදේශීය/ජාත්‍යන්තර
අන්තර්ගතයන් මාදිලිය
නැරඹීමට ගෙවිය යුතු
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත ඒ එස් කේ මීඩියා (පුද්) සමාගම
හිමිකාරීත්ව ව්‍යුහය
සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ට අනුව, සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමේ අයිතිය තිබුණේ ජමෙස්තාස් සවරිමුත්තු හට වේ. කෙසේ වුවත් දුරකථන සංවාදයක් හරහා එස්.කුහනාදන් විසින් පුද්ගලිකවම ස්ථිර කොට සිටියේ ඩෑන් ටීවී වර්තමාන හිමිකරු වන්නේ ඔහු බවයි.
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
2008
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
කුහනාදන් සභාපති සුප්පයියාහ්, නැතිනම් එස්.කුහනාදන් යනු ඩෑන් ටීවී හිමිකම ඇති සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ. ඔහු 80 දශකයේ අග භාගයේදී ප්‍රංසයට සංක්‍රමණය වී එහිදී සතිපතා පැරිස් ඊලනාදු පුවත්පත ආරම්භ කළ අතර, ඉන් පෙර ඔහු උතුරු පළාතේ බෙදා හැරුණු ඊලනාදු පුවත්පතේ සංස්කාරක ලෙසින් කටයුතු කරන ලදී. 90 දශකයේ අග භාගයේදී ඔහු ප්‍රංසය පදනම් කොටගත් පළමු දමිළ භාෂා රූපවාහිනී ආයතනය ආරම්භ කිරීමට උපකාරී විණි. එතැන් පටන් ඔහු අඩු තරමින් ජනමාධ්‍ය සමාගම් හතරක වත් අධ්‍යක්ෂ තනතුරු හොබවයි. ඒවා නම් සීමාසහිත ඩිෂ් ඒෂියා සමාගම (2002 අගෝස්තු 30- 2007 ජූනි 26), සීමාසහිත ඩිෂ් ඉන්ටර්නැෂනල් සමාගම (2003 මාර්තු 11 - 2006 ජූනි 13), සීමාසහිත ඩිශ් ඒෂියා යුරෝ සමාගම (2003 ජූනි 13 - 2006 අප්‍රේල් 11) සහ සීමාසහිත රෙමිනිසෙන්ට් ටෙලිවිෂන් (යුරෝප්) සමාගම (2000 සැප්තැම්බර් 22 - 2003 ජූලි 22) වේ. මෙම සමාගම් දැන් අභාවයට ගොස් තිබුණද, එස්.කුහනාදන් ප්‍රංසයේ ජීවත් වූ අතර මෙම සමාගම් එක්සත් රාජධානියේ ලියාපදිංචි කොට තිබුණි.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
දත්ත නොමැත
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
ජමෙස්තාස් සවරිමුත්තු - සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ට අනුව, සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමේ එකම කොටස් හිමිකරු සහ ව්‍යාපාර විධායක ලෙසින් ලෙසින් ජමෙස්තාස් සවරිමුත්තු ලැයිස්තුගත වී තිබිණි. ඔහු ව්‍යාපාර විධායක ලෙසින් පත් කෙරුණේ 2008 ජූලි 22 දින වේ. ඔහු එස්.කුහනාදන්ගේ බිරිඳගේ මාමා වන අතර, අභාවප්‍රාප්ත වී ඇත.
ලී ෂින් මේ - ඇය 2013 මාර්තු 21 දින අධ්යක්ෂවරියක් ලෙසින් පත් විණි.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
ඩෑන් ටීවී සහ සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමේ ප්‍රවේශය ඇත්තේ ඉතාම සීමිත තොරතුරු ප්‍රමාණයකට පමණි. ඩෑන් ටීවී නිල වෙබ් අඩවියෙන් සපයන්නේ නාලිකාවන් ලැයිස්තුවක් පමණි. එම නිසා නාලිකාවේ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. අවසාන වාර්ෂික වාර්තාවේ එකම කොටස් හිමිකරු ලෙසින් ජමෙස්තාස් සවරිමුත්තු ලැයිස්තුගත වී තිබුණද, මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂණ කණ්ඩායම විසින් එස්.කුහනාදන්ව සම්බන්ධ කරගැනීමෙන් පසුව දැනගත්තේ, ජමෙස්තාස් සවරිමුත්තු තවදුරටත් සමාගමේ හිමිකරු නොවන බවයි. එනිසා වර්තමානයේදී ඩෑන් ටීවී හිමිකරුවා වන්නේ එහි ආරම්භකයාද වූ එස්.කුහනාදන් වේ. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි. එස්.කුහනාදන් සමගින් කළ දුරකථන සංවාදයකදී ඔහු විසින් ප්‍රකාශ කොට සිටියේ, සමාගම ස්ථාපනය වූ සමයේදී ඔහුට තිබුණේ ප්‍රංස පුරවැසිභාවය නිසා ඔහුට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ව්‍යාපාරයක හිමිකාරීත්වය දැරීමට හැකියාවක් නොතිබුණු බවයි. කුහනාදන් හට වර්තමානයේ ද්විත්ව පුරවැසිභාවය තිබේ.