නිව්ස් ෆස්ට්
News First නැතිනම් News 1st යනුවෙන් හැඳින්වෙන මෙය සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය යටතේ පවත්නා ප්‍රවෘත්ති සේවාවකි. මෙය මාධ්‍ය තුනක් - එනම් ඩිජිටල්, රූපවාහිනී හා රේඩියෝ ඔස්සේ ක්‍රියාත්මක වේ. ඩිජිටල් මාධ්‍යයයෙන් වන නිව්ස් ෆර්ස්ට් සේවාව මුලින් ආරම්භ වූයේ ethalaya.com යන නමිනි. ඒ 2007 ඔක්තෝබර් 10 වෙනිදා සිට වේ. කෙසේ වුවත් පසුව මෙහි නම newsfirst.lk ලෙසින් වෙනස් වුණි. මෙම වෙබ් අඩවිය ප්‍රධාන වශයෙන්ම සිංහල කියවන පාඨක පිරිසක් ඉලක්ක කරගනිමින් නිර්මාණය වූවද, වර්තමානයේදී එය සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් කියවන පාඨකයින් වෙනුවෙන් අන්තර්ගතයන් සපයයි. මෙම වෙබ් අඩවියේ අන්තර්ගතයන් ලිපි සහ වීඩියෝ යන දෙයාකාරයෙන්ම ඉදිරිපත් වේ. පටිගත කරන ලද අන්තර්ගතයන් සීමාසහිත එම් ටී වී චැනල් (පුද්) සමාගම යටතේ ක්‍රියාත්මක වන නාලිකාවන් ඔස්සේ දිනපතා උදෑසන 5.55 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විකාශය වේ. පුළුල්ව පැතිරුණු දේශීය පුවත් වලට අමතරව වෙබ් අඩවිය මගින් ජාත්‍යන්තර ප්‍රවෘත්ති, ව්‍යාපාර, ක්‍රීඩා හා විනෝදාස්වාද අන්තර්ගතයන් ඉදිරිපත් කරයි.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
දත්ත නොමැත
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාත්‍යන්තර
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය
හිමිකාරීත්ව ව්‍යුහය
එම්ටීවී චැනල්ස් (පුද්) සමාගම යනු ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර සමූහයක් වන සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ උප සමාගමකි. කැපිටල් මහරාජා සහ එහි උප සමාගම් තුළ ඇත්තේ සංකීර්ණ හිමිකාරීත්ව ව්‍යුහයකි. එම්ටීවී චැනල්ස් (පුද්) සමාගමේ ව්‍යුහය දෙස බැලුවහොත්, මෙහි කොටස් හිමිකාරීත්වය සමාගම් 10 ක් අත තිබේ. එනම් සීමාසහිත එම්.බී.සී නෙට්වර්ක්ස් (පුද්) සමාගම (35.34%), සීමාසහිත විෂන් ලින්ක් (පුද්) සමාගම (20.83%), එස්-ලෝන් ඉන්ඩස්ට්‍රියල් ප්ලාස්ටික්ස් (14.48%), කැපිටල් හෝල්ඩින්ග්ස් (12.95%), සීමාසහිත ජෝන්ස් ඕවර්සීස් (පුද්) සමාගම (5.45%), සීමාසහිත ස්ට්‍රැඩ්බ්‍රෝක් ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම (3.80%), සීමාසහිත බිස්නස් ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම (3.40%), සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය (2.27%), සීමාසහිත ජෝන්ස් ලෑන්ඩ් (පුද්) සමාගම (1.29%) සහ සීමාසහිත ඩෝසන් කැපිටල් (පුද්) සමාගම (0.16%) වේ. මෙම සියලුම සමාගම් වල හිමිකම් ව්‍යුහයේ කොටස් හිමිකරුවන් ලෙසින් මෙම සියලුම සමාගම් පිළිවෙලින් දැක්වේ.
උදාහරණ ලෙසින් දක්වන්නේ නම් සීමාසහිත එම්.බී.සී නෙට්වර්ක්ස් (පුද්) සමාගම හිමිකාරීත්වය ඇත්තේ කැපිටල් හෝල්ඩින්ග්ස් (94.56%) සහ සීමාසහිත විෂන් ලින්ක් (පුද්) සමාගම (5.43%) වෙත වේ. කෙසේ වුවත් විෂන් ලින්ක් හිමිකාරීත්වය ඇත්තේ සීමාසහිත ජෝන්ස් ඕවර්සීස් (පුද්) සමාගම (71.13%) සහ කැපිටල් හෝල්ඩින්ග්ස් (28.6%) වෙතයි. මේ අතර ජෝන්ස් ඕවර්සීස් හිමිකාරීත්වය ඇත්තේ කැපිටල් හෝල්ඩින්ග්ස් (43.66%), සීමාසහිත හැරිසන්ස් කලම්බු (36.42%), සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය (19.92%) සහ ආර්.රාජමහේන්ද්‍රන් (0.00003%) වෙතයි. සීමාසහිත හැරිසන්ස් කලම්බු හිමිකාරීත්වය ඇත්තේ එස්-ලෝන් ලංකා (99.99%) වෙතයි. එස්-ලෝන් ලංකා හිමිකාරීත්වය විෂන් ලින්ක් (පුද්) සමාගම (53.46%), එස්-ලෝන් ඉන්ඩස්ට්‍රියල් ප්ලාස්ටික්ස් (46.50%)වෙත තිබේ. එස්-ලෝන් ඉන්ඩස්ට්‍රියල් ප්ලාස්ටික්ස් හිමිකාරීත්වය විෂන් ලින්ක් (පුද්) සමාගම (84.2%) සහ කැපිටල් හෝල්ඩින්ග්ස් (15.79%) වෙත තිබේ. සමස්තයක් ලෙසින් ගත් විට මහාරාජා සංවිධානයේ සමාගම් 18 ක් පර්යේෂණයට ලක් කොට ඇත. මෙම සෑම සියලු සමාගමකම හිමිකාරීත්ව ව්‍යුහයේ යම් මට්ටමක කොටස් හිමිකරුවෙකු ලෙසින් කැපිටල් හෝල්ඩින්ග් සමාගම සිටී. සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ අයිතිය සෘජුවම ඇත්තේ රාජමහේන්ද්රන්වරුන්ටයි. එනම් රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් (79.95%) සහ ඔහුගේ පුත්‍රයා වන ශෂීධරන් රාජමහේන්ද්‍රන් (20.05%) වෙතයි. මෙම කොටස් ගණනය කිරීම් මගින් පෙන්නුම් කරන්නේ මෙම සමාගම් සියල්ලේම සමස්ත හිමිකාරීත්වය ඇත්තේ රාජමහේන්ද්‍රන් පවුලට බවයි.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
2007
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
සිරස ටීවී ආරම්භකයින් වන්නේ රාජන්ද්‍රම් මහාරාජා සහ රාජන්ද්‍රන් රාජමහේන්ද්‍රන් වන අතර, ඔවුන් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ආරම්භකයෙකු වූ සින්නතම්බි රාජන්ද්‍රම්ගේ පුතුන් වේ. රාජන්ද්‍රම් මහාරාජා විවාහ වූයේ පද්මා මහාරාජා සමගින් වූ අතර, ඇය 'Vati' යනුවෙන් වූ තමන්ගේම විලාසිතා සන්නාමයක් අයිති කොටගෙන සිටි, හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළ ව්‍යවසායක ප්‍රතිරූපයකි. ඇය 2016 දී අභාවප්‍රාප්ත විණි. රාජන්ද්‍රම් රාජාමහේන්ද්‍රන් විවාහ වූයේ කැනීස් රාජමහේන්ද්‍රන් සමගිනි. ඇය කැපිටල් මහරාජා සංවිධානය යටතේම වූ රූමර්ස් සැලෝන් හි ප්‍රධාන විධායක නිලධාරිනිය වේ. මෙහිදී සහෝදරවරුන් දෙදෙනාම සමාගම පාලනය සියතට ගත්තද, පසුව රාජන්ද්‍රම් මහරාජා විශ්‍රාම යන ලදී. 2018 දී රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් ගේ පුත් ශෂීධරන් රාජමහේන්ද්‍රන් සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් පත්වේ. මේ අතර රාජමහේන්ද්‍රන්ගේ දියණිය වන අංජලී රාජමහේන්ද්‍රන්, සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරයි. ප්‍රදීප් මහරාජා, එනම් රාජන්ද්‍රම් මහරාජා හා පද්මා මහරාජාගේ පුත්ද සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ක්‍රියා කරයි. 2015 දී ප්‍රදීප්, ශ්‍රී ලංකා මර්චන්ට් බෑන්ක් (MBSL) ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයටද තේරී පත්විණි.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
සුසාර දිනාල් සීමාසහිත එම්ටීවී චැනල් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. මින් පෙර ඔහු සිරස ටීවී නාලිකාවේ නාලිකා ප්‍රධානියා ලෙසින් කටයුතු කරන ලදී. එසේම ඔහු 2014 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභා මැතිවරණයටද තරග වැදුණි.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
නිව්ස් ෆර්ස්ට් සඳහා ප්‍රධානියා වන්නේ සුරංග සේනානායකයි.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
නිව්ස් ෆර්ස්ට් අධීක්ෂණය කරනා සමූහ අධ්‍යක්ෂවරයා වන්නේ ෂෙවාන් ඩැනියෙල් වේ. ඔහු මින් පෙර එක්සත් ජනපදයේ NBC News හි උපදේශකවරයෙකු ලෙසින් කටයුතු කොට ඇත. 2009 වසරේ එම්ටීවී චැනල් ආයතනයේ හා එම්බීසී නෙට්වර්ක්ස් ආයතනයේ පරිශ්‍රයට සිදුවූ ප්‍රහාරයට පසුව ඔහුව CNN මගින් සම්මුඛ සාකච්ඡාවට ලක් කෙරිණි. එයින් පසුව එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ විසින්, මෙම සිදුවීම පිළිබඳව CNN හා කරුණු දැක්වීම සඳහා ෂෙවාන්ව අත්අඩංගුවට ගන්නා ලෙසින් කියා සිටි බව වාර්තා වේ.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
News 1st, MTV Channel (Pvt) Ltd, MBC Networks (Pvt) Limited
45/3, Braybrooke Street, Colombo 2
T.P : +94 114 792 700
Fax : +94 114 792 733
Email: contact@newsfirst.lk
Website: www.newsfirst.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
නිව්ස් ෆර්ස්ට් නිල වෙබ් අඩවිය ප්‍රවෘත්ති ලබාදෙන අඩවියක් ලෙසින් ක්‍රියාත්මක වන අතර, ඒ හෙයින් එහි ඩිජිටල් මාධ්‍යයේ මෙහෙයුම් ව්‍යුහය පිළිබඳ තොරතුරු එහි ඇතුළත් නොවිණි. නිව්ස් ෆර්ස්ට් පිළිබඳ තොරතුරු මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම මගින් නිව්ස් ෆර්ස්ට් අංශය සම්බන්ධ කර ගැනීමෙන් පසුව ලියන ලදී. හිමිකාරීත්ව ව්‍යුහය පිළිබඳ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා ලබාගෙන ඇත.