වෙන්සස්ලෝස් පවුල
වෙන්සස්ලෝස් පවුල සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා)(පුද්.) සමාගමේ කොටස් වලින් 15.97% ක හිමිකාරීත්වය දරයි. 2016 ජූනි මස අභාවප්‍රාප්ත වූ මයිකල් ඥාණප්‍රගාසම් වෙන්සස්ලෝස් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් හි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින්ද, සීමාසහිත නිර්මාල් පේපර් කන්වර්ටර්ස් (පුද්.) සමාගමේ හිටපු සභාපති ලෙසින්ද, සීමාසහිත නිර්මාල් ප්‍රින්ටර්ස් (පුද්.) සමාගමේ හිටපු සභාපති ලෙසින්ද කටයුතු කරන ලදී. ඔහුගේ බිරිඳ වූ සෙලීන් අරුන්දතී වෙන්සස්ලෝස් සමගින් ඔහුට දියණියන් තිදෙනෙකු සිටී. ඒ නිර්මලා, ශ්‍යාමලා හා ප්‍රෙමිලා වේ. නිර්මලා ඇලෝසියස් (පෙර වෙන්සස්ලෝස්) වර්තමානයේ නිර්මාල් ප්‍රින්ටර්ස් (පුද්) සමාගමේ සභාපතිනිය වේ. ඇය ජෙෆ්‍රි ඇලෝසියස් හා විවාහ වී සිටින අතර, ඔවුන්ගේ පුතු වන අර්ජුන ඇලෝසියස් සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වේ. අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ මාමණ්ඩිය සහ හිටපු මහ බැංකු අධිපති වන අර්ජුන මහේන්ද්‍රන්ව "බැඳුම්කර වංචාව" සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් මගින් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ඇත. වර්තමානයේදී මෙම දෙදෙනාට නගා තිබෙන චෝදනාව වන්නේ, රජයට ඇමරිකානු ඩොලර් මිලියන 11 ක් පාඩු කරමින් 2015-2016 කාලය අතරතුරදී බැඳුම්කර වෙන්දේසි අයුතු ලෙසින් මෙහෙයවීමයි.
මයිකල් ඥාණප්‍රගාසම් වෙන්සස්ලෝස්ගේ හා සෙලීන් අරුන්දතීගේ දෙවෙනි දියණිය වන ශ්‍යාමලා අමිත්රාජ් විවාහ වූයේ ජනප්‍රිය ඉන්දීය ටෙනිස් ක්‍රීඩකයෙකු හා නළුවෙකු වන විජේයි අමිත්රාජ් සමගිනි. ශ්‍යාමලා හා විජේයි හට ප්‍රකාශ් හා වික්‍රම් නමින් පුතුන් දෙදෙනෙකි. තම පියාගේ අඩි පාරේ යමින් ප්‍රකාශ් අමිත්රාජ්ද ජනප්‍රිය ටෙනිස් ක්‍රීඩකයෙකු වී සිටී. සෙලීන් හා මයිකල් වෙන්සස්ලෝස්ගේ තුන්වන දියණිය වූ ප්‍රෙමිලා වෙන්සස්ලෝස් අශෝක් වෘත්තියෙන් වෛද්‍යවරියකි.
පවුලේ අය හා මිතුරන්
පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
Michael Gnanapragasam Wenceslaus – Former Managing Director of Express Newspapers, former Chairperson of Nirmal Paper Converters (Pvt) Limited and Nirmal Printers (Pvt) Limited. Shareholder at Express Newspapers (Ceylon) (Pvt) Limited. Passed away in 2016.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ සහ වීරකේසරී පුවත්පතේ නිල වෙබ් අඩවි මගින් සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු නොසපයයි. එනිසා ද්විතීයික මූලාශ්‍රයන් මෙන්ම, සමාගම මගින් ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසින් ලබාදුන් තොරතුරුද, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ ලබාගත් තොරතුරුද පරිශීලනය කොට ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. කෙසේ වුවත් වෙන්සස්ලෝස් පවුල සම්බන්ධයෙන් ද්විතීයික මූලාශ්‍ර ඔස්සේ ලබාගත හැකි තොරතුරුද ඉතාම සීමිත වේ. අදාළ පුද්ගලයින්ගේ ෆේස්බුක් ගිණුම්, ලින්ක්ඩ්-ඉන් ප්‍රොෆයිල සහ මරණ දැන්වීම් ඔස්සේ වෙන්සස්ලෝස් පවුල පිළිබඳ තොරතුරු එක් රැස් කර ගැනිණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 20 දින ප්‍රතිචාර දක්වා තිබිණි.