This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/23 at 10:15
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

රේනෝ සිල්වා

රේනෝ සිල්වා

රේනෝ සිල්වා යනු ශ්‍රී ලංකාවේ විකාශන මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය ව්‍යාපාරිකයෙකි. වර්තමානයේ ඔහු රටේ විශාලතම ගුවන් විදුලි ජාලය ලෙසින් සැලකෙන සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ සභාපතිවරයා වේ. එය සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ කොටසකි. එසේම ඔහුට, සීමාසහිත ස්කයිලයින් පැසි‍ෆික් රියල් එස්ටේට් (පුද්) සමාගම සහ සිංගප්පූරු විලාසිතා වෙළඳ ලේබලයක් වන 'Raoul' හා නියෝජිතයෙකු ලෙසින් කටයුතු කිරීමේ ගිවිසුමක් සහිත සීමාසහිත වයිට් ලෝටස් ෆැෂන්ස් (පුද්) සමාගමේ කොටස් හිමිකාරීත්වය තිබේ. මින් පෙර රේනෝ ජාත්‍යන්තර වෙළඳ ප්‍රචාරණ සංගමයේ (IAA) ශ්‍රී ලංකා පාර්ශවයේ සභාපති ලෙසින්ද කටයුතු කොට ඇත.

මාධ්‍ය සමාගම්/සමූහයන්
මාධ්‍ය විකාශයන්/ප්‍රකාශනයන්
කරුණු

ව්‍යාපාරය

සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගම (100%)

දේපළ වෙළඳාම්

සීමාසහිත ස්කයිලයින් පැසි‍ෆික් රියල් එස්ටේට් (පුද්) සමාගම (99.9%)

විලාසිතා

සීමාසහිත වයිට් ලෝටස් ෆැෂන්ස් (පුද්) සමාගම

වෙබ් නිර්මාණකරණ

සීමාසහිත ලෝටස් ටෙක්නොලජීස් (පුද්) සමාගම

පවුලේ අය හා මිතුරන්

පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

වින්සන්ට් සිල්වා - වින්සන්ට් සිල්වා සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. ඔහු රෙනෝ සිල්වාගේ සහෝදරයා වේ.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

රේනෝ සිල්වා පිළිබඳ තොරතුරු බොහෝමයක් සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ සහ සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමේ නිල වෙබ් අඩවිය ඔස්සේ ‍රැස් කොටගෙන ඇත. රෙනෝ සිල්වා ට අයත් සමාගම් වල කොටස් හිමිකාරීත්ව ව්‍යුහය පිළිබඳ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් ‍රැස් කොටගෙන ඇත.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ