සියත ටීවී
සියත ටීවී අයත් වන්නේ, වර්ණම් ටීවී නාලිකාවද අයත් වන සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් (පුද්) සමාගමටයි. එහි වැඩසටහන් පෙළගැස්ම උදෑසන සංවාද වැඩස්ටහන් සහ ආගමික වැඩසටහන් වල සිට ප්‍රවෘත්ති වැඩසටහන් හා ටෙලිනාට්‍ය දක්වා විවිධ වේ. රූපවාහිනී නාලිකාවන්ට අමතරව, මෙම සමාගම සියත එෆ් එම්, රියල් එෆ් එම්, කිස් එෆ් එම් හා වර්ණම් එෆ් එම් යන ගුවන් විදුලි නාලිකාවන්ද මෙහෙයවයි. 2010 ජූලි මාසයේදී සියත ටීවී සහ ගුවන් විදුලි නාලිකා පිහිටා ඇති පරිශ්‍රය අවි ගත් පුද්ගලයින් 12 දෙනෙකුගේ ප්‍රහාරයට ලක් විණි. මෙම ප්‍රහාරය, ජාතික මාධ සංසදය, දකුණු ආසියාතික නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා පාර්ශවය වැනි ජනමාධ්‍ය සම්බන්ධ කණ්ඩායම් මගින් පුළුල්ව හෙළා දුටු අතර, මෙම ප්‍රහාරයට නිශ්චිත හේතුවක් පුවත්පත් තුළ සඳහන් නොවුණි.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
1.7%
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ විකාශය කරනු ලබන
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා (පුද්.) සමාගම
හිමිකාරීත්ව ව්‍යුහය
සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්කින්ග් (පුද්) සමාගම මගින් සියත ටීවී මෙහෙයුම් කටයුතු සිදුවන අතර, ඊට අමතරව වර්ණම් ටීවී, රියල් රේඩියෝ, කිස් එෆ් එම්, සියත එෆ් එම් සහ වර්ණම් එෆ් එම්ද එම සමාගම යටතේ ක්‍රියාත්මක වේ. සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්කින්ග් (පුද්) සමාගමේ හිමිකාරීත්වය ප්‍රධාන අශයෙන්ම ඇත්තේ කොටස් 99.99% ක අයිතිය සමගින් රොෂාන්ත කාරියප්පෙරුමට වේ. හිමාල් ලලීන්ද්‍ර හෙට්ටිආරච්චි, මල්කාන්ති ගුණරත්න, ප්‍රියන්ත රුක්මාලි කිරිආරච්චි, තිලංකා මිල්රුක්ෂි කාරියප්පෙරුම ඩි සිල්වා සහ තිමති වීරරත්න හටද එක් එක් කොටස බැගින් ඇත.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
2009
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
රොෂාන්ත කාරියප්පෙරුම සහ ප්‍රියන්ත කාරියප්පෙරුම සහෝදරයින් වන අතර, සියත ටීවී සම ආරම්භකයින්ද වේ.
රොෂාන්ත කාරියප්පෙරුම - සියත ටීවී අයත් වන්නේ සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් (පුද්) සමාගමට වන අතර, එහි හිමිකාරීත්වය දරන්නේ රොෂාන්ත කාරියප්පෙරුම වේ.
ප්‍රියන්ත කාරියප්පෙරුම - රොෂාන්ත කාරියප්පෙරුමගේ සහෝදරයා වන ප්‍රියන්ත කාරියප්පෙරුම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) හිටපු අධ්යක්ෂ ජනරාල් වරයාද වේ.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
සියත ටීවී ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරන්නේ අජාස් ශෆීක් වේ.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
ජයවීර විතානගේ, සියත ටීවී තාක්ෂණික ප්‍රධානී තනතුර දරයි.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
උදයශාන් ඉද්දමල්ගොඩ - ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකාර
ජයශ්‍රී විජේරත්න - වැඩසටහන් ප්‍රධානී
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Voice of Asia Network (Pvt) Limited
No. 117/10, Hunupitiya Lake Road, Colombo 2
Tel: +9411 2303000
Email: info@voa.lk
Website: siyathatv.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සියත ටීවී නිල වෙබ් අඩවියේ, සමාගම සහ එහි ජයග්‍රහණයන් පිළිබඳ කෙටි හැඳින්වීමක් දක්නට ලැබිණි. කෙසේ වුවත් එහි සංවිධාන ව්‍යුහය පිළිබඳව තොරතුරු නිල වෙබ් අඩවියෙන් නොසපයයි. එනිසා මෙම තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. වඩාත්ම මෑතකාලීනව ලබාගත හැකි දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා (පුද්) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.