This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/20 at 05:01
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

ලක්බිම

මින් පෙර සීමාසහිත සුමති පුවත්පත් (පුද්.) සමාගම ලෙසින් හැඳින්වුණු සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගම යටතේ සිංහල භාෂා දිනපතා හා සතිපතා පුවත්පත් ලෙසින් ලක්බිම හා ඉරිදා ලක්බිම ප්‍රකාශයට පත්වේ. ලක්බිම පුවත්පත් (පුද්.) සමාගම, සීමාසහිත සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්.) සමාගමේ උප සමාගමක් ලෙසින්, පසුව සඳහන් කළ සමාගමේ නිල වෙබ් අඩවියේ ලැයිස්තුගත වී ඇත. සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්.) සමාගම යනු, සෞඛ්‍ය සත්කාර, ආරක්ෂාව, තොරතුරු තාක්ෂණය, උත්සව සංවිධානය, විධිමත් ආහාර සේවා සහ සිනමා කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි පැතිරුණු උප සමාගම් සහිත සමූහයකි. තිලංග සුමතිපාල විසින් ආරම්භ කරනු ලැබූ සුමති පුවත්පත් (පුද්.) සමාගම, 1994 දී එහි සතිපතා ඉරිදා පුවත්පත ප්‍රකාශ කිරීම ඇරඹූ අතර, එයට 2.56% ක පාඨක පිරිසක් සිටී.

සතිපතා පුවත්පත ලැබූ ඉහළ ජනප්‍රියත්වයත් සමගින්, සමාගම මගින් 2000 දී ලක්බිම දිනපතා පුවත්පත ප්‍රකාශ කිරීම දක්වා මෙහෙයුම් පුළුල් කළ අතර, එයට 0.44% ක පාඨක ප්‍රතිශතයක් සිටී. කෙසේ වුවත් ඉරිදා ලක්බිම සහ දිනපතා ලක්බිම ප්‍රකාශයට පත් කෙරෙන්නේ කර්තෘ මණ්ඩල දෙකකින් වන අතර, මේ දෙක පුවත්පත් දෙකක් ලෙසින් වෙන්ව සිටී. මීට අමතරව ලක්බිම මගින් 2007 දී සතිපතා ඉංග්‍රීසි පුවත්පතක්ද ලක්බිම නිව්ස් යනුවෙන් ප්‍රකාශයට පත් කිරීම ඇරඹූ අතර, එය ඉංග්‍රීසි කථාකරනා පාඨකයින් වෙනුවෙන් විණි. වර්තමානයේදී දිනපතා මෙන්ම ඉරිදා ලක්බිම පුවත්පත් දේශීය, විදේශීය, ක්‍රීඩා හා විනෝදාස්වාද යන තේමාවන්ගේ පුවත් ආවරණය කරයි. ඉරිදා ලක්බිම මගින් ‍රැජිණ ඇතුළු ටැබ්ලොයිඩ් අතිරේක කිහිපයක්ද ගෙන එන්නේ, ගෘහණියන් සහ තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමිනි.

තම දේශපාලන ජීවිතයට සම්පූර්ණ අවධානය ලබාදීම සඳහා, තිලංග විසින් 2010 දී ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ සිය සභාපති තනතුරෙන් ඉල්ලා අස්වුණු අතර, තම අධ්‍යක්ෂ පදවියට අයත් කාර්යාලයෙන්ද ඉවත් විණි. තිලංගගේ වැඩිමහල් සොයුරු උඩ ව‍ටුවගේ ජගත් ප්‍රිය අනුර සුමතිපාල, සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ තනතුරු වලට පත් විණි. වර්තමානයේදී සමාගමේ අයිතිය ඇත්තේ ජගත් සුමතිපාල හට සහ ඔහුගේ මව වඩුආරච්චිගේ මිලිනා සුමතිපාලට වේ. මිලිනා 2016 දෙසැම්බරයේදී මියගියත්, ඇගේ නම යටතේ තවමත් සමාගමේ කොටස් ඇත. ජගත් සහ ඔහුගේ බිරිඳ සමන්තා කුමාරි සුමනපාල වර්තමානයේදී සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙසින් කටයුතු කරයි.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

1.62%

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාතික

අන්තර්ගතයන් මාදිලිය

මුදල් ගෙවා ලබාගන්නා

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්) සමාගම

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

පෙරදී සීමාසහිත සුමති පුවත්පත් (පුද්.) සමාගම ලෙසින් හැඳින්වුණු සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්) සමාගම අයත් වන්නේ සුමතිපාල පවුලට වේ. ආරම්භයේ සිටම එහි කොටස් ජගත් සුමතිපාලට (50%) හා ඔහුගේ මව මිලිනා සුමතිපාලට (50%) සම සමව අයත්ව තිබිණි. 2016 දෙසැම්බර් මාසයේ මිලිනා සුමතිපාල අභාවප්‍රාප්ත වීමෙන් පසුවද, 2017 නවතම වාර්ෂික වාර්තාවේ ඇගේ කොටස් ඇගේ නම යටතේ ලේඛනගත වී තිබිණි.

ඡන්ද අයිතිවාසිකම්

දත්ත නොමැත

තනි හිමිකරු

මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

1994 - ඉරිදා ලක්බිම / 2000 - දිනපතා ලක්බිම

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

උඩුව‍ටුවගේ ජනත් ප්‍රිය තිලංග සුමතිපාල නැතිනම් තිලංග සුමතිපාල යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු 1994 දී සීමාසහිත සුමති පුවත්පත් (පුද්.) සමාගම ආරම්භ කරන්නට යෙදිණි. පසුව 2008 දී මෙම සමාගම සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගම ලෙසින් නැවත නම් කෙරිණි. 2010 දී තම දේශපාලන වෘත්තියේ ඉදිරියට යනු වස්, තිලංග සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ ඔහු දැරූ සභාපති තනතුරින් සහ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් විණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය, බස්නාහිර පළාත් සභාවේ හිටපු සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකු ලෙසින් තිලංග සුමතිපාල ප්‍රකටය.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

උඩ ව‍ටුවගේ ජගත් ප්‍රිය අනුර සුමතිපාල නැතිනම් ජගත් සුමතිපාල, සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ සහ එහි මවු සමාගම වන සීමාසහිත සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්.) සමාගමේ සභාපතීත්වය, ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරු දරයි. ඔහු දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන යූ.ඩබ්.සුමතිපාල සහ මහජන හිතවාදිනියක වන මිලිනා සුමතිපාලගේ වැඩිමහල් පුත්‍රයා වේ. ජගත් සුමතිපාල ඔහුගේ මවගේ අභාවයෙන් පසුව 2017 වසරේදී සීමාසහිත සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්.) සමාගමේ සභාපතිවරයා ලෙසින් වගකීම් භාරගන්නා ලදී. ඔහුට සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ 50% ක කොටස් හිමිකාරිත්වය ඇත.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

සම්පත් දේශප්‍රිය දිනපතා ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ වේ.

අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

ධර්මසිරි තිලකවර්ධන බණ්ඩාර දිනපතා ලක්බිම පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ලෙසින් කටයුතු කරයි.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Lakbima Newspapers (Pvt) Limited

No. 445/1, Sirimavo Bandaranaike Mawatha, Colombo 14

General: +94 11 242 6000, +94 11 242 6025

Fax: +94 11 234 3408

Email: info@lakbima.lk, daily@lakbima.news.lk

Website: www.lakbima.lk

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

ලක්බිම පුවත්පතේ නිල වෙබ් අඩවිය ඔස්සේ හිමිකාරීත්ව ආකෘතිය, අධ්‍යක්ෂවරුන් හෝ සමාගමේ අතීතය පිළිබඳ කිසිදු තොරතුරක් නොසැපයේ. මේ අතර සීමාසහිත සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්.) සමාගමේ වෙබ් අඩවිය 2016 වසරෙන් පසු යාවත්කාලීන වී නොමැත. එනිසා තොරතුරු ලබාගැනීම සඳහා පොදුවේ ප්‍රවේශය ඇති ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනය කොට ඇත. කෙසේ වුවත් සමාගමේ වැදගත් පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ පොදු ප්‍රවේශයට විවෘත පුද්ගලික වෙබ් අඩවි ඔස්සේ එක් කොට ගන්නා ලදී. මේ අතර වසර 2017 සඳහා පාඨක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගත් අතර, එය ලක්බිම සතිපතා හා දිනපතා ප්‍රකාශනයන්ගෙන් ද්විගුණ අංකයන් අඩු කිරීමෙන් ලැබුණු ගණන විණි. සමාගමේ වර්තමාන හිමිකාරීත්වය පිළිබඳව සලකා බලන විට, මිලිනා සුමතිපාල අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඇයගේ කොටස් පැවරීම, පංගු කිරීම හෝ බූදල් හැසිරවීම පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම ගැටළුවක් ලෙසින් පවතී. සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ගොනු කොට ඇති 2017 වසර සඳහා වන වාර්ෂික වාර්තාවට අනුව, වර්තමානයේදීද මිලිනා සුමතිපාල කොටස් හිමිකරුවෙකු ලෙසින් ලැයිස්තුගතව පවතී. එසේ වුවත් 2016 දෙසැම්බර් මාසයේදී ඇය අභාවප්‍රාප්ත විණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ