ශ්‍රී එෆ් එම්
ෂා එෆ් එම් යනු සිංහල බසින් විකාශන කටයුතු සිදුකරනා ගුවන් විදුලි නාලිකාවක් වන අතර, එය 1999 දී පිහිටුවනු ලැබුවේ සීමාසහිත එදිරිසිංහ බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම යටතේයි. එය විකාශන කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2000 දී වේ. මෙම සමාගමට සිංහල භාෂා රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනී ද අයත් වේ. 2018 වසර සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවන්ට අනුව, සමාගමේ කොටස් වලින් 59.99% ක් අයත් වන්නේ සීමාසහිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමට වන අතර, කොටස් 39.99% ක් අයත් වන්නේ සිංගප්පූරුව පදනම් කොටගත් ධන කළමනාකරණ සමාගමක් වූ සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් වෙතට වේ. සීමාසහිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ තනි කොටස් අයිතිකරු වන්නේ ඇලෙක්සිස් ඉන්ද්‍රජිත් ලොවෙල් වන අතර, සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් (පුද්) සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ පෘතුගාලයේ සමාගමක් වන Pettigo Commercio Internacional LDA වෙතයි. මෙම පෘතුගාල සමාගමට ලයිකා මොබයිල්, ලයිකා සහ ලයිකා ෆ්ලයි සන්නාමයන් අයත් වේ. මෙම සමාගම, ලංඩනයේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ජංගම දුරකථන ජාලයක් වන ලයිකා මොබයිල් හි හිමිකරු වන අල්ලිරාජා සුබාස්කරන් හා සම්බන්ධ වේ.
ඊ.ටී.අයි. ෆයිනෑන්ස් සමාගම කොටස් දෙකක් සහ රණවක ආරච්චිගේ මයිකල් ඇන්තනි ඩි සිල්වා සහ එඩිනදුර විපුල ඩි සොයිසා එක් එක් කොටස බැගින් තවමත් රඳවාගෙන සිටීමට හැකියාවක් ඇත. වර්තමාන හිමිකාරීත්ව ව්‍යුහය නිශ්චය කරගැනීම සඳහා, එහි කොටස් පැවරීමෙන් පසු ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම මෙතෙක් වාර්ෂික වාර්තාවක් ගොනු කොට නැත.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
5.99%
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ විකාශය කරනු ලබන
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම
හිමිකාරීත්ව ව්‍යුහය
ශ්‍රී එෆ් එම් පාලනය සිදුවන්නේ සීමාසහිත ඊ.ඒ.පී.බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම මගින් වන අතර, එහි බහුතර කොටස් හිමිකම 2017 වන තුරු තිබුණේ සීමාසහිත ඊ.ටී.අයි ෆයිනෑන්ස් සමාගමට වේ. 2018 මාර්තු මාසයේදී සීමාසහිත ඊ.ටී.අයි ෆයිනෑන්ස් සමාගම තමන් යටතේ තබාගෙන සිටි කොටස් 39.99% ක්, සිංහප්පූරුව පදනම් කොටගත් ධන කළමනාකරණ සමාගමක් වූ සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් (පුද්) සමාගම වෙත විකුණන්නට යෙදිණි. මේ අතරේ සීමාසහිත ඊ.ඒ.පී.බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගමේ කොටස් 59.99% ක්, ශ්‍රී ලංකාවේ ඇති සමාගමක් වන සීමාසහිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම වෙත විකිණේ. සීමාසහිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ තනි කොටස් අයිතිකරු වන්නේ ඇලෙක්සිස් ඉන්ද්‍රජිත් ලොවෙල් වන අතර, සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් (පුද්) සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ පෘතුගාලයේ සමාගමක් වන Pettigo Commercio Internacional LDA වෙතයි. මෙම පෘතුගාල සමාගමට ලයිකා මොබයිල්, ලයිකා සහ ලයිකා ෆ්ලයි සන්නාමයන් අයත් වේ. මෙම සමාගම, ලංඩනයේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ජංගම දුරකථන ජාලයක් වන ලයිකා මොබයිල් හි හිමිකරු වන අල්ලිරාජා සුබාස්කරන් හා සම්බන්ධ වේ. කෙසේ වුවත් මෙසේ කොටස් පැවරීමෙන් පසුව වාර්ෂික වාර්තාවක් ගොනු කොට නැති බැවින්, ඊ.ටී.අයි. ෆයිනෑන්ස් සමාගම කොටස් දෙකක් සහ රණවක ආරච්චිගේ මයිකල් ඇන්තනි ඩි සිල්වා සහ එඩිනදුර විපුල ඩි සොයිසා එක් එක් කොටස බැගින් රඳවා ගෙන සිටින්නේද නැද්ද යන්න අවිනිශ්චිත වේ.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
1999
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව මෙහෙයවනු ලබන සීමාසහිත ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම ආරම්භ කරන්නට යෙදුණේ එදිරිසිංහ පවුල මගිනි. 1930 දී ඊඒපී එදිරිසිංහ විසින් ස්ථාපනය කරනු ලැබූ සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් සමාගම (ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් මවු සමාගම) මුලින්ම ආරම්භ වූයේ උකස් ක්ෂේත්‍රයේයි. එයින් පසුව ව්‍යාපාරය ක්ෂේත්‍රයන් ගණනාවක් ඔස්සේ විහිදුණි. එනම් සරවන ෆයිනෑන්ස් සහ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්න්ට්මන්ට් (ETI) යන මූල්‍ය සමාගම් දෙක මෙන්ම සත්කාරක, ස්වර්ණාභරණ හා සිනමා යන ක්ෂේත්‍රයන්හි වන ව්‍යාපාරයන් වේ. ඊ.ඒ.පී.එදිරිසිංහ 1974 දී අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඔහුගේ බිරිඳ වන සෝමා එදිරිසිංහ විසින් සමාගමේ පාලනය ලබාගත් අතර, ඒ වනවිට විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන් ඔස්සේ උප සමාගම් 25 ක් දක්වා එය විහිදී තිබිණි. ඇය සිංහ සමාජයේ පළමුවෙනි දිස්ත්‍රික් සිංහාධිපතිනිය (2003-2004) වූ අතර, ජනසර පදනම වැනි පුණ්‍ය සංවිධානයන් පිහිටුවීම වැනි මානව හිතවාදී කටයුතු සඳහාද ප්‍රසිද්ධ වූවාය. 2015 දී සෝමා එදිරිසිංහ අභාවප්‍රාප්ත වීමෙන් පසු ඇගේ දරුවන් වන ජීවක, නාරල, අසංක හා දීපා ව්‍යාපාරයේ පාලනය ලබාගන්නා ලදී.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
2018 සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගත හැකි තොරතුරු වලට අනුව ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් ලැයිස්තු ගතවී ඇත්තේ මැලේසියාව පදනම් කරගත් අයෙකු වන තෝමස් මැතිව් ගේ නමයි.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
දත්ත නොමැත
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
අසංක ශ්‍රීමාල් එදිරිසිංහ - ඊඒපී හොල්ඩින්ග්ස් නිර්මාතෘගේ පුත්‍රයාද, ස්වර්ණමහල් ෆයිනෑන්ශල් සර්විසස් පීඑල්සී විධායක අධ්‍යක්ෂවරයෙකුද වේ. එසේම ඔහු සමාගම් 15 කට වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂ තනතුරු දරණ අතර, මෙයින් බොහෝමයක් ඊඒපී සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වේ. 2018 ජූලි මාසයේදි වාර්තා වන අන්දමට අසංක ශ්‍රීමාල් එදිරිසිංහ හට සහ තවත් ඊඒපී සමූහයේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ගමන් තහනමක් පනවන ලදී. 2018 ජූලි 10 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවෙන්, යටකී අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් හා දේපොළ පිළිබඳ තොරතුරු ඉල්ලමින් පොදු දැන්වීමක් නිකුත් කරනු ලැබිණි. 2018 මැයි සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගත හැකි තොරතුරු වලට අනුව, අසංක ශ්‍රීමාල් ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් දැක්වේ.
අංජලී දීපා එදිරිසිංහ - ඊඒපී සමූහ ව්‍යාපාරයන්හි නිර්මාතෘගේ බිරිඳ සහ පසුව සමූහයේ ව්‍යාපාරයන් පාලනය කළ, නැසී ගිය සෝමා එදිරිසිංහගේ දියණියයි. දීපා, අසංක ශ්‍රීමාල් අධ්‍යක්ෂ ධූරයන් දැරූ සමාගම් වලම අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරයි. 2017 දී දීපා නිවේදනය කරන්නට යෙදුණේ, ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) හරහා පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින බවටයි. එසේම වාර්තා වන අන්දමට ඇයව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කොළඹ දිස්ත්‍රික් ශ්‍රීලනිප සංවිධායක ලෙසින්ද පත් කරන්නට යෙදිණි. අසංක ශ්‍රීමාල් හට මෙන්ම දීපා හටද ගමන් තහනමක් පැනවිණි. ඊට අමතරව මහ බැංකුව විසින් දේපළ හා වත්කම් හිමිකාරීත්වයසම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලබන අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුවට ඇගේ නමද ඇතුළත් වේ. සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගත හැකි තොරතුරු වලට අනුව, ඇය ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් දැක්වේ.
ඕමාර් සිරාජ් කන්දීල් - වාර්තා වන අන්දමට ඔහු ස්විට්සර්ලන්තය පදනම් කොටගත් BlueOrchard සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටී. මෙය ලෝක ව්‍යාප්ත සමාජයීය හා පාරිසරික බලපෑම් වෙනුවෙන් ආයෝජන කටයුතු සිදුකරනා ප්රමුඛ පෙළේ සමාගමක් සහ විශේෂයෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය වැනි අඩු ආදායම් ලාභීන් සඳහා වන මූල්‍ය කටයුතු වෙත අවධානය යොමු කරනා සමාගමකි. 2018 මැයි සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගත හැකි තොරතුරු වලට අනුව, ඕමාර් ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් දැක්වේ.
දොන් සිරිල් රොද්‍රිගෝ - දොන් සිරිල් රොද්‍රිගෝ නැතිනම් සිරිල් රොද්‍රිගෝ යනු සීමාසහිත එස්-නෙට් ෆ්රේයිට් (හෝල්ඩින්ග්ස්) (පුද්) සමාගමේ ආරම්භකයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ. එය සිංග්ප්පූරුව පදනම් කොටගත් ප්‍රවාහන සමාගමකි. එසේම ඔහු මින් පෙර කැතී පැසිෆික් හි නෞභාර අලෙවි කළමනාකරු ලෙසින්ද, AEI හි අලෙවි කළමනාකරු ලෙසින්ද, Emery Worldwide හි ආසියා ශාන්තිකර උප සභාපති ලෙසින්ද තනතුරු උසුලා ඇත. 2018 මැයි සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගත හැකි තොරතුරු වලට අනුව, සිරිල් රොද්‍රිගෝ ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් දැක්වේ.
පෝල් ක්සේවියර් කෙලී - 2018 මැයි සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගත හැකි තොරතුරු වලට අනුව ඔහු ආයෝජන කළමනාකරු ලෙසින් දැක්වේ.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
EAP Broadcasting Company Limited
No.676 A2, Galle Road, Colombo 3
Tel: +947 534 534
Website: www.eapholdings.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
http://www.dailynews.lk/2018/07/07/local/156158/eti-directors-barred-leaving?page=19
http://ETI Directors barred from leaving by the Daily News (2018), Accessed on 23 August 2018
දත්ත පිළිබඳ තොරතුරු
ඊඒපී හෝල්ඩින්ග්ස් නිල වෙබ් අඩවිය මාස දෙකක් පුරාවටම ගොඩනැගෙමින් පැවතුණු අතර, එනිසා සමාගමේ වර්තමාන හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු ඒ ඔස්සේ ලබාගැනීම උගහට විණි. එනිසා මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂණ කණ්ඩායම විසින් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙන් ලබාගත් කොටස්කරුවන් පිළිබඳ තොරතුරු වලට අමතරව, පුවත්පත් වාර්තාවන් කිහිපයක්ද පරිශීලනය කරන්නට යෙදිණි. වඩාත්ම මෑතකාලීනව ලබාගත හැකි දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. කෙසේ වුවත් කොටස් පැවරීම සම්බන්ධ ලේඛනයන් වසර 2018 සඳහා ඇත. ශ්‍රී එෆ් එම් පිළිබඳ සටහනේ දැක්වෙන ලෙසට, සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් (පුද්) සමාගමට සහ සීමාසහිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමට කොටස් පැවරීමෙන් පසුව, සීමාසහිත ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම වාර්ෂික වාර්තාවක් ගොනු කොට නැත. එසේම සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් (පුද්) සමාගම සඳහා නිල වෙබ් අඩවියක් නොපවතී. සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් (පුද්) සමාගම සම්බන්ධයෙන් වන තොරතුරු ලබාගෙන ඇත්තේ සිංගප්පූරුවේ සමාගම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙනි. වසර 2017 සඳහා ශ්‍රී එෆ් එම් සඳහා ශ්‍රාවක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගන්නා ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම වෙත නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.