This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/19 at 05:34
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC)

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC)

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) රජයට අයත් මාධ්‍යායතනයකි. මෙය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වේ. ජාතික රූපවාහිනී සේවයක් සඳහා මෙය පිහි‍ටුවීම 1982 වසරේ අංක 6 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ පාර්ලිමේන්තුවෙන් සම්මත කෙරිණි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආරම්භක සභාපතිවරයා මාප‍ටුනගේ ජේම්ස් පීරිස් විණි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කෙරෙන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසිනි. මෙම පත්වීම් සඳහා විශේෂයෙන් සඳහන් කොට ඇති උපමානයන්ට, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු හට සංස්ථාව හා කොන්ත්‍රාත්තු ගිවිසුම් සඳහා එළැඹ ඇති සමාගමක කොටස් තිබේ නම් එහි ස්වභාවය සහ ප්‍රමාණය හෙළිදරවු කළ යුතුය යන්නද අයත් වේ. ඇතැම් විට විෂය භාර අමාත්‍යවරයා හට හේතු කාරණා දැක්වීමකින් තොරව තාවකාලිකව මණ්ඩල සාමාජිකයෙකු පත් කිරීමට හෝ ඉවත් කිරීමටද හැකියාව තිබේ. මෙම විධිවිධානයේ ස්වාධීනත්වයක් හෝ විනිවිදභාවයක් නොමැති වීම සම්බන්ධයෙන් මෙන්ම එය දේශපාලන අරමුණු සඳහා යොදාගැනීමට ඇති හැකියාවද සම්බන්ධයෙන් විද්වත් පර්ශදයන් මෙන්ම ජනමාධ්‍යද මගින් විවේචන එල්ල කොට ඇත. තවදුරටත් 1992 දී, පෞද්ගලික ආයෝජකයින්ටද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පාලනය සහ අධීක්ෂණය යටතේ රූපවාහිනී විකාශන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට රජය මගින් අවසර ලබාදෙන ලදී. පුද්ගලික රූපවාහිනී විකාශන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය 1982 අංක 6 දරණ රූපවාහිනී සංස්ථා පනත භාවිතා කරයි. මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රූපවාහිනී නාලිකා පවත්වාගෙන යන්නෙකු මෙන්ම, විකාශන බලපත්‍ර නිකුත් කිරීමේ වගකීම අත දරණ නියාමන ආයතනයක් බවටද පත්ව ඇත.

වර්තමානයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ජාතික රූපවාහිනිය, චැනල් අයි සහ නේත්‍රා ටීවී යන නාලිකා ත්‍රිත්වය පාලනය කරයි. සිංහල භාෂා නාලිකාව වන ජාතික රූපවාහිනිය සඳහා 4.3% ක ප්‍රේක්ෂක ප්‍රතිශතයක් ඇත. ඉංග්‍රීසි භාෂා නාලිකාව වන චැනල් අයි සහ දමිළ භාෂා නාලිකාව වන නේත්‍රා ටීවී ද විකාශය වන්නේ එකම සංඛ්‍යාතයක වේ. එම නාලිකා ද්විත්වයම සාමූහිකව ගත් විට 3.2% ක ප්‍රේක්ෂක ප්‍රතිශතයක් ලබාගෙන ඇත. 2009 සහ 2015 අතර කාලයේදී ක්‍රියාත්මක වූ තවත් ඉංග්‍රීසි භාෂා චැනලයක් එන් ටීවී නමින් තිබූ නමුත්, එය අඩු ප්‍රේක්ෂක ප්‍රතිශතයක් ලබා තිබූ හෙයින් විකාශය නවතා දැමිණි.

ප්‍රධාන කරුණු

ව්‍යාපාර ආකෘති පත්‍රය

රජයට අයත්

නෛතික ආකෘති පත්‍රය

පොදු ව්‍යාපාර/වාණිජ සංස්ථා

ව්‍යාපාරික ක්ෂේත්‍රයන්

ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන

හිමිකාරීත්වය

තනි හිමිකරු

රජය

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය තුළ තිබේ. මෙම රාජ්‍ය ආයතනය මගින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය (ITN), ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC), සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ තවත් ආයතනයන්ද පාලනය කරයි.

?
මාධ්‍ය විකාශනය
Other Media Outlets

වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්

http://www.rupavahini.lk/

කරුණු

මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍ය ව්‍යාපාරය

රූපවාහිනී විකාශන | ජාතික රූපවාහිනිය (100%) #
රූපවාහිනී විකාශන | චැනල් අයි/නේත්‍රා ටීවී (100%)

සාමාන්‍ය තොරතුරු

ආරම්භ කළ වසර

1982

ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්

1982 වසරේ අංක 6 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත ඔස්සේ රජය මගින් පිහි‍ටුවන ලදී.

සේවා නියුක්තයින්

දත්ත නොමැත

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Sri Lanka Rupavahini Corporation

No. 2204, Torrington Square, Colombo 7

General: +94 11 250 1050, +94 11 599 506

Fax: +94 11 258 0929

Email: rupavahini@yahoo.com

Website: rupavahini.lk

බදු අංකය/හඳුනා ගැනීමේ අංකය

දත්ත නොමැත

මූල්‍ය තොරතුරු

ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)

14 Mio. $ / 2.139 Mio. LKR

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

-1.2 Mio. $ / -196 Mio. LKR

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

කළමනාකාරීත්වය

විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්

නවාස් මොහොමඩ් - ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ මණ්ඩල සභිකයෙකි.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු නිල වෙබ් අඩවියේ එහි කළමනාකාරීත්ව ව්‍යුහය සමබන්ධයෙන් ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයකි. එනිසා තොරතුරු ‍රැස් කිරීම සඳහා ද්විතීයික මූලාශ්‍රයන් සහ රජයේ වෙනත් වෙබ් අඩවි පරිශීලනය කිරීමට සිදුවිණි. . වසර 2017 සඳහා ප්‍රේක්ෂක දත්ත ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගෙන ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සංස්ථාව මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි. ගණන් ප්‍රමාණයක් ඇමරිකානු ඩොලරයට පරිවර්තනය කිරීම සඳහා 2017 වසර සඳහා මහ බැංකුවේ විනිමය අනුපාත මධ්‍යන්‍ය අගය (152.45) භාවිතා කොට ඇත.

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ