අල්ලිරාජා සුබාස්කරන්
අල්ලිරාජා සුබාස්කරන්, සීමාසහිත ලයිකා මොබයිල් යූකේ හි සභාපති සහ බහුතර කොටස් හිමිකරුවා වන අතර, ලයිකා මොබයිල් ව්‍යාපාර සමූහයේ ආරම්භකයා ලෙසට ඔහු Lycamoney, Lycatel සහ Lycafly සමාගම් වලද සභාපතිවරයා වේ. ප්‍රංසයට සංක්‍රමණය වූ අල්ලිරාජාගේ ලයිකාමොබයිල් සමාගම ජාත්‍යන්තර දුරකථන ඇමතුම් කාඩ්පත් සමාගමක් ලෙසින් ආරම්භ වූ අතර, යුරෝපයේ රටවල් 23 කට වඩා ප්‍රමාණයකටත්, ඇමරිකාවේ ප්‍රදේශ කිහිපයකටත් ව්‍යාප්ත විණි. 2006 එහි ආරම්භයේ සිට වසර 10 ක කාලයක් තුළ් ලයිකාමොබයිල් සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.8 ක පිරිවැටුපක් වාර්තා කරන බව කියැවේ. 2010 දී අල්ලිරාජා විසින් තම මව වන ඥාණම්බිකායි අල්ලිරාජා සහ තම බිරිඳ වන ප්‍රේමා (ප්‍රේමන්දර්ශිණී) සුබාස්කරන් සමගින් ඥාණම් පදනම ආරම්භ කරන ලදී. මෙම පදනම මගින් පහසුකම් නැති ප්‍රජාවන්හි ජීවනෝපාය හා අධ්‍යාපනය දියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා අරමුදල් සපයයි.
ව්‍යාපාරය
විදුලි සංදේශ
Lycamobile
Lycachat
මූල්‍ය සේවාවන්
Lycaremit
ගුවන් ගමන් හා සංචාරක
Lycafly
ජංගම දුරකථන සේවා
Lycatalk
Lycatel
රූපවාහිනී නාලිකා ධාරක පහසුකම් (හොස්ටින්ග්)
LycaTV
ලොතරැයි
Lycalotto
සිනමා නිෂ්පාදන
Lyca Productions
පවුලේ අය හා මිතුරන්
පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
ප්‍රේමදර්ශණී සුබාස්කරන් - අල්ලිරාජා සුබාස්කරන්ගේ බිරිඳයි. 2007 සිට 2017 වන තුරු පෘතුගාලය පදනම් වූ සමාගමක් වන හි බහුතර කොටස් හිමිකාරිනිය වූයේ ඇයයි. මෙම සමාගම Lycamovie, Lycamobile, Lycafly වැනි අල්ලිරාජාගේ ලයිකා සමාගම් සමූහයේ බොහෝ සන්නාමයන්ගේ හිමිකම දරයි. 2016 මැයි මාසයේදී ඇය LycaHealth හි අධ්‍යක්ෂිකාවක් ලෙසින්ද ලැයිස්තුගතව තිබිණි.
වැඩිදුර තොරතුරු
The Immigrant Phone Card Seller Making The Bollywood Movie You Have To See, Forbes (2017), Accessed on 22 September 2018
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් සමාගම අත් කොට ගැනීමේදී අල්ලිරාජා සුබාස්කරන්ගේ සම්බන්ධවීම 2018 පුවත්පත් වාර්තා කිහිපයකම සාකච්ඡා වී තිබිණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් හි වාර්ෂික වාර්තාවන් ඔස්සේ දැනුවත් වූයේ, ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් හි කොටස් 39.99% ක් සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් (පුද්) සමාගම මගින් මිලදී ගෙන ඇති බවයි. 2017 දී සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් (පුද්) සමාගමේ හිමිකාරීත්වය තිබුණේ Pettigo Comercio Internacional Lda වෙත වූ අතර, එය අයත් වූයේ අල්ලිරාජාගේ බිරිඳ ප්‍රේමදර්ශණී සුබාස්කරන්ටයි. අල්ලිරාජා සුබාස්කරන් විසින් ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් මිලදී ගත් බවට විශ්වාසනීය වාර්තාවන් පර්යේෂණ ක්‍රියාවලිය අතරතුරදී ලබාගැනීමට නොතිබුණි. එසේම ශ්‍රී ලංකාවේ අල්ලිරාජාගේ වෙනත් ව්‍යාපාර මෙහෙයුම් පිළිබඳ තොරතුරුද ලබාගැනීමට නොතිබුණි.