This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/23 at 23:25
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

දිවයින

සිංහල භාෂා පුවත්පතක් වන දිනපතා සහ සතිපතා දිවයින පුවත්පත්, සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගම යටතේ ප්‍රකාශයට පත්වේ. ඩේලි අයිලන්ඩ්, සන්ඩේ අයිලන්ඩ්, විදුසර සහ නවලිය යන ප්‍රකාශනයන්, දිවයින පුවත්පතේ සහෝදර ප්‍රකාශනයන් වේ. දිවයින මගින් දේශීය දේශපාලනය, විදෙස් පුවත්, ක්‍රීඩා හා විනෝදාස්වාද යන තේමාවන් යටතේ පුවත් ප්‍රකාශයට පත් කරයි. දිවයින සතිපතා පුවත්පත 6.88% ක පාඨක ප්‍රමාණයක් වෙත ලඟා වන අතර, දිවයින දිනපතා පුවත්පත 1.25 ක පාඨක ප්‍රමාණයක් වාර්තා කරයි. සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගම උපාලි විජේවර්ධන විසින් ආරම්භ කරනු ලැබූ අතර, වර්තමානයේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරන නිමල් වෙල්ගම විසින් පාලනය කරනු ලබයි.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

4.43%

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාතික

අන්තර්ගතයන් මාදිලිය

මුදල් ගෙවා ලබාගන්නා

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත උපාලි පුවත්පත් (පුද්) සමාගම

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

සීමාසහිත උපාලි නිව්ස්පේපර්ස් (පුද්.) සමාගමේ කොටස් 99.99% කම හිමිකාරීත්වය දරන්නේ සීමාසහිත උපාලි ඉන්වෙස්න්ට්මන්ට් හෝල්ඩින්ග්ස් සමාගම වන අතර, ඉතිරි කොටස් 0.01% ක හිමිකම ඇත්තේ මුරුගයියා රාමලිංගම් නමැත්තෙකුට වේ. වර්තමානයේදී සීමාසහිත උපාලි ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස් සමාගමේ අයිතිය ඇත්තේ වෙල්ගම පවුලට වේ. ලක්මිණී වෙල්ගම සමාගමේ කොටස් 90.52% ක හිමිකම දරණ අතර, ඇගේ ස්වාමි පුරුෂයා සහ වර්තමානයේ සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන නිමල් වෙල්ගමට 2.74% ක කොටස් තිබේ.

ඡන්ද අයිතිවාසිකම්

දත්ත නොමැත

තනි හිමිකරු

සමූහය / තනි හිමිකරු

මුරුගයියා රාමලිංගම්

උපාලි පුවත්පත් සමාගම අයත් වෙල්ගම පවුල සතුව කොටස් 94% ක් ඇති අතර, සුළු කොටස් හිමියන් උපාලි ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් හරහා උපාලි පුවත්පත් සමාගමෙන් කොටස් 6% ක් හිමිකරගෙන ඇත.

6%
මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

1981 - ඉරිදා දිවයින සංග්‍රහය / 1982 - දිවයින (දිනපතා)

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

උපාලි විජේවර්ධන විසින් 1978 දී සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගම ආරම්භ කරන ලදී. මෙම සමාගම මගින් 1981 දී දිවයින ඉරිදා පුවත්පත සහ අයිලන්ඩ් ඉරිදා පුවත්පත ප්‍රකාශනය ආරම්භ කරන ලදී. උපාලි විජේවර්ධන පවුලට රටේ පුවත්පත් මාධ්‍ය සමගින් සමීපව සම්බන්ධ වූ දීර්ඝ ඉතිහාසයක් තිබේ. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් උපාලිගේ ඥාති සහෝදරයා වූ රංජිත් විජේවර්ධන විසින් සීමාසහිත විජය පුවත්පත් සමාගම ආරම්භ කොට එහි සභාපතිවරයා ලෙසින් සේවය කරන්නට යෙදිණි. 1983 දී උපාලි විජේවර්ධන සිය පුද්ගලික ලියර් ජෙට් යානයෙන් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබියදී, ගුවන්ගත වී සුළු වේලාවකින් අතුරුදන් වූ අතර, ඊට සිදුවූ දෙයක් අද වන තුරුත් සොයාගැනීමට නොහැකි වුවද ඔහු නීතිමය වශයෙන් අභාවප්‍රාප්ත වූ බවට ප්‍රකාශ කෙරිණි.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගමේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින් නිමල් වෙල්ගම කටයුතු කරයි. නිමල් විවාහ වූයේ උපාලි විජේවර්ධනගේ වැන්දඹුව වූ ලක්මිණි වෙල්ගම (පෙර රත්වත්තේ) සමගිනි. ඇය, උපාලි පුවත්පත් සමූහයේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කළ දොස්තර සීවලී රත්වත්තේගේ දියණියයි. නිමල් වෙල්ගමගේ සහෝදරයා වන කුමාර වෙල්ගම, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් කටයුතු කරයි.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

ජයන්ත චන්ද්‍රසිරිගේ ඉල්ලා අස්වීමෙන් පසුව වසන්ත ලියනගේ දිනපතා දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙසින් පත්විණි. වසන්ත ලියනගේ ගේ සොයුරු ලාල් ලියනගේ වර්තමානයේදී දිවයින බෙදාහැරීම් කළමනාකරු ලෙසින් කටයුතු කරයි. මේ සමගාමීව වසන්ත ලියනගේ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ (SLPA) විධායක කමි‍ටුවේද කොටස්කරුවෙකි.

අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

මනෝජ් අබේදීර - සතිපතා ඉරිදා දිවයින නියෝජ්‍ය කර්තෘ

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Divaina Newspapers

No. 223, Bloemendhal Road, Colombo 13

Email: divaina@unl.upali.lk

Tel: +94 11 249 9750, +94 11 234 5243

Website: divaina.com/daily/

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

දිවයින පුවත්පතේ නිල වෙබ් අඩවිය ඔස්සේ එහි ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ආකෘතිය පිළිබඳ කිසිදු තොරතුරක් නොසැපයේ. තවදුරටත් සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගම සඳහා නිල වෙබ් අඩවියක්ද නොපවතී. එනිසා පොදුවේ ප්‍රවේශය ඇති ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනය කොට ඇත. සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් ‍රැස් කොටගෙන ඇත. සමාගමේ හිමිකාරීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ ඇති වඩාත්ම මෑතකාලීන දත්ත වන්නේ 2017 වසර සඳහා වන තොරතුරු වේ. වසර 2017 සඳහා පාඨක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගත් අතර, එය දිවයින සතිපතා හා දිනපතා ප්‍රකාශනයන්ගෙන් ද්විගුණ අංකයන් අඩු කිරීමෙන් ලැබුණු ගණන විණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ