ක්‍රිෂ්ණමූර්ති පවුල
ක්‍රිෂ්ණමූර්ති පවුලට සාමූහිකව ගත් විට සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස් වලින් 20.63% ක් අයත් වේ. ක්‍රිෂ්ණමූර්ති රත්නම් රවීන්ද්‍රන් නැතිනම් කේ.ආර්.රවීන්ද්‍රන් ප්‍රින්ට්කෙයාර් පී.එල්.සී හි සම-ආරම්භක, ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ වන අතර, ඔහුට එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් සමාගමේ කොටස් 15.22% ක හිමිකාරීත්වය තිබේ. රවීන්ද්‍රන් හට මුද්‍රණ හා ඇසුරුම් කර්මාන්තයේ වසර හතළිහකට වැඩි අත්දැකීම් තිබේ. ඊට අමතරව, 2015-2016 දී ජාත්‍යන්තර ලාභ නොලබන සංවිධානයක් වන ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති තනතුරට පත් පළමු ශ්‍රී ලාංකිකයා බවටද රවීන්ද්‍රන් පත් විණි. ඉන් පෙර රවීන්ද්‍රන් ජාත්‍යන්තර රොටරි සමාජයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් සහ රොටරි පදනමේ භාරකරුවෙකු ලෙසින්ද කටයුතු කොට ඇත. ඔහුට ප්‍රශංසනීය සේවය සඳහා රොටරි පදනමේ නම් කිරීමද, කීර්තිමත් සේවා සම්මානයද, පෝලියෝවෙන් තොර ලෝකයක් සඳහා සේවා සම්මානයද පුදදී ඇත. එසේම රවීන්ද්‍රන් ශ්‍රී ලංකාවේ විශාලතම මත්ද්‍රව්‍ය-විරෝධී සංවිධානය වන ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය-විරෝධී සංගමයේ ආරම්භක සභාපතිවරයාද වේ. 2017 දී ඔහුට ශ්‍රී ලංකා රජයෙන් ශිඛාමණී ජාතික ගෞරව අභිධානය පවරන්නට යෙදිණි.
රවීන්ද්‍රන් විවාහ වූයේ වානධී රවීන්ද්‍රන් සමගින් වන අතර, ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. රවීන්ද්‍රන්ගේ පුත් ක්‍රිෂ්ණා රවීන්ද්‍රන් වර්තමානයේදී ප්‍රින්ට්කෙයාර් පී.එල්.සී හි සාමාන්‍යාධිකාරී ලෙසින් කටයුතු කරන අතර, එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස් 0.68% ක හිමිකාරීත්වයද දරයි. එසේම සීමාසහිත ප්‍රින්ට්කෙයාර් ඉන්දියා (පුද්) සමාගමේ සහ සීමාසහිත වෙයිරොන් මීඩියා සර්විසස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ ලෙසින්ද රවීන්ද්‍රන් කටයුතු කරයි.
ක්‍රිෂ්ණමූර්ති රත්නම් රවීන්ද්‍රන්ගේ සොයුරු මනෝ ක්‍රිෂ්ණමූර්ති මනෝහරන්, සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස් 4.42% කට හිමිකම් කියනා අතර, සීමාසහිත ප්‍රින්ට්කෙයාර් ඉන්දියා (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුරද දරයි. එසේම සීමාසහිත වෙයිරොන් මීඩියා (පුද්.) සමාගමේ සහ සීමාසහිත GMI සවුත් ඒෂියා (පුද්) සමාගමේ අධ්‍යක්ෂ තනතුරද ඔහු දරයි.
ව්‍යාපාරය
මුද්‍රණ හා ඇසුරුම්කරණ
ප්‍රින්ට්කෙයාර් පී එල් සී
පවුලේ අය හා මිතුරන්
පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
ක්‍රිෂ්ණමූර්ති රත්නම් රවීන්ද්‍රන් - ක්‍රිෂ්ණමූර්ති රත්නම් රවීන්ද්‍රන් නැතිනම් කේ.ආර්.රවීන්ද්‍රන් ප්‍රින්ට්කෙයාර් පී.එල්.සී හි සම-ආරම්භක, ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ වේ. 2015-2016 දී ජාත්‍යන්තර ලාභ නොලබන සංවිධානයක් වන ජාත්‍යන්තර රොටරි සමාජයේ 105 වන සභාපතිවරයා ලෙසින් සේවය කළ රවීන්ද්‍රන්, ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති තනතුරට පත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් විණි.
ක්‍රිෂ්ණා රවීන්ද්‍රන් - ක්‍රිෂ්ණමූර්ති රත්නම් රවීන්ද්‍රන්ගේ පුත් ක්‍රිෂ්ණා රවීන්ද්‍රන් වර්තමානයේදී ප්‍රින්ට්කෙයාර් පී.එල්.සී හි සාමාන්‍යාධිකාරී ලෙසින් කටයුතු කරන අතර, එසේම සීමාසහිත ප්‍රින්ට්කෙයාර් ඉන්දියා (පුද්) සමාගමේ සහ සීමාසහිත වෙයිරොන් මීඩියා සර්විසස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ ලෙසින්ද රවීන්ද්‍රන් කටයුතු කරයි.
මනෝ ක්‍රිෂ්ණමූර්ති මනෝහරන් - ක්‍රිෂ්ණමූර්ති රත්නම් රවීන්ද්‍රන්ගේ සොයුරු මනෝ ක්‍රිෂ්ණමූර්ති මනෝහරන්, වර්තමානයේදී සීමාසහිත ප්‍රින්ට්කෙයාර් ඉන්දියා (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුර දරයි. එසේම ඔහු සීමාසහිත වෙයිරොන් මීඩියා (පුද්.) සමාගමේ සහ සීමාසහිත GMI සවුත් ඒෂියා (පුද්) සමාගමේ අධ්‍යක්ෂ තනතුරුද දරයි.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ සහ වීරකේසරී පුවත්පතේ නිල වෙබ් අඩවි මගින් සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු නොසපයයි. එනිසා සමාගම සහ එහි ප්‍රකාශනයන් පිළිබඳ තොරතුරු එක් රැස් කර ගැනීම සඳහා ද්විතීයික මූලාශ්‍රයන් අවශ්‍ය විණි. සමාගමේ කොටස් කරුවන් පිළිබඳ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ ලබාගෙන ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. ක්‍රිෂ්ණමූර්ති රත්නම් රවීන්ද්‍රන් පිළිබඳ තොරතුරු විවෘතව ලබාගැනීමට තිබුණද, අනෙකුත් වැදගත් පුද්ගලයින් පිළිබඳ තොරතුරු හිඟ විණි. ක්‍රිෂ්ණමූර්ති යන නම සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් දත්ත තුළ පවා Krishnamoorthi ලෙසින් මෙන්ම Krishnamoorthy ලෙසින්ම ලියැවී තිබිණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 20 දින ප්‍රතිචාර දක්වා තිබිණි. එසේ වුවත් ඔවුන් ලබාදුන් දත්තද ඉතා සීමිත වූ බැවින් ද්විතියික මූලාශ්‍රයන් පරිශීලනය අවශ්‍ය විණි.