This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/28 at 19:27
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්) සමාගම

සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්) සමාගම

සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්) සමාගම පුද්ගලික සමාගමක් ලෙසින් 1970 දී ලියාපදිංචි කෙරුණු අතර, ඒ මගින් ජනප්‍රිය දමිළ භාෂා පුවත්පතක් වන වීරකේසරී ප්‍රකාශයට පත් කෙරේ. මෙම සමාගම මේ වනවිට දමිළ භාෂා ප්‍රකාශනයන් සහ වෙබ් අඩවි කිහිපයක් පවත්වා ගෙන යයි. එහි ඩේලි එක්ස්ප්‍රස් සහ වීක්ලි එක්ස්ප්‍රස් යනුවෙන් ඉංග්‍රීසි භාෂා ප්‍රකාශනයන් දෙකක්ද, ටැමිල් ටයිම්ස් යනුවෙන් දමිළ භාෂා පුවත්පතක්ද ඇති අතර මේවා විදේශයන්හි ප්‍රකාශයට පත්වේ. එසේම මෙම සමාගම, දමිළ භාෂා පුවත්පත් වන තිනකුරල් හා උදයසූරියන් ප්‍රකාශයට පත් කරනා සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්) සමාගමේ 59.99% ක කොටස් ද අයත් කොටගෙන සිටී.

ප්‍රධාන කරුණු

ව්‍යාපාර ආකෘති පත්‍රය

පුද්ගලික

නෛතික ආකෘති පත්‍රය

පුද්ගලික සීමිත වගකීම් සමාගම

ව්‍යාපාරික ක්ෂේත්‍රයන්

මුද්‍රණ හා ප්‍රකාශන

හිමිකාරීත්වය
මාධ්‍ය විකාශනය
Other Media Outlets

වෙනත් මුද්‍රිත ප්‍රකාශනයන්

මෙට්‍රෝ (දිනපතා) (0.24%)

වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්

http://www.virakesari.lk/

කරුණු

මාධ්‍ය ව්‍යාපාරය

ප්‍රකාශන

ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස්(59.99%)

http://(59.99%)

සාමාන්‍ය තොරතුරු

ආරම්භ කළ වසර

1930

ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්

පී.පී.ආර්.සුබ්‍රමනියම් චෙට්ටියාර් යනු ඉන්දියාවේ, තමිල් නාඩුවේ, අවානිපට්ටි ග්‍රාමයෙන් පැමිණි ව්‍යවසායකයෙකු සහ ජනමාධ්‍යවේදියෙකු වේ. ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය ලංකාවට සංක්‍රමණය වූ ඔහු ඉන්දියානු කම්කරුවන්ගේ තත්වය දු‍ටු අතර, ඔවුන් වෙනුවෙන් සමානාත්මතාවය සහ යුක්තිය ලබාගැනීමට හඬ නගනු වස් පුවත්පතක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී. මෙසේ 1930 දී සුබ්‍රමනියම් විසින් වීරකේසරී ස්ථාපිත කළ අතර, ඔහු එහි ප්‍රධාන කර්තෘ ලෙසද ක්‍රියාකාරී විණි. ඊට අමතරව සුබ්‍රමනියම් විසින් මැලේසියාවේ රබර් වතු ආරම්භ කළ අතර, සිංගප්පූරුවේ ඉඩකඩම් සඳහාද ආයෝජනය කරන ලදී.

සේවා නියුක්තයින්

දත්ත නොමැත

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Express Newspapers (Ceylon) (Pvt) Limited

No. 185, Grandpass Road, Colombo 14

Tel: +94117322700, +94117322777

Website: encl.lk

බදු අංකය/හඳුනා ගැනීමේ අංකය

PV3125

මූල්‍ය තොරතුරු

ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)

5.44 Mio. $ / 830 Mio. LKR

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

කළමනාකාරීත්වය

විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්

සිවකුමාර් නඩේසන් නැතිනම් කුමාර් නඩේසන් යනු එක්ස්ප්‍රස් නිවුස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වේ. ඔහු ඔහු සමාගමේ සෘජු කොටස් හිමිකරුවෙකි. ඊට අමතරව තිනකුරල් හා උදයසූරියන් පුවත්පත් ප්‍රකාශයට පත් කරනා සීමාසහිත එක්ස්ප්‍රස් පුවත්පත් සමාගම හරහා ඔහු සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්) සමාගමේද කුඩා කොටස් ප්‍රමාණයකට හිමිකම් කියයි. ඔහු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) වත්මන් සභාපතිවරයා වේ.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ නිල වෙබ් අඩවි මගින් පුවත්පතේ ආරම්භකයා පිළිබඳ සීමාසහිත තොරතුරු ප්‍රමාණයක් සපයයි. කෙසේ වුවත් සමාගමේ සියලුම මුද්‍රිත ප්‍රකාශන හා අන්තර්ජාල අඩවි මෙම නිල වෙබ් අඩවියේ ලැයිස්තුගත කොට ඇත. මේ අතර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු හෝ සමාගමේ සංවිධාන ව්‍යුහය පිළිබඳ තොරතුරු නිල වෙබ් අඩවියේ දැකගත නොහැක. එනිසා ද්විතීයික මූලාශ්‍රයන් මෙන්ම, සමාගම මගින් ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසින් ලබාදුන් තොරතුරුද පර්යේෂණ ක්‍රියාවලිය අතරතුරදී පරිශීලනය කොට ඇත. සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු හා අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් ‍රැස් කොටගෙන ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 20 දින ප්‍රතිචාර දක්වා තිබිණි. ගණන් ප්‍රමාණයක් ඇමරිකානු ඩොලරයට පරිවර්තනය කිරීම සඳහා 2017 වසර සඳහා මහ බැංකුවේ විනිමය අනුපාත මධ්‍යන්‍ය අගය (152.45) භාවිතා කොට ඇත.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ