This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/19 at 22:53
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

උදයන්

1985 දී යාපනයේ ප්‍රකාශයට පත්වූ දිනපතා උදයන් පුවත්පත ප්‍රධාන වශයෙන්ම ආමන්ත්‍රණය කොට සිටියේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වෙසෙන දමිළ භාෂාව කතාකරනා ප්‍රජාවටයි. උතුරට සහ නැගෙනහිරට බලපවත්වනා දේශීය කරුණු මෙයින් ආවරණය විණි. එසේම මෙය රටේ පොදු කරුණු, ක්‍රීඩා, විනෝදාස්වාද සහ ජාත්‍යන්තර පුවත්ද ගෙන එන ලදී. එහි සහෝදර පුවත්පත වන සුඩර් ඔලි ප්‍රකාශනය 2018 න් නැවතිණි.

පුවත්පත ඉලංගෛ තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ඊස්වරපදම් සරවනබවන් නැතිනම් ඊ.සරවනබවන් විසින් සීමාසහිත නව උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගම යටතේ විසින් ආරම්භ කළ අතර, ඊස්වරපදම්, ඔහුගේ බිරිඳ යසෝදෙයි සරවනබවන් සහ ඔහුගේ දියණිය ලක්ෂ්මී සරවනබවන් වර්තමානයේදී සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙසින් සේවය කරයි. සමාගමේ කොටස් පවුල තුළ බෙදී ගොස් ඇත.

වසර 30 කට ආසන්න සන්නද්ධ අරගය අතරේදී යාපනයේදී ප්‍රකාශනය නතර නොවුණු එකම පුවත්පත වන්නේ උදයන් වේ. ඒ යාපනය රටේ අනෙක් කොටස් වලින් වෙන් කොට අවහිර කර තිබීමත්, සම්පත් හිඟතාවයත් තිබියදීයි. සන්නද්ධ අරගලය පසුතලයේදී, මෙම ප්‍රකාශන සමාගමට තම මාධ්‍යවේදීන් කිහිප අවස්ථාවකදීම තර්ජනය කිරීම් වලට, ඝාතනයට, පැහැරගැනීම් වලට හා වධ හිංසා පැමිණවීම් වලට ලක්වනු දක්නට සිදුවිණි.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

1.00%

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාතික

අන්තර්ගතයන් මාදිලිය

මුදල් ගෙවා ලබාගන්නා

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත නව උදයන් පබ්ලිකේෂන්ස් (පුද්) සමාගම

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

සීමාසහිත නව උදයන් පබ්ලිකේෂන්ස් (පුද්.) සමාගමේ හිමිකාරීත්වය සහ පාලනය පවතින්නේ සරවනපවන් පවුල යටතේ වේ. වර්තමාන කොටස් හිමිකරුවන් වන්නේ ඊස්වරපදම් සරවනපවන් සහ යසෝතෛ සරවනපවන් වේ. ඊස්වරපදම් සරවනපවන් හට 92.31% ක කොටස් ප්‍රමාණයක් හිමි වන අතර, ඔහුගේ බිරිඳ වන යසෝතෛ සරවනපවන් හට 7.69% ක කොටස් ප්‍රමාණයක් තිබේ. 2016 වනතුරු වර්තමාන ප්‍රධාන කර්තෘ සහ හිටපු සමාගම් අධ්‍යක්ෂ මරුතප්පු වල්ලිපුරම් කානමයිල්නාදන් හට සමාගමේ කොටස් 10% ක් හිමිව තිබිණි. කෙසේ නමුත් 2016 දෙසැම්බර් ඔහුගේ අස්වීමෙන් පසු එම කොටස් යසෝතෛ සරවනපවන් වෙත පැවරිණි.

ඡන්ද අයිතිවාසිකම්

දත්ත නොමැත

තනි හිමිකරු

මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

1985

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊස්වරපදම් සරවනපවන් නැතිනම් ඊ.සරවනපවන්, සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ ආරම්භකයා හා සභාපති වේ. ඔහු වර්තමානයේ සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ කොටස් වලින් 92.31% ක හිමිකාරීත්වය ඇතිව සිටී. පාර්ලිමේන්තුව තුළ ඔහු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, සෞඛ්‍ය සහ මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යන කාරක සභාවන්ගේ සාමාජිකත්වය දරයි.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊස්වරපදම් සරවනපවන්ගේ බිරිඳ වන යසෝතෛ සරවනපවන්, සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනී ලෙසින් කටයුතු කරයි. ඇය 2012 දෙසැම්බර් මාසයේ ඇගේ ස්වාමියා කළමනාකාර අධ්‍යක්ෂ තනතුරින් ඉල්ලා අස්වුණු පසුව එම තනතුරට පත් කෙරිණි. ඇයට සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ 7.69% ක කොටස් හිමිකාරීත්වය ඇත.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

මරුදප්පු වල්ලිපුරම් කානමයිල්නාදන් උදයන් පුවත්පත 1985 ආරම්භ වූ දින සිටම එහි ප්‍රධාන කර්තෘ පදවිය දරයි. ඔහු 2016 දෙසැම්බරයේ සිට සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින්ද කටයුතු කරයි. 2001 දී ප්‍රහාරයට ලක්වූ උදයන් යාපනය කාර්යාලයේ ඒ වනවිටද සේවය කරමින් සිටි සේවකයින් අතර ඔහුද සිටියේය. ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊය අතර සන්නද්ධ ගැ‍ටුම් පැවති සමයේදී වාර්තාවන ලෙසට කානමයිල්නාදන් ආරක්ෂක හේතූන් මත කාර්යාල පරිශ්‍රය තුළ ජීවත් විණි. උදයන් පුවත්පතට සම්බන්ධ වීමට පෙරාතුව ඔහු ඊලනාඩු, දිනපති සහ වීරකේසරී පුවත්පත් සමූහය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන දමිළ භාෂා පුවත්පත් සෑම එකකම පාහේ මාධ්‍යවේදියෙකු ලෙසින් සේවය කොට තිබිණි.

අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

පරමනාදන් තේවනායගම් (ඇතැම් විට පුවත්පත් වාර්තා වල තේවනායගම් පරමනාදන් ලෙසින්ද සඳහන් වේ), මේ වනවිට උදයන් පුවත්පතේ කර්තෘ පදවියක් දරයි. 2012 දී හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය පිළිබඳ ලිපියක් පළ කිරීම හේතුවෙන් තේවනායගම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා ප්‍රශ්න කරන ලදී.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

New Uthayan Publication (Pvt) Limited

No. 361, Kasthuriyar Road, Jaffna

General: +94 21 567 9944

Fax: +94 21 222 9944

Website: newuthayan.com

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සීමාසහිත නව උදයන් ප්‍රකාශන (පුද්.) සමාගම සඳහා නිල වෙබ් අඩවියක් නොමැත. නිල පුවත්පත් වෙබ් පි‍ටුව මගින් එහි ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් නොසපයයි. එනිසා පොදුජනයාට පරිශීලනය කළ හැකි ද්විතීයික මුලාශ්‍රයන් හා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ආශ්‍රය කොට ගෙන තොරතුරු ‍රැස් කොට ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත වන්නේ 2017 වසර සඳහා වන තොරතුරු වේ. කලාතුරකින් යම් යම් අයවලුන්ගේ නම් ලියැවෙන ආකාරය වෙනස් වීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ප්‍රධාන විධායක නිලධාරියාගේ නම යශෝත සරවනපවන් ලෙසින් නැතිනම් යසෝතෛ සරවනපවන් ලෙසින් ලිවීමට ඉඩ ඇත. මීට සමාන ලෙසින් ඊස්වරපදම් යන නම ඇතැම් විට ඊස්වර පදම් යනුවෙන්ද, Lukshmee යන නම Luxmee ලෙසින්ද ලිවීමට ඉඩ තිබේ. සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් ‍රැස් කොටගෙන ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත ඇත්තේ වසර 2017 සඳහා වේ. වසර 2017 සඳහා පාඨක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගෙන ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත නව උදයන් ප්‍රකාශන (පුද්.)සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ