This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/18 at 07:07
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

වීරකේසරී

සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම මගින් ප්‍රකාශයට පත් කරන වීරකේසරී පුවත්පත ශ්‍රී ලංකාවේ පැරණිතම දමිළ පුවත්පත ලෙසින් විශාල බෙදාහැරීම් ප්‍රමාණයක්ද සමගින් ‍රැඳී සිටී. වීරකේසරී දිනපතා සහ සතිපතා සංස්කරණයන් දේශීය පුවත්, විනෝදාස්වාද, ක්‍රීඩා, ව්‍යාපාරික, විදේශ පුවත් සහ වෙළෙඳ දැන්වීම් අන්තර්ගතව ප්‍රකාශ වන අතර, පිළිවෙලින් 0.93% ක සහ 3.67% ක පාඨක ප්‍රතිශතයක් වාර්තා කර සිටී. මෙම සමාගමට කලෛකේසරී, සුගවාල්වු, වානා වානවිල්, මෙට්‍රෝ නිව්ස්, විදිවෙල්ලි, සූරියකාන්ති, ඩේලි එක්ස්ප්‍රස් (ඉංග්‍රීසි), වීක්ලි එක්ස්ප්‍රස් (ඉංග්‍රීසි) සහ මිතිරන් යනුවෙන් වන වෙනත් ප්‍රකාශනයන්ද ඇත. සූරියකාන්තන් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ කඳුකරය ආවරණය කරයි. විදිවෙල්ලි මේ අතර මුස්ලිම් ප්‍රජාවට ආමන්ත්‍රණය කරයි. තිනකුරල් සහ උදයසූරියන් සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම මගින් පාර්ශ්වික හිමිකාරීත්වය ඇති දමිළ භාෂා පුවත්පත් වේ. ඉංග්‍රීසි භාෂා ප්‍රකාශනයන් වන ඩේලි එක්ස්ප්‍රස් සහ වීක්ලි එක්ස්ප්‍රස් මෙන්ම දමිළ භාෂා පුවත්පත් වන ටැමිල් ටයිම්ස් විදේශයන්හි ප්‍රකාශයට පත්වේ. ටැමිල් ටයිම්ස් ප්‍රකාශයට පත්වන්නේ කටාර් වල වන අතර, එය බහරේන් වලද ඇත.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

2.55%

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාතික

අන්තර්ගතයන් මාදිලිය

මුදල් ගෙවා ලබාගන්නා

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්) සමාගම

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම පුද්ගලයින් හා සමාගම් 31 කට අයත් වේ. සමාගමේ කොටස් වලින් බහුතරය සෙල්වනාදන් පවුල (සීමාසහිත ෆුල්ක්‍රම් සමාගම හා සීමාසහිත නෙට්වෙස්ට් නොමිනීස් සමාගම ඔස්සේ), නඩේසන් පවුල, වෙන්සෙස්ලෝස් පවුල, ඥාණම් පවුල (සීමාසහිත සවුත් ඒෂියන් ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම ඔස්සේ) සහ සෞන්දරරාජන් පවුල (සීමාසහිත කේ.එම්.කේ.හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම හා කේ.එම්.කලෛ අප්පපිල්ලෛ සහ සමාගම ඔස්සේ) අත ඇත.

ඡන්ද අයිතිවාසිකම්

ඡන්ද අයිතිය ඇත්තේ කොටස්කරුවන්ට පමණි.

තනි හිමිකරු

මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

1947 - වීරකේසරී දිනපතා / 1930 - වීරකේසරී සතිපතා

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

පී.පී.ආර්.සුබ්‍රමනියම් චෙට්ටියාර් යනු ඉන්දියාවේ, තමිල් නාඩුවේ, අවානිපට්ටි ග්‍රාමයෙන් පැමිණි ව්‍යවසායකයෙකු සහ ජනමාධ්‍යවේදියෙකු වේ. ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය ලංකාවට සංක්‍රමණය වූ ඔහු ඉන්දියානු කම්කරුවන්ගේ තත්වය දු‍ටු අතර, ඔවුන් වෙනුවෙන් සමානාත්මතාවය සහ යුක්තිය ලබාගැනීමට හඬ නගනු වස් පුවත්පතක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී. මෙසේ 1930 දී සුබ්‍රමනියම් විසින් වීරකේසරී ස්ථාපිත කළ අතර, ඔහු එහි ප්‍රධාන කර්තෘ ලෙසද ක්‍රියාකාරී විණි. ඊට අමතරව සුබ්‍රමනියම් විසින් මැලේසියාවේ රබර් වතු ආරම්භ කළ අතර, සිංගප්පූරුවේ ඉඩකඩම් සඳහාද ආයෝජනය කරන ලදී.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

මුරුගේසු සෙන්තිල්නාදන් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට උසස් වීමට පෙර, එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ලෙසින් සේවය කරන ලදී. ඔහු මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලබන ලදී.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

එස්.ශ්‍රීකාජන් දිනපතා වීරකේසරී පුවත්පතේ ප්‍රධාන කර්තෘ වේ. ඔහු ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සන්ධානයේ (SLTMA) ක්‍රියාකාරිකයෙකු ලෙසින්, සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික ඇතුළු විවිධ නිලතලයන් දරා ඇත.

අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

සිවකුමාර් නඩේසන් නැතිනම් කුමාර් නඩේසන් යනු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) වත්මන් සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමය නියෝජනය කරයි. මීට අමතරව කුමාර් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ (PCCSL) මාණ්ඩලික අධ්‍යක්ෂකවරයෙකු ලෙසින්ද කටයුතු කරයි. එසේම කුමාර් එක්ස්ප්‍රස් නිවුස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ සහ සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින්ද සේවය කරයි.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Express Newspapers (Ceylon) (Pvt) Limited

No. 185, Grandpass Road, Colombo 14

Tel: +94 11 732 2700, +94 11 732 2777

Website: www.virakesari.lk

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

වීරකේසරී පුවත්පතේ සහ සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ නිල වෙබ් අඩවි මගින් පුවත්පතේ ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදේ. එනිසා ද්විතීයික මූලාශ්‍රයන් මෙන්ම, සමාගම මගින් ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසින් ලබාදුන් තොරතුරුද පර්යේෂණ ක්‍රියාවලිය අතරතුරදී පරිශීලනය කොට ඇත. සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් ‍රැස් කොටගෙන ඇත. වසර 2017 සඳහා පාඨක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගත් අතර, එය වීරකේසරී සතිපතා හා දිනපතා ප්‍රකාශනයන්ගෙන් ද්විගුණ අංකයන් අඩු කිරීමෙන් ලැබුණු ගණන විණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 20 දින ප්‍රතිචාර දක්වා තිබිණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ