උදයසූරියන්

සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්) සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරෙනා උදයසූරියන් යනු, කඳුකරයේ දමිළ ප්‍රජාවට ආමන්ත්‍රණය කරනා සතිපතා දමිළ භාෂා පුවත්පතකි. එහි වාර්තාකරණය ප්‍රධාන වශයෙන්ම ජීවන රටා, දේශපාලන කරුණු සහ වතු ප්‍රජාව මුහුණ දෙන ගැටළු යන අන්තර්ගතයන්ගෙන් සැදී ඇත. වීරකේසරී පුවත්පත ප්‍රකාශයට පත් කරන සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම, සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්.) සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරු වන අතර, 59.99% ක කොටස් ඊට අයත් වේ. උදයසූරියන් වෙත නිල වෙබ් අඩවියක් නොමැති වුවත්, ඔවුන් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ අන්තර්ජාලය හරහා කටයුතු කරයි.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
0.79%
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
මුදල් ගෙවා ලබාගන්නා
මාධ්‍ය සමාගම්/සමූහයන්
වීර හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම
සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්) සමාගම
හිමිකාරීත්ව ව්‍යුහය
සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්.) සමාගම, සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම (59.99%) සහ වීරා හෝල්ඩින්ග්ස් (39.99%) වෙත අයත් වේ. සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම සෘජුව තනි තනි කොටස් ඔස්සේ නැතිනම්, වක්‍රව වෙන්සස්ලෝස් පවුල, ක්‍රිෂ්ණමූර්ති පවුල, ඥාණම් පවුල, නඩේසන් පවුල, සෙල්වනාදන් පවුල සහ සෞන්දරරාජන් පවුලට අයත් සමාගම් හරහා හිමිකාරීත්වය බෙදී ඇත. වීරා හෝල්ඩින්ග්ස් සමාගම පොන්නුස්වාමි පවුල, සෙල්ලදුරෛ හා ඉලර්ගෝ පවුල, රවිශන්කර් පවුල හා ගනේෂ්රාජා පවුලට අයත් වේ.
ඡන්ද අයිතිවාසිකම්
ඡන්ද අයිතිය ඇත්තේ කොටස්කරුවන්ට පමණි.
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
2010
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
උදයසූරියන් ප්‍රකාශනය ආරම්භකයා මෙන්ම තිනකුරල් පුවත්පතද ප්‍රකාශයට පත් කරන්නේද සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්.) සමාගම මගින් වේ. මෙම සමාගම, වීරකේසරී ප්‍රකාශයට පත් කරනා සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම යටතේ පවතී.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්.) සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වය දරණ සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසින් මුරුගේසු සෙන්තිලනාදන් කටයුතු කරයි. ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට පෙරාතුව, සෙන්තිලනාදන් සමාගමේ ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු ලෙසින්ද කටයුතු කරන ලදී. ඔහු මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිරිනැමෙන සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබ තිබේ.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
භාරතී රාජේන්ද්‍රකුමාර් උදයසූරියන් පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ලෙසින් ක්‍රියා කරයි.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්.) සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තනතුර පොන්නුස්වාමි කේසවරාජා විසින් දරයි. ඔහු, වර්තමානයේ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනා වන සෙල්ලයියා පොන්නුස්වාමි සහ වීරලක්ෂ්මීගේ පුත්‍රයා වේ. 2011 සිට පොන්නුස්වාමි කේසවරාජා සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරයි.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Asian Media Publications (Pvt) Limited
No. 68, Ellie House Road, Colombo 15
Tel: +94 11 777 8754, + 94 11 7778 764
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
උදයසූරියන් පුවත්පත සඳහා නිල වෙබ් අඩවියක් නොමැති අතර, ඔවුන් ෆේස්බුක් පිටුවක් පමණක් පවත්වා ගෙන යයි. මෙනිසා අවශ්‍ය තොරතුරු ඔවුන්ගේ එම ෆේස්බුක් පිටුවෙන්, ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්.) සමාගම මගින් දැක්වූ ප්‍රතිචාරයෙන් සහ සමාගම දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීම තුළින් ලබාගෙන ඇත. සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් රැස් කොටගෙන ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත ඇත්තේ වසර 2018 සඳහා වේ. වසර 2017 සඳහා පාඨක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගෙන ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 25 දින ප්‍රතිචාර දක්වා තිබිණි.