This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/24 at 20:37
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

නවරත්නසාමි පවුල

නවරත්නසාමි පවුල

ලංකාශ්‍රී හිමිකාරීත්වය දරණා සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමේ කොටස් 100% ක හිමිකාරීත්වය නවරත්නසාමි පවුලට තිබේ. මයූරන් නවරත්නසාමි සහ ආරුමුගම් නවරත්නසාමි යන දෙදෙනාම සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමේ කොටස් 50% ක් බැගින් හිමිකොටගෙන සිටී. කෙසේ වුවද, 2018 සැප්තැම්බර් 18 වන දින මයුරන් සහ ඔහුගේ පියා වන ආරුමුගම් නවරත්නසාමි, ස්මාර්ට් නෙට්වර්ක් පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂක ධූර දරන්නේ නැත. මයූරන් නවරත්නසාමි නැතිනම් සංජේ, 2003 වසරේ සිට ලංකාශ්‍රී ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. ඔහුට ශ්‍රී ලංකාවේ ලංකා ශ්‍රී හි කොටස් 50% ක අයිතිය තිබෙනා අතර, සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම හරහා ඔහුගේ පියා වන ආරුමුගම් නවරත්නසාමි හට ඉතිරි 50% ක කොටස් අයිතිය ඇත. ශ්‍රී ලංකාවේ ලංකාශ්‍රී අයිතිකරු සහ ප්‍රධාන විධායක නිලධාරියා වීමට අමතරව, මයූරන් සීමාසහිත ලංකාශ්‍රී සමාගම, සීමාසහිත මැංගෝ ට්‍රී ටෙක්, සීමාසහිත සිඟිති, සීමාසහිත එරිත්මැට් නෙට්වර්ක් සහ සීමාසහිත ස්ටාර් මාර්කටින්ග් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් හි අධ්‍යක්ෂ ලෙසින්ද ලැයිස්තුගත වී ඇතැයි එක්සත් රාජධානියේ සමාගම් මැදුර කියයි. මයූරන් විවාහ වී සිටින්නේ නදීෂා සෙව්වන්දි නවරත්නසාමි සමගිනි. එක්සත් රාජධානියේ සමාගම් මැදුරට අනුව, 2018 මාර්තු 27 වන දින එක්සත් රාජධානියේ  ලියාපදිංචි වී ඇති ලංකාශ්‍රී ආයතනයේ එකම කොටස් හිමිකරුවා  ලෙස නදීෂා පත්වෙයි. 2018 මාර්තු 27 දින  ලංකාශ්‍රී එක්සත් රාජධානියේ ආයතනයේ එකම කොටස් හිමිකරුවා ලෙස  ටැමිල් මීඩියා ලිමිටඩ් පත්වෙයි. එක්සත් රාජධානියේ සමාගම් මැදුර පවසන් පරිදි ශ්‍රී ලංකික පැට්‍රික් ඩේවිඩ් නිරාජ් සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ලන්ඩන් ටැමිල් මිඩියා ආයතනයේ එකම හිමිකරුවා වෙයි.

මාධ්‍ය සමාගම්/සමූහයන්
මාධ්‍ය විකාශයන්/ප්‍රකාශනයන්
කරුණු

ව්‍යාපාරය

නොදනී

සීමාසහිත මැංගෝට්‍රී ටෙක්

පවුලේ අය හා මිතුරන්

පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

මයූරන් නවරත්නසාමි - මයූරන් නවරත්නසාමි නැතිනම් සංජේ, 2003 වසරේ සිට ලංකා ශ්‍රී ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. මයූරන් නවරත්නසාමි සීමාසහිත ලංකාශ්‍රී සමාගම, සීමාසහිත මැංගෝ ට්‍රී ටෙක්, සීමාසහිත සිඟිති, සීමාසහිත එරිත්මැට් නෙට්වර්ක් සහ සීමාසහිත ස්ටාර් මාර්කටින්ග් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් හි අධ්‍යක්ෂ ලෙසින්ද ලැයිස්තුගත වී ඇතැයි එක්සත් රාජධානියේ සමාගම් මැදුර කියයි. සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමේ කොටස් 50% ක් හිමිකොටගෙන සිටී.

වැඩිදුර තොරතුරු

සිරස්තල

දත්ත නොමැත

දත්ත පිළිබඳ තොරතුරු

නවරත්නසාමි පවුල සම්බන්ධයෙන් ලබාගැනීමට ඇත්තේ ඉතාම සීමිත තොරතුරු ප්‍රමාණයකි. සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමේ නිල වෙබ් අඩවියක් නොමැති අතර, ලංකා ශ්‍රී ප්‍රවෘත්ති වෙබ් අඩවිය තුළද නවරත්නසාමි පවුල සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොවේ. එනිසා ද්විතීයික මූලාශ්‍ර පරිශීලනය කොට ඇත. සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ ලබාගෙන ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ.අධ්‍යක්ෂක තනතුරු වල වෙනස පිලිබඳ තොරතුරු ලබාගත්තේ 2018 සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගිනි.
තවදුරටත් වැදගත් පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ ෆේස්බුක් හා ලින්ක්ඩ්-ඉන් සමාජ ජාල වෙබ් අඩවි ගිණුම් ඔස්සේ ලබාගෙන ඇත. මීට අමතරව මයූරන් නවරත්නසාමි සහ නදීෂා සෙව්වන්දි මයූරන් සම්බන්ධයෙන් දත්ත ලබාගැනීමට එක්සත් රාජ්‍යයේ සමාගම් මැදුරෙන් තොරතුරු එක් ‍රැස් කොටගෙන ඇත.

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ