ශක්ති ටීවී
ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර සමූහයක් වන සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ කොටසක් වන සීමාසහිත එම්ටීවී චැනල් (පුද්) සමාගමේ දමිළ භාෂා නාලිකාව වන ශක්තිටීවී, 1998 දී විකාශය ආරම්භ විණි. සිංහල භාෂාවෙන් විකාශය වන සිරස ටීවී සහ ඉංග්‍රීසි, සිංහල ද්විභාෂාවන්ගෙන් විකාශය වන ටීවී වන්, ශක්ති ටීවී හි සහෝදර නාලිකා වේ. එය විනෝදාස්වාද, ක්‍රීඩා, කාලීන, කුඩා දරුවන්ගේ වැඩසටහන් හා ප්‍රවෘත්ති යන අංශයන්ගේ වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. ශක්ති ටීවී නාලිකාවේ දක්නට ලැබෙනා බොහෝ විනෝදාස්වාද වැඩසටහන්, සන් ටීවී සහ ඉන්දියාවේ ස්ටාර් විජේයි නාලිකාවේ විකාශය වන වැඩසටහන් වේ. ඊට අමතරව ශක්ති ටීවී හි වැඩසටහන්, Yupp TV හරහා අන්තර්ජාලය ඔස්සේද නැරඹිය හැක.
2009 මුල් කාලයේ, යුද්ධයේ උණුසුම තදින් තිබුණු සමයේදී එම්ටීවී චැනල් (පුද්) සමාගමේ හා එම්.බී.සී. නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ පරිශ්‍රයන්ට ප්‍රහාරයක් එල්ල කළ සන්නද්ධ පිරිසක් විසින්, වාර්තා වූ ආකාරයට කාර්ය මණ්ඩලයද ගිනි අවි එල්ල කොට යටත් කොට තබාගෙන තිබූ අතර, ප්‍රධාන පාලක මැදිරියද් වනසා තිබිණි. ග්‍රවුන්ඩ් වීව්ස්, මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව, ෆ්‍රීඩම් හවුස් සහ රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් යන සංවිධාන මගින් මෙම ප්‍රහාරය සලකනු ලැබුවේ රජය හා සම්බන්ධ කණ්ඩායමකින් එල්ල වූවක් ලෙසිනි. කෙසේ වුවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙසේ රජයට එල්ල වූ චෝදනාවන් ප්‍රතික්ෂේප කරන්නට යෙදිණි.
2013 දී වර්තමාන මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර විසින්, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන්ට එරෙහිව නඩුවක් ගොනු කරන්නට කටයුතු කරනු ලැබුවේ, මාතර සිදුවුණු වාර්ගික ගැටුමක් කැපිටල් මහරාජා මාධ්‍ය මගින් ආවරණය කිරීමේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ඇවිස්සීමක් සිදුකළාය යන පදනම මතයි. කෙසේ වුවත් මාතර මහේස්ත්‍රාත් උසාවියෙන් එම නඩුව නිශ්ප්‍රභා කරනු ලැබිණි.
2018 අප්‍රේල් මාසයේදී එම්ටීවී චැනල් (පුද්) සමාගමේ හා එම්.බී.සී. නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ පරිශ්‍රයන්ට රතිඤ්ඤාද භාවිතා කරමින් ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා විණි. මෙහිදී නැගුණු චෝදනාව වූයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව නැගූ විශ්වාස භංග යෝජනාව පරාජය වීමෙන් පසු මෙම ප්‍රහාරය සිදුවූ බවයි.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
6.1%
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ විකාශය කරනු ලබන භෞමික
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය
හිමිකාරීත්ව ව්‍යුහය
එම්ටීවී චැනල්ස් (පුද්) සමාගම යනු ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර සමූහයක් වන සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ උප සමාගමකි. කැපිටල් මහරාජා සහ එහි උප සමාගම් තුළ ඇත්තේ සංකීර්ණ හිමිකාරීත්ව ව්‍යුහයකි. එම්ටීවී චැනල්ස් (පුද්) සමාගමේ ව්‍යුහය දෙස බැලුවහොත්, මෙහි කොටස් හිමිකාරීත්වය සමාගම් 10 ක් අත තිබේ. එනම් සීමාසහිත එම්.බී.සී නෙට්වර්ක්ස් (පුද්) සමාගම (35.34%), සීමාසහිත විෂන් ලින්ක් (පුද්) සමාගම (20.83%), එස්-ලෝන් ඉන්ඩස්ට්‍රියල් ප්ලාස්ටික්ස් (14.48%), කැපිටල් හෝල්ඩින්ග්ස් (12.95%), සීමාසහිත ජෝන්ස් ඕවර්සීස් (පුද්) සමාගම (5.45%), සීමාසහිත ස්ට්‍රැඩ්බ්‍රෝක් ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම (3.80%), සීමාසහිත බිස්නස් ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම (3.40%), සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය (2.27%), සීමාසහිත ජෝන්ස් ලෑන්ඩ් (පුද්) සමාගම (1.29%) සහ සීමාසහිත ඩෝසන් කැපිටල් (පුද්) සමාගම (0.16%) වේ. මෙම සියලුම සමාගම් වල හිමිකම් ව්‍යුහයේ කොටස් හිමිකරුවන් ලෙසින් මෙම සියලුම සමාගම් පිළිවෙලින් දැක්වේ.
උදාහරණ ලෙසින් දක්වන්නේ නම් සීමාසහිත එම්.බී.සී නෙට්වර්ක්ස් (පුද්) සමාගම හිමිකාරීත්වය ඇත්තේ කැපිටල් හෝල්ඩින්ග්ස් (94.56%) සහ සීමාසහිත විෂන් ලින්ක් (පුද්) සමාගම (5.43%) වෙත වේ. කෙසේ වුවත් විෂන් ලින්ක් හිමිකාරීත්වය ඇත්තේ සීමාසහිත ජෝන්ස් ඕවර්සීස් (පුද්) සමාගම (71.13%) සහ කැපිටල් හෝල්ඩින්ග්ස් (28.6%) වෙතයි. මේ අතර ජෝන්ස් ඕවර්සීස් හිමිකාරීත්වය ඇත්තේ කැපිටල් හෝල්ඩින්ග්ස් (43.66%), සීමාසහිත හැරිසන්ස් කලම්බු (36.42%), සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය (19.92%) සහ ආර්.රාජමහේන්ද්‍රන් (0.00003%) වෙතයි. සීමාසහිත හැරිසන්ස් කලම්බු හිමිකාරීත්වය ඇත්තේ එස්-ලෝන් ලංකා (99.99%) වෙතයි. එස්-ලෝන් ලංකා හිමිකාරීත්වය විෂන් ලින්ක් (පුද්) සමාගම (53.46%), එස්-ලෝන් ඉන්ඩස්ට්‍රියල් ප්ලාස්ටික්ස් (46.50%)වෙත තිබේ. එස්-ලෝන් ඉන්ඩස්ට්‍රියල් ප්ලාස්ටික්ස් හිමිකාරීත්වය විෂන් ලින්ක් (පුද්) සමාගම (84.2%) සහ කැපිටල් හෝල්ඩින්ග්ස් (15.79%) වෙත තිබේ. සමස්තයක් ලෙසින් ගත් විට මහාරාජා සංවිධානයේ සමාගම් 18 ක් පර්යේෂණයට ලක් කොට ඇත. මෙම සෑම සියලු සමාගමකම හිමිකාරීත්ව ව්‍යුහයේ යම් මට්ටමක කොටස් හිමිකරුවෙකු ලෙසින් කැපිටල් හෝල්ඩින්ග් සමාගම සිටී. සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ අයිතිය සෘජුවම ඇත්තේ රාජමහේන්ද්රන්වරුන්ටයි. එනම් රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් (79.95%) සහ ඔහුගේ පුත්‍රයා වන ශෂීධරන් රාජමහේන්ද්‍රන් (20.05%) වෙතයි. මෙම කොටස් ගණනය කිරීම් මගින් පෙන්නුම් කරන්නේ මෙම සමාගම් සියල්ලේම සමස්ත හිමිකාරීත්වය ඇත්තේ රාජමහේන්ද්‍රන් පවුලට බවයි.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
1998
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
සිරස ටීවී ආරම්භකයින් වන්නේ රාජන්ද්‍රම් මහාරාජා සහ රාජන්ද්‍රන් රාජමහේන්ද්‍රන් වන අතර, ඔවුන් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ආරම්භකයෙකු වූ සින්නතම්බි රාජන්ද්‍රම්ගේ පුතුන් වේ. රාජන්ද්‍රම් මහාරාජා විවාහ වූයේ පද්මා මහාරාජා සමගින් වූ අතර, ඇය 'Vati' යනුවෙන් වූ තමන්ගේම විලාසිතා සන්නාමයක් අයිති කොටගෙන සිටි, හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළ ව්‍යවසායක ප්‍රතිරූපයකි. ඇය 2016 දී අභාවප්‍රාප්ත විණි. රාජන්ද්‍රම් රාජාමහේන්ද්‍රන් විවාහ වූයේ කැනීස් රාජමහේන්ද්‍රන් සමගිනි. ඇය කැපිටල් මහරාජා සංවිධානය යටතේම වූ රූමර්ස් සැලෝන් හි ප්‍රධාන විධායක නිලධාරිනිය වේ. මෙහිදී සහෝදරවරුන් දෙදෙනාම සමාගම පාලනය සියතට ගත්තද, පසුව රාජන්ද්‍රම් මහරාජා විශ්‍රාම යන ලදී. 2018 දී රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් ගේ පුත් ශෂීධරන් රාජමහේන්ද්‍රන් සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් පත්වේ. මේ අතර රාජමහේන්ද්‍රන්ගේ දියණිය වන අංජලී රාජමහේන්ද්‍රන්, සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරයි. ප්‍රදීප් මහරාජා, එනම් රාජන්ද්‍රම් මහරාජා හා පද්මා මහරාජාගේ පුත්ද සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ක්‍රියා කරයි. 2015 දී ප්‍රදීප්, ශ්‍රී ලංකා මර්චන්ට් බෑන්ක් (MBSL) ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයටද තේරී පත්විණි.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
සුසාර දිනාල් සීමාසහිත එම්ටීවී චැනල් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. මින් පෙර ඔහු සිරස ටීවී නාලිකාවේ නාලිකා ප්‍රධානියා ලෙසින් කටයුතු කරන ලදී. එසේම ඔහු 2014 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභා මැතිවරණයටද තරග වැදුණි.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
ජී.වී.ප්‍රකාශ් - නාලිකා ප්‍රධානී
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
නේද්‍රා වීරසිංහ, එම්ටීවී චැනල් සහ එම්.බී.සී නෙට්වර්ක්ස් යන කැපිටල් මහරාජා මාධ්‍ය අංශයන්හි ප්‍රධාන තනතුර දරයි. ඇය සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරියක්ද වේ. මින් පෙර ඇය නෝර්ත්වෙස්ට් එයාර්ලයින්ස් හා රෝයල් ජෝර්දානියන් යන සමූහයේ ගුවන් සමාගම් පොදු අලෙවි නියෝජිත මෙහෙයුම් ද්විත්වයේ ප්‍රධාන තනතුර දරණ ලදී. ඊට අමතරව ඇය කැපිටල් මහරාජා සමූහයේ වාණිජ වශයෙන් සාර්ථක වූ පයිප්ප නිෂ්පාදන සමාගම වූ එස්-ලෝන් ලංකා හි ප්‍රධානියාද වේ.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
MBC/ MTV Channels (Pvt) Limited
45/3, Braybrook Place, Colombo-02
Tel : +94112851371
Website: shakthitv.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
ශක්ති ටීවී හෝ එය මෙහෙයවනු ලබන සමාගම වන සීමාසහිත එම්.ටී.වී.චැනල් (පුද්) සමාගමට අයත් නිල වෙබ් අඩවි ඔස්සේ එහි ආරම්භකයා හෝ සංවිධාන ව්‍යුහය පිළිබඳව කිසිදු තොරතුරක් ලබාගත නොහැක. ඒ වෙනුවට එහි නාලිකාවේ වැඩසටහන් ලැයිස්තුවක් සහ සම්බන්ධ කර ගැනීමේ තොරතුරු දක්වා සිටී. මේ අතරේ සීමාසහිත එම්.ටී.වී.චැනල් (පුද්) සමාගමේ මව් සමාගම වන සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය මගින් එහි අධ්‍යක්ෂ මණ්ඩල ලැයිස්තුවක් ඉදිරිපත් කොට සිටී. නාලිකාව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එක් රැස් කරගැනීම සඳහා ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනය කිරීමට සිදුවුණි. දුරකථන ඇමතුම් ඔස්සේ චැනලය සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව, එම සඳහන් ප්‍රධාන පුද්ගලයින් තවමත් එම තනතුරු වල සිටිනා බව තහවුරු කරගැනීමට හැකිවිණි. පරිශීලනය කළ මූලාශ්‍රයන්හි, ආරම්භකයා බොහෝ විට නම් දෙකකින් හැඳින්වේ. එම නම් දෙක වන්නේ ආර්.රාජමහේන්ද්‍රන් සහ කිලී මහරාජා යන්නයි. මෙම නම් විවිධ වාර්තා තුළ ලියැවී ඇත්තේද අක්ෂර වින්‍යාස වෙනස්කම් සහිතවය. වර්තමාන කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.