ටීවී වන්
සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ කොටසක් වන සීමාසහිත එම්ටීවී චැනල් (පුද්) සමාගමේ ඉංග්‍රීසි හා සිංහල ද්විභාෂාවන්ගෙන් විකාශය වන නාලිකාව වන්නේ ටීවී වන් වේ. 2016 ආරම්භ වීමේ සිට, තරුණ පරපුරට වැඩසටහන් සැපයීම ඉලක්ක කොට ගත් ටීවී වන් සාපේක්ෂව නව නාලිකාවක් වේ. 2017 වසර සඳහා ලංකා අලෙවි පර්යේෂණ ආයතනයෙන් සිදුකළ ජාතික සමීක්ෂණයට අනුව, මෙම නාලිකාවට 0.7% ක ප්‍රේක්ෂක කොටසක් සිටී.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
0.7%
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ විකාශය කරනු ලබන
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය
හිමිකාරීත්ව ව්‍යුහය
එම්ටීවී චැනල්ස් (පුද්) සමාගම යනු ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර සමූහයක් වන සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ උප සමාගමකි. කැපිටල් මහරාජා සහ එහි උප සමාගම් තුළ ඇත්තේ සංකීර්ණ හිමිකාරීත්ව ව්‍යුහයකි. එම්ටීවී චැනල්ස් (පුද්) සමාගමේ ව්‍යුහය දෙස බැලුවහොත්, මෙහි කොටස් හිමිකාරීත්වය සමාගම් 10 ක් අත තිබේ. එනම් සීමාසහිත එම්.බී.සී නෙට්වර්ක්ස් (පුද්) සමාගම (35.34%), සීමාසහිත විෂන් ලින්ක් (පුද්) සමාගම (20.83%), එස්-ලෝන් ඉන්ඩස්ට්‍රියල් ප්ලාස්ටික්ස් (14.48%), කැපිටල් හෝල්ඩින්ග්ස් (12.95%), සීමාසහිත ජෝන්ස් ඕවර්සීස් (පුද්) සමාගම (5.45%), සීමාසහිත ස්ට්‍රැඩ්බ්‍රෝක් ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම (3.80%), සීමාසහිත බිස්නස් ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම (3.40%), සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය (2.27%), සීමාසහිත ජෝන්ස් ලෑන්ඩ් (පුද්) සමාගම (1.29%) සහ සීමාසහිත ඩෝසන් කැපිටල් (පුද්) සමාගම (0.16%) වේ. මෙම සියලුම සමාගම් වල හිමිකම් ව්‍යුහයේ කොටස් හිමිකරුවන් ලෙසින් මෙම සියලුම සමාගම් පිළිවෙලින් දැක්වේ.
උදාහරණ ලෙසින් දක්වන්නේ නම් සීමාසහිත එම්.බී.සී නෙට්වර්ක්ස් (පුද්) සමාගම හිමිකාරීත්වය ඇත්තේ කැපිටල් හෝල්ඩින්ග්ස් (94.56%) සහ සීමාසහිත විෂන් ලින්ක් (පුද්) සමාගම (5.43%) වෙත වේ. කෙසේ වුවත් විෂන් ලින්ක් හිමිකාරීත්වය ඇත්තේ සීමාසහිත ජෝන්ස් ඕවර්සීස් (පුද්) සමාගම (71.13%) සහ කැපිටල් හෝල්ඩින්ග්ස් (28.6%) වෙතයි. මේ අතර ජෝන්ස් ඕවර්සීස් හිමිකාරීත්වය ඇත්තේ කැපිටල් හෝල්ඩින්ග්ස් (43.66%), සීමාසහිත හැරිසන්ස් කලම්බු (36.42%), සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය (19.92%) සහ ආර්.රාජමහේන්ද්‍රන් (0.00003%) වෙතයි. සීමාසහිත හැරිසන්ස් කලම්බු හිමිකාරීත්වය ඇත්තේ එස්-ලෝන් ලංකා (99.99%) වෙතයි. එස්-ලෝන් ලංකා හිමිකාරීත්වය විෂන් ලින්ක් (පුද්) සමාගම (53.46%), එස්-ලෝන් ඉන්ඩස්ට්‍රියල් ප්ලාස්ටික්ස් (46.50%)වෙත තිබේ. එස්-ලෝන් ඉන්ඩස්ට්‍රියල් ප්ලාස්ටික්ස් හිමිකාරීත්වය විෂන් ලින්ක් (පුද්) සමාගම (84.2%) සහ කැපිටල් හෝල්ඩින්ග්ස් (15.79%) වෙත තිබේ. සමස්තයක් ලෙසින් ගත් විට මහාරාජා සංවිධානයේ සමාගම් 18 ක් පර්යේෂණයට ලක් කොට ඇත. මෙම සෑම සියලු සමාගමකම හිමිකාරීත්ව ව්‍යුහයේ යම් මට්ටමක කොටස් හිමිකරුවෙකු ලෙසින් කැපිටල් හෝල්ඩින්ග් සමාගම සිටී. සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ අයිතිය සෘජුවම ඇත්තේ රාජමහේන්ද්රන්වරුන්ටයි. එනම් රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් (79.95%) සහ ඔහුගේ පුත්‍රයා වන ශෂීධරන් රාජමහේන්ද්‍රන් (20.05%) වෙතයි. මෙම කොටස් ගණනය කිරීම් මගින් පෙන්නුම් කරන්නේ මෙම සමාගම් සියල්ලේම සමස්ත හිමිකාරීත්වය ඇත්තේ රාජමහේන්ද්‍රන් පවුලට බවයි.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
1992
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
සිරස ටීවී ආරම්භකයින් වන්නේ රාජන්ද්‍රම් මහාරාජා සහ රාජන්ද්‍රන් රාජමහේන්ද්‍රන් වන අතර, ඔවුන් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ආරම්භකයෙකු වූ සින්නතම්බි රාජන්ද්‍රම්ගේ පුතුන් වේ. රාජන්ද්‍රම් මහාරාජා විවාහ වූයේ පද්මා මහාරාජා සමගින් වූ අතර, ඇය 'Vati' යනුවෙන් වූ තමන්ගේම විලාසිතා සන්නාමයක් අයිති කොටගෙන සිටි, හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළ ව්‍යවසායක ප්‍රතිරූපයකි. ඇය 2016 දී අභාවප්‍රාප්ත විණි. රාජන්ද්‍රම් රාජාමහේන්ද්‍රන් විවාහ වූයේ කැනීස් රාජමහේන්ද්‍රන් සමගිනි. ඇය කැපිටල් මහරාජා සංවිධානය යටතේම වූ රූමර්ස් සැලෝන් හි ප්‍රධාන විධායක නිලධාරිනිය වේ. මෙහිදී සහෝදරවරුන් දෙදෙනාම සමාගම පාලනය සියතට ගත්තද, පසුව රාජන්ද්‍රම් මහරාජා විශ්‍රාම යන ලදී. 2018 දී රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් ගේ පුත් ශෂීධරන් රාජමහේන්ද්‍රන් සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් පත්වේ. මේ අතර රාජමහේන්ද්‍රන්ගේ දියණිය වන අංජලී රාජමහේන්ද්‍රන්, සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරයි. ප්‍රදීප් මහරාජා, එනම් රාජන්ද්‍රම් මහරාජා හා පද්මා මහරාජාගේ පුත්ද සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ක්‍රියා කරයි. 2015 දී ප්‍රදීප්, ශ්‍රී ලංකා මර්චන්ට් බෑන්ක් (MBSL) ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයටද තේරී පත්විණි.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
සුසාර දිනාල් සීමාසහිත එම්ටීවී චැනල් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. මින් පෙර ඔහු සිරස ටීවී නාලිකාවේ නාලිකා ප්‍රධානියා ලෙසින් කටයුතු කරන ලදී. එසේම ඔහු 2014 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභා මැතිවරණයටද තරග වැදුණි.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
රිනාස් මොහොමඩ් -ටීවී වන් නාලිකා ප්‍රධානී තනතුර දරයි.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
දත්ත නොමැත
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
TV 1
MBC/ MTV Channels (Pvt) Limited
45/3, Braybrook Place, Colombo-02
Email: talk2us@tv1.lk
Tel: +94114650750
Website: tv1.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
ටීවී වන් නිල වෙබ් අඩවියෙන් එහි ආරම්භකයා හෝ සමාගම් ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදේ. එය මගින් චැනලයේ වැඩසටහන් ලැයිස්තුවක් සහ සම්බන්ධ කර ගැනීමේ තොරතුරු පමණක් ලබාදේ. සීමාසහිත එම්.ටී.වී.චැනල්ස් (පුද්) සමාගමේ මව් සමාගම වන සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ නිල වෙබ් අඩවියේ, ටීවී වන් තම නාලිකාවක් ලෙසින් ලැයිස්තුගත කොට නොමැත. කෙසේ වෙතත් සමාගම සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව ඔවුන් පැහැදිලි කරන්නය යෙදුණේ ටීවී වන් පවත්වාගෙන යන්නේ, එහි සහෝදර නාලිකා වන සිරස ටීවී, ශක්ති ටීවී හා එම් ටීවී මෙන්ම සීමාසහිත එම්.ටී.වී.චැනල්ස් (පුද්) සමාගම මගින් බවයි. ප්‍රධාන විධායක නිලධාරියා සහ නාලිකා ප්‍රධානියා පිළිබඳ තොරතුරුඩ, සමාගම සෘජුවම සම්බන්ධ කරගැනීමෙන් ලබාගන්නා ලදී. තවදුරටත් දැනගැනීමට ලැබුණේ, නාලිකාව ආරම්භ වීමෙන් පසුව එය බොහෝ නම් වෙනස්වීම් වලට ලක් වූ අතර, එම් ටීවී ස්පෝට්ස් සහ චැනල් වන් එම නම් වලට ඇතුළත් වූ බවත්ය. කෙසේ වෙතත් 2016 සිට මෙම නාලිකාව නිල වශයෙන්ම ටීවී වන් ලෙසින් නැවත සන්නාමකරණය වී තිබිණි. සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. වසර 2017 සඳහා ප්‍රේක්ෂක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගන්නා ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.