ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිල වෙබ් අඩවියට අනුව ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි විකාශනාගාරය වූ "කොළඹ ගුවන් විදුලිය" 1925 දෙසැම්බර් 16 වැනි දින දියත් කෙරිණි. ඉන් පසු එය දිවයින පුරා විකාශනයක් ලෙසින් පුළුල් විණි. 1949 දී එයට 'ලංකා ගුවන් විදුලිය' නැතිනම් 'රේඩියෝ සිලෝන්' යන විකාශන නම ලැබුණු අතර, වෙනම රජයේ දෙපාර්තමේන්තුවක් ලෙසින් සංවිධානය කෙරිණි. පසුව 1967 දී මෙම විකාශන දෙපාර්තමේන්තුව, 1966 අංක 37 දරණ ලංකා ගුවන් විදුලි සංස්ථා පනත මගින් රාජ්‍ය සංස්ථාවක් බවට පත් කරන ලදී. 1972 දී 'ලංකා' යන්න 'ශ්‍රී ලංකා ජනරජය' බවට පත් වුණු අතර, ඒ මගින් ලංකා ගුවන් විදුලි සංස්ථාවටද සිය නම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත් කරන්නට සිදුවිණි. එතැන් සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) රජයේ සංස්ථාවක් ලෙසින් තමන්ගේ තිබූ නෛතික පරාසය තුලම වැඩකටයුතු සිදුකරගෙන ගිය අතර, එය වර්තමානයේදී ශ්‍රී ලංකා රජයේ ප්රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ලැයිස්තුගත කොට ඇත. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ජාතික ගුවන් විදුලි විකාශනයන් 7 ක්, ප්‍රාදේශීය ගුවන් විදුලි විකාශනයන් 6 ක් හා ප්‍රජා ගුවන් විදුලි විකාශනයන් 4 ක් පවත්වා ගෙන යයි.
ව්‍යාපාර ආකෘති පත්‍රය
රජයට අයත්
නෛතික ආකෘති පත්‍රය
පොදු ව්‍යාපාර/වාණිජ සංස්ථා
ව්‍යාපාරික ක්ෂේත්රයන්
ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන සහ පුද්ගලික ගුවන් විදුලි ආයතනයන්ට බලපත්‍ර නිකුත් කිරීම
තනි හිමිකරු
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් රජයට අයත් ගුවන් විදුලි විකාශයන් සියල්ලම පාලනය කරයි. එය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වේ.

වෙනත් ගුවන් විදුලි විකාශනයන්
සිටි එෆ් එම් (0.26%)
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ජාතික සේවය (1.31%)
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙළඳ සේවය (0.63%)
රේඩියෝ ශ්‍රී ලංකා (0.12%)
විදුල (0.01%)
යාල් එෆ් එම් (0.00%)
රජරට (0.09%)
රුහුණ (0.14%)
ඌව (0.05%)
වයඹ (0.01%)
කඳුරට (0.10%)
තෙන්ඩ්රාල්(0.41%)
වෙනත් අන්තර්ජාල ප්රකාශනයන්/විකාශනයන්
http://www.slbc.lk/
සාමාන්‍ය තොරතුරු
ආරම්භ කළ වසර
පිහිටුවීම 1925, සංස්ථාපිත කිරීම 1967
ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්
පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත්වූ ලංකා ගුවන් විදුලිය (රේඩියෝ සිලෝන්) එඩ්වඩ් හාපර් විසින් ආරම්භ කරන ලදී. 'ලංකාවේ ගුවන් විදුලියේ පියා' ලෙසින්ද හැඳින්වෙන එඩ්වඩ් බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයෙකු වූ අතර, ටෙලිග්රාෆ් ප්‍රධාන ඉංජිනේරුවෙකුද විණි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවනු ලැබුවේ 1966 වසරේ අංක 37 දරණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතිනි.
සේවා නියුක්තයින්
දත්ත නොමැත
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
බදු අංකය/හඳුනා ගැනීමේ අංකය
දත්ත නොමැත
මූල්‍ය තොරතුරු
ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)
8.99 Mio. $ / 1.371 Mio. LKR
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
0.49 Mio. $ / 75 Mio. LKR
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
කළමනාකාරීත්වය
විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්
සිද්ධි මොහොමඩ් ෆාරුක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙසින් 2017 දෙසැම්බරයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පත් කරන ලදී. ඔහුව විදුලි සංදේශ ක්ෂේත්රයේ ව්‍යවසායකයෙකු ලෙසින් හැඳින්වෙන අතර, ගුවන් විදුලි සංස්ථාවට පත්වීමට පෙර සිද්ධි මොහොමඩ් ෆාරුක් පෑන් ඒෂියා පවර් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරියා විසින් කටයුතු කරන ලදී. එසේම ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩල සභිකයෙකුද වේ.
එම්.ජේ.ආර්.ඩේවිඩ් ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වේ. ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ජන සන්නිවේදනය පිළිබඳ ජ්‍යෙෂ්ට කථිකාචාර්යවරයෙකු මෙන්ම එක්සත් රාජධානියේ IKM Emergent හි පර්යේෂකයෙකුද වේ. මින් පෙර ඔහු බීබීසීයේ නිෂ්පාදකවරයෙකු ලෙස්නි සහ යුනෙස්කෝ ශ්‍රී ලංකා හි ව්‍යාපෘති කළමනාකරුවෙකු හා අධ්‍යක්ෂවරයෙකුද ලෙසින් කටයුතු කර ඇත.
නවීන් ශානක අධ්‍යක්ෂවරයෙකු හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වේ.
මෙහෙශානි කොලොන්නේ අධ්යක්ෂවරියක හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වේ.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතුව වෙබ් අඩවියක් තිබුණද, එහි කළමනාකාරීත්ව ව්‍යුහය සමබන්ධයෙන් ඇත්තේ සීමිත තොරතුරු ප්රමාණයකි. එනිසා මෙහි නාලිකාවන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා ද්විතීයික මූලාශ්රයන් පරිශීලනය කිරීමට සිදුවිණි. 2017 සඳහා වන වාර්ෂික වාර්තාවන්ගෙන් හෙළිවූයේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2014 සිට වාර්ෂික වාර්තාවන් ලබාදී නොමැති බවයි. මෙයට අයත් එක් එක් ගුවන් විදුලි නාලිකාව සඳහා නිල වෙබ් අඩවි නොතිබුණු අතර එම සියල්ලම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිල වෙබ් අඩවිය යටතේ ලැයිස්තුගත කොට තිබිනි. තවදුරටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නීති නිලධාරිනිය සම්බන්ධ කර ගැනීමෙන් පසු ඇය විසින් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් හෙළිකරන්නට යෙදිණි. ගණන් ප්‍රමාණයක් ඇමරිකානු ඩොලරයට පරිවර්තනය කිරීම සඳහා 2017 වසර සඳහා මහ බැංකුවේ විනිමය අනුපාත මධ්‍යන්‍ය අගය (152.45) භාවිතා කොට ඇත.
Radio Stations in Sri Lanka by Asian Waves, Accessed on 16 September 2018