This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/19 at 13:04
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL)

සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL)

සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL) නැතිනම් ලේක් හවුස් සමූහය රටේ පැරණිතම සහ විශාලතම පුවත්පත් ප්‍රකාශන ආයතනයකි. වර්තමානයේදී ලේක් හවුස් මගින් දිනපතා ප්‍රකාශන හතරක් (ඩේලි නිව්ස්, දිනමිණ, තිනකරන් සහ ‍රැස) සහ සතිපතා ප්‍රකාශනය තුනක් (සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ, වාරමංජරී) ඉංග්‍රීසි, සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ප්‍රකාශය කරයි. ලේක් හවුස් ආයතනය ඩී.ආර්.විජේවර්ධන විසින් පිහි‍ටුවනු ලැබූ අතර, ලේක්හවුස් ආයතනය පිහිටා ඇති මාර්ගය ඔහුගේ නමින් නම් කොට ඇත. 1956 වසරේ ඔහුගේ මරණින් පසුව, එහි කර්තෘ ප්‍රතිපත්ති පාලනය කරන්නට යෙදුණේ ඔහුගේ බෑණා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ විසිනි. 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් අංක 28 දරණ ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (විශේෂ විධිවිධාන) පනත මගින් මෙම ආයතනය රජයට පවරා ගන්නට කටයුතු කරන ලදී. එහි පළමු සභාපතිවරයා ලෙසින් ඒ.කේ.ප්‍රේමදාස පත්කරනු ලැබිණි. වර්ථමානයේ  ලේක් හවුස් ආයතනයේ කොටස් හිමිකරුවන් 99 දෙනෙකු සිටින අතර, ඊට මහා භාරකාර දෙපාර්තමේන්තුව සහ ආයතන 10 හා පුද්ගලයින් 88 ක්ද වේ. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ආයතනය ජනසතු කිරීමට පෙර කොටස් හිමිකම් තිබූ, ආයතනයේ ආරම්භකයාට නෑදෑකම් ඇතියවුන් වේ. ඒ අතර කොටස් 0.19% ක හිමිකම ඇති වර්ථමාන අගමැති රනිල් වික්‍රමසිංහ, කොටස් 0.57 ක හිමිකම ඇති විජය පුවත්පත් ආයතනයේ අයිතිකරු වන රංජිත් සුජීව විජේවර්ධන වේ. මෙහි කොටස් වලින් 87.56% ක් රජය වෙනුවෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ ඇති මහා භාරකාර ලේකම් සන්තකයේ තිබේ. මෙම ආයතනය අයත් වන්නේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂය පථයටයි. ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (විශේෂ විධිවිධාන) පනත මගින් මහා භාරකාර තැන හට උක්ත සඳහන් කොටස්, සමූපකාර සමිති නීතිය යටතේ ලියාපදිංචි වූ සමිති, සමිති ආඥාපණත යටතේ ලියාපදිංචි වූ සමිති, වෘත්තිය සමිති ආඥා පණත යටතේ ලියාපදිංචි වූ වෘත්තිය සමිති, පොදු සංස්ථාවන්, ක්‍රියාකාරී මාධ්‍යවේදීන් හා ලේක්හවුස් ආයතනයේ සේවය කරනා අනෙකුත් අයවලුන් ඇතුළු මජහනයාට නිකුත් කිරීමට විධිවිධාන සලසයි. කෙසේ වුවත් මෙම සඳහන් අයවලුන් හට පුවත්පත් ප්‍රකාශන හා මුද්‍රණ ක්ෂේත්‍රයන්හි නියුතු අනෙකුත් සමාගම් අයත් නොවේ. ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර පනතට අනුව කිසිදු තැනැත්තෙකු කොටස් 2% කට වඩා අයත් නොකරගත යුතු අතර, එමගින් හිමිකාරීත්වය එක් අයෙකු හෝ කිහිප දෙනෙකු අත නොපවතින බව තහවුරු කෙරේ. කෙසේ වුවත් මාධ්‍ය ක්ෂේත්‍රයෙන් එල්ල කෙරුණු පීඩනය මෙන්ම ව්‍යවස්ථාපිතයට අනුව පුළුල් පදනමකින් යුතු වූ හිමිකාරීත්වය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කෙරුණු නඩු තිබියදී වුවත්, මහා භාරකරුගෙන් මහජනතාවට කොටස් පැවරුම සිදු නොවිණි. ව්‍යවස්ථාපිතය මගින් විශාල පුවත්පත් ආයතනයක හිමිකාරීත්වය බලාත්මකව රජයේ මඟපෙන්වීම සහිත ආයතනයක පාලනය යටතට ගොනු කරයි.

ප්‍රධාන කරුණු

ව්‍යාපාර ආකෘති පත්‍රය

රජයට අයත්

නෛතික ආකෘති පත්‍රය

පුද්ගලික සීමිත වගකීම් සමාගම

ව්‍යාපාරික ක්ෂේත්‍රයන්

මුද්‍රණ හා ප්‍රකාශන

හිමිකාරීත්වය

තනි හිමිකරු

රජය

මහා භාරකාර දෙපාර්තමේන්තුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂය පථය යටතට පැමිණේ. මහා භාරකාර තැන වෙත, අර්ථලාභීන්ගේ සහ/හෝ මහජනතාවගේ පරම සුභසිද්ධිය සඳහා වන නෛතික රාමුව තුළ අවසන් කැමැති පත්‍රයන්, ප්‍රදායකයින්ගේ බූදල් යෝජනා (මුදල් හා/හෝ දේපළ), පුණ්‍ය අරමුදල් වල ප්‍රදායකයින් පිළිගැනීම සඳහා විශ්වාසය තැබේ.

87.6%

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කෙරුණු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකාවේ ජාතික තෙල් සහ ගෑස් සමාගම ලෙසින් ක්‍රියාත්මක වේ.

1.8%
මාධ්‍ය විකාශනය
Other Media Outlets

වෙනත් මුද්‍රිත ප්‍රකාශනයන්

ඩේලි නිව්ස් (0.57%)

වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්

http://www.lakehouse.lk/

කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භ කළ වසර

1926

ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්

දොන් රිචඩ් විජේවර්ධන නැතිනම් ඩී.ආර්.විජේවර්ධන 1926 දී ලේක්හවුස් පුවත්පත් ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේද ප්‍රමුඛ චරිතයක් විණි. ඔහු ලංකා ජාතික සංගමයේ ලේකම් ලෙසින් තේරී පත්වීමෙන් අනතුරුව, 1913 දී දේශපාලන පිටියට පිවිසිණි. 1914 දී විජේවර්ධන විසින් ඔහුගේ සහෝදරයාද සමග සිංහල භාෂා දිනපතා පුවත්පතක් වූ දිනමිණ අත්පත් කොටගත් අතර, ඉන් අනතුරුව දිනපතා ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වූ දි සිලෝනීස් ද අත්පත් කොටගෙන, එය 'සිලෝන් ඩේලි නිව්ස්' ලෙසින් නැවත නම් කරන ලදී. ඉන් පසුව දමිළ භාෂා දිනපතා පුවත්පතක් තිනකරන්ද ආරම්භ විණි. 1926 දී මෙම පුවත්පත් සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL) යටතේ ඒකාබද්ධ කෙරිණි. මෙම ආයතනය වර්තමානයේදී රජයට අයත් වන අතර, ඩේලි නිව්ස්, දිනමිණ, තිනකාන්, ‍රැස, සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ හා වාරමංජරී යන පුවත්පත් හත ප්‍රකාශයට පත් කරයි.

ඩී.ආර්. විජේවර්ධනගේ පුත් රංජිත් විජේවර්ධන විජය පුවත්පත් සමාගමේ විධායක හිමිකරුවා වේ.

ඩී.ආර්. විජේවර්ධනගේ මුනුබුරා වන්නේ රුවන් විජේවර්ධන වේ. ඔහු වර්තමාන ආරක්ෂක රාජ්‍ය ඇමති වේ.

ඩී.ආර්. විජේවර්ධනගේ මුනුබුරා වන සුජාන් විජේවර්ධන වර්තමාන නියෝජ්‍ය සභාපති වේ.

රනිල් වික්‍රමසිංහ ඩී.ආර්. විජේවර්ධනගේ මුනුබුරෙකි. ඔහු වර්තමාන අගමැතිවරයා ද එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වේ.

ශාන් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහගේ සහෝදරයා වන අතර ඔහු මාධ්‍ය ආයතනයක් වන ටෙල්ෂාන් නෙට්වර්ක් පුද්ගලික සමාගමේ (TNL) වර්තමාන සභාපතිවරයා වේ.

උපුල් විජේවර්ධන ඩී.ආර්. විජේවර්ධනගේ බෑනා වන අතර උපාලි පුවත්පත් සමාගමේ නිර්මාතෘවරයා වේ.

ජේ.ආර්. ජයවර්ධන ඩී.ආර්. විජේවර්ධනගේ බෑනා වන අතර ඔහු ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වේ.

සේවා නියුක්තයින්

දත්ත නොමැත

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Associated Newspapers of Ceylon Limited

No 35, D.R. Wijewardena Mawatha, Colombo 10

General: +9411 2 429 429, +9411 2 421 181, +9411 2 331 181

Email: info@lakehouse.lk

Website: lakehouse.lk

බදු අංකය/හඳුනා ගැනීමේ අංකය

PB114

මූල්‍ය තොරතුරු

ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)

0.14 Mio. $ / 20.6 Mio. LKR

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

0.02 Mio. $ / 2.54 Mio. LKR

කළමනාකාරීත්වය

විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්

ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ නැතිනම් ක්‍රිෂාන්ත කුරේ යනු සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL නැතිනම් ලේක්හවුස්) වර්තමාන සභාපතිවරයා වේ. මින් පෙර ඔහු සෙලින්කෝ සමූහයේ, රිචර්ඩ් පීරිස් සමූහයේ සහ සීමාසහිත ද කැපිටල් මහාරාජා සංවිධානයේ විධායක තනතුරු දැරූ අතර, අවසානයට සඳහන් සමාගමේ රූපවාහිනී හා ගුවන් විදුලි ආයතනයන්හි ප්‍රවෘත්ති විකාශනයන් මෙහෙයවන්නට යෙදිණි. වාර්තා වන ආකාරයට ඔහු රිචර්ඩ් පීරිස් සමූහය යටතේ සීමාසහිත රිවිර මීඩියා කෝපරේෂන් (පුද්.) සමාගම පිහි‍ටුවීමේදීද ප්‍රධාන කාර්ය භාරයක් ඉ‍ටු කළ අතර, එහි ආරම්භක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ලෙසින්ද කටයුතු කරන්නට යෙදිණි. ද නේෂන් සහ රිවිර පුවත්පත් දියත් කෙරුණේ ඔහුගේ මග පෙන්වීම යටතේ විණි. 2017 දී රිවිර මගින් එහි ඉංග්‍රීසි භාෂා පුවත්පත වූ ද නේෂන් නවතා දමන්නට කටයුතු කරන ලදී.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (පුද්) සමාගමේ නිල වෙබ් අඩවිය තුළ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ යම් තොරතුරු පෙන්වීම හැරෙන්නට එහි කළමනාකරණ ව්‍යුහය පිළිබඳ අඩංගු වන්නේ සීමිත තොරතුරු ප්‍රමාණයකි. එම නිසා අවශ්‍ය දත්ත සම්පාදනය කොට ගැනීම උදෙසා ද්විතීයික මූලාශ්‍ර පරිශීලනය කිරීමට සිදුවිණි. සමාගමේ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු (කොටස්) මෙන්ම මූල්‍යමය දත්තද ලබාගැනීමට නොතිබුණි. සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් ‍රැස් කොටගෙන ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත වන්නේ 2016 වසර සඳහා වන තොරතුරු වේ. වසර 2017 සඳහා පාඨක දත්ත ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගෙන ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (පුද්) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ