ආර්ථිකය
මිලියන 21.4 ක ජනගහනයක් හා වසර 2017 දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4065 ක් ලෙස පිළිබිඹු කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් රටක් ලෙස පිළිගැනෙනු ලැබේ. 2009 වර්ෂයේ දී සන්නද්ධ ගැටුම් නිමාවීමෙන් පසුව රටේ ආර්ථිකය වසරකට 5.8% ක සාමාන්‍ය අනුපාතයකින් වර්ධනය වී තිබේ. ආර්ථිකයේ ආධිපත්‍යය ග්‍රාමීය ආර්ථිකය මත පදනම් වූවක් වන අතර, එය ක්‍රමිකව නිෂ්පාදන හා සේවා කෙරෙහි යොමු වෙමින් නාගරික ආර්ථිකයක් දක්වා සංක්‍රමණය වෙමින් පවතී. වසර 2015 දී ළඟා වීමට නියමිතව උන් සහස්‍ර සංවර්ධන ඉලක්කයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉක්මවීමට සමත් වීම හේතුවෙන්, එම වසරේ මානව සංවර්ධන දර්ශකයේ 73 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ජනමාධ්‍ය අංශයේ දායකත්වය පිළිබඳ තොරතුරු දුලභ වීම දිගින් දිගට ම දක්නට ලැබෙන තත්වයකි. ආරම්භක ගාස්තුවක් නොමැති වීම සහ නව මුද්‍රණ ශීර්ෂයන් පිළිබඳ වෙනත් සීමාවන් නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුද්‍රිත වාර ප්‍රකාශනයක් ආරම්භ කිරීමට සෑහෙන තරම් පහසු ව ඇති නමුත් ස්ථාපනය කිරීමෙන් අනතුරුව මෙකී ආයතනයන්හි වාණිජමය ශක්‍යතාවන් පිළිබඳ ගැටළු උද්ගත වීම දක්නට ලැබෙන්නකි. රටේ බොහෝ මාධ්‍ය ආයතන මෙහෙයුම් අලාභයක් පවත්වාගෙන යන බව වාර්තා වුවද, රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේ ම ප්‍රමාණවත් විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම අපහසු වී තිබේ. බදු මෙහෙයුම් ප්‍රතිපත්ති සහ ප්‍රචාරක කර්මාන්තයේ දේශපාලන ආර්ථිකය හේතුවෙන් මෙම මෙහෙයුම් අපහසුතා සාමාන්‍යයෙන් පැන නගී. වසර ගණනාවක් තිස්සේ මාධ්‍ය සමාගම් විසින් පුවත්පත්වල ඉහළ පිරිවැය, විවිධ ආනයන බදු සහ අනෙකුත් බදු වර්ග තම මෙහෙයුම්වලට ගැටලුකාරී ලෙස බලපාන බවට ඉස්මතු කොට දක්වා ඇත.
මාධ්‍ය සමාගම් තම කර්මාන්තය සඳහා වන විශේෂිත බදු සහන කිසිවක් නොලබන අතර පුවත්පත් මුද්‍රණ කටයුතු, මුද්‍රණ තීන්ත හෝ විකාශන උපකරණ සඳහා වරණීය ආනයන බදු සහන ලබන්නේ ද නැත. කෙසේ වෙතත්, රාජ්‍ය මාධ්‍ය ආයතන එවැනි ද්‍රව්‍යය සඳහා ආනයන තීරු බදු සහනවලින් වරින්වර ප්‍රතිලාභ ලබති.
ශ්‍රී ලංකාවේ මුද්‍රිත හා විකාශන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විශාලතම ආදායම් උත්පාදන මාර්ගය වන්නේ දැන්වීම් ප්‍රචාරණයයි.වසර 2014 දී නීල්සන් (ශ්රී ලංකා) ආයතනය විසින් ඇස්තමේන්තුගත කර ඇති අන්දමට රාජ්‍ය හා පුද්ගලික දෙඅංශයම ඇතුළුව ශ්‍රී ලංකාවේ සමස්ත ඇස්තමේන්තුගත ප්‍රචාරණ වියදම රුපියල් බිලියන 77ක් (එසේත් නැතිනම් ඇමරිකානු ඩොලර් මිලියන 477 ක්) බවට ගණනය කරනු ලැබ සිටී. මෙහිදී තනි විශාලතම දැන්වීම්කරුවා වශයෙන් දැන්වීම් ප්‍රචාරණ ආර්ථිකයෙන් 70% ක් පමණ රාජ්‍යය විසින් පාලනය කෙරෙයි. එ මගින්, රජයේ මුද්‍රිත හා විකාශන ආයතනයන්හි සංසරණයන් හෝ ප්‍රේක්ෂක ඇගයුම්වල තත්ත්වයන් කෙසේ වුවත්, ඓතිහාසිකව රාජ්‍ය ප්‍රචාරණයේ සැලකිය යුතු කොටසක් එකී ආයතනයන් වෙත ලැබී තිබිණි. පෙර පැවති රජය යටතේ සැලකිය යුතු ලෙස, රජයේ අරමුදල් දේශපාලනඥයන් සහ දේශපාලන ව්‍යාපෘති ප්‍රචලිත කිරීම සඳහා යෙදවීම නව මට්ටමකට ලඟා විය. 2015 ජනවාරියේදී සිය ඡන්දයෙන් පසුව, මෙම ක්‍රියාව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය ආයතනවලට උපදෙස් දුන්නේය. මීට පෙර රජය තමාට විරුද්ධ වූ ඕනෑම පෞද්ගලික මාධ්‍ය ආයතනයක රාජ්‍ය වෙළඳ දැන්වීම් ඉවත් කිරීමේ අවදානමට ලක් වූ එබැවින්, බොහෝ පෞද්ගලික මාධ්‍ය සමාගම් රජයට පක්ෂපාතීව කටයුතු කිරීමට දිරි ගන්වනු ලැබී ය.
මූලාශ්‍රය
Nielsen. Advertising Expenditure- Gain Insight into Ad Spend
Retrieved from Nielsen on 25 July 2018.
Secretariat for Media Reforms. Rebuilding Public Trust- An assessment of the media industry and profession in Sri Lanka. (2016).
Retrieved from Media Support on 25 July 2018.
World Bank in Sri Lanka. Overview.
Retrieved from the World Bank on 25 July 2018.