දේශපාලනය
වසර 1948 පෙබරවාරි 04 වන දින බ්‍රිතාන්‍යයන්ගෙන් ස්වාධීනත්වය අත්පත් කරගත් ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. කෙසේවෙතත්, 1972 වන තෙක් එය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු ව්‍යුහය පිළිබිඹු කරමින් ඩොමීනියන් රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක විය.රටේ වත්මන් රාජ්‍ය ව්‍යුහයෙන් වැඩි කොටසක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මිත අතර එතුළින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය ස්ථාපිත කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය අනුව මධ්‍යම රජය මෙහෙයවීම පාර්ලිමේන්තුව හා කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කරනු ලබයි. වර්තමානයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර කැබිනට් මණ්ඩලය සාමාජිකයින් 42 දෙනෙකුගෙන් සමන්විත ය. මේ අතර පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඔස්සේ ප්‍රාදේශීය මට්ටමින් බෙදාහරින ලද හෝ අභි-නියෝජිත බලතල ද ක්‍රියාවට නැංවෙනු ලබයි.
සුවිශේෂ ජනාධිපතිවරණයක් ලෙස සැලකුණු 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ හයවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. ‘යහපාලනය‘ පිළිබඳ සංකල්පය මත පදනම් වූ ඔහුගේරජය පෙර පැවති රජයට සාපේක්ෂව තියුණු වෙනසක් ස්ථාපිත කිරීමට අදහස් කළ බැව් දක්නට ලැබිණ. විශේෂයෙන්ම ඔහුගේ මැතිවරණ ප්‍රකාශනය තුළ,රට තුළ ස්වාධීන සේවාවක් සැපයීම සඳහා ජන මාධ්‍යය සඳහා පසුබිම නිර්මාණය කරන බවට දක්වා තිබුණු අතර ඒ වෙනුවෙන් පාලක පක්ෂයේ ප්‍රචාරක අවියක් ලෙස රාජ්‍ය මාධ්‍යය යොදා ගැනීම වහාම නතර කරන බවට සඳහන් පොරොන්දුවක් ද විය. මේ තත්ත්වය සාමාන්‍ය වශයෙන් සුබදායී වාතාවරණයක් නිර්මාණය කළ අතර මාධ්‍යවේදීන් පැහැරගැනීම් සහ බියවැද්දීම් කිහිපයක් සම්බන්ධව පසුගිය රජයට චෝදනා පැවතීම එයට හේතුපාදක විය.
රජය වෙනස් වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ප්‍රකාශන නිදහස, ලෝක ප්‍රකාශන නිදහස පිළිබඳ දර්ශකයේ ඒකක 24 ක් පෙරමුණට පැමිණ තිබේ. වසර 2015 දී අදාල දර්ශකයේ ලකුණු 141ක් වාර්තා කරනු ලැබූ ශ්‍රී ලංකාව වර්තමානය වන විට 131 වන ස්ථානය තෙක් ඉහළට පැමිණ ඇත.
රාජ්‍ය මාධ්‍ය ආයතන පිළිබඳ සංකල්පය රට තුළ නව්‍ය වශයෙන් ස්ථාපනය වූවක් නොවේ. උදාහරණයක් වශයෙන්, වසර 1973 දී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නම් දේශීය පුවත්පත් ආයතනය ජනසතු කරන ලද අතර වර්තමානය වන විටත් එම සමාගම (ලේක්හවුස් නමින් හැඳින්වෙන ආයතනය) රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතී.
කෙසේ වුවද රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතින මාධ්‍ය ආයතන පිළිබඳ විවේචනය එල්ල වී තිබෙන්නේ දේශපාලනීකරණය වූ අන්තර්ගතයන් හෝ පාලක පක්ෂයේ අදහස් බෙදා ගැනීම නිසාවෙනි.
උදාහරණයක් වශයෙන් වාර්තා වන අන්දමට 2018 ඔක්තෝබර් 26 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති මගින් හදිසියේ රාජ්‍ය මාධ්‍ය ආයතන අල්වා ගැනීමක් සිදුවිණි. මෙය සිදුවුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහව ඉවත් කර මහින්ද රාජපක්ෂව එම තනතුරට පත්කිරීමෙන් පසුවය. පසුව 2019 නොවැම්බර් 04 වන දින ජනාධිපති ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව 2019 නොවැම්බර් 14 වන දින තෙක් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන ලද අතර, පසුව 2019 නොවැම්බර් 09 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. එසේ වුවත් ජනාධිපති විසින් කළ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ව්‍යවස්ථා විරෝධී බව, 2019 දෙසැම්බර් 13 වන දින ශ්‍රේෂ්ටාධිකරණය ඒකමතිකව තීන්දු කරන ලදී. 2019 දෙසැම්බර් 16 දින ජනාධිපති විසින් නැවත රනිල් වික්‍රමසිංහව අගමැති ධූරයට පත් කොට දින 51 ක් පුරා වූ දේශපාලන අවුල අවසන් කරන ලදී.
පෞද්ගලික හිමිකාරීත්වය යටතේ ඇති මාධ්‍ය ආයතන ද සෑම විටම දේශපාලන බලපෑමෙන් මිදී නැත. දේශපාලනික බලපෑම් සහිත සහ සම්බන්ධිත පවුල්වලට අයත් ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා මෙන්ම මුද්‍රිත ප්‍රකාශන ආයතන ද හඳුනාගත හැකි ය. පුවත්පත් සහ විකාශන සමාගම්වලට දේශපාලනඥයන් සමඟ ප්‍රසිද්ධියේ සම්බන්ධ විය නොහැකි නමුත්, එම ආයතනවල මව් සමාගම් දේශපාලනික වශයෙන් බලවත් පුද්ගලයින්ගේ සමීපතම ඥාතීන් විසින් අයිතිකර ගැනෙනු හෝ කළමනාකරණය කෙරෙනු දැකිය හැකි ය.
මූලාශ්රයන්
Cabinet Office Sri Lanka. Present Cabinet.
Retrieved from Office of the Cabinet of Ministers- Sri Lanka on 27 July 2018.
International Federation of Journalists, (2015). Press Freedom in South Asia 2014-2015.
Retrieved from The Freedom Frontier on 27 July 2018.
Lake House. Our History.
Retrieved from Lake House on 27 July 2018.
Parliament of SriLanka. Party Composition of Parliament.
Retrieved from Parliament of Sri Lanka on 27 July 2018.
Perera, G. (2015). The Maharaja and The Political Media Mafia.
Retrieved from Colombo telegraph on 27 July 2018.
Secretariat of the Constitutional Assembly Sri Lanka. Constitutional History.
Retrieved from Constitutional Assembly on 27 July 2018.