This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/28 at 19:52
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම

සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම

සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම යනු ලංකාශ්‍රී හි ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අඩවි අධීක්ෂණය කරනා සමාගමයි. මෙම සමාගම ශ්‍රී ලංකාවේ පිහිටවනු ලැබුවේ 2015 දී වේ. කෙසේ වුවත් ලංකාශ්‍රී ලියාපදිංචි වූයේ 2001 දී එක්සත් රාජධානියේදී වූ අතර, 2002 සිට ඔවුන් ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කරයි. සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමේ හිමිකාරීත්වය මයූරන් නවරත්නසාමි සහ ආරුමුගම් නවරත්නසාමි වෙත සමසමව තිබේ. මෙහි විශේෂත්වයක් වනුයේ2018 සැප්තැම්බර් 18 වන විට මයුරන් සහ ඔහුගේ පියා අරුමුගම් නවරත්නසාමි යන දෙදෙනාම තවදුරටත් ස්මාර්ට් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ ධුර නොදැරීමයි.

ප්‍රධාන කරුණු

ව්‍යාපාර ආකෘති පත්‍රය

පුද්ගලික

නෛතික ආකෘති පත්‍රය

සීමිත වගකීම් සමාගම

ව්‍යාපාරික ක්ෂේත්‍රයන්

ඩිජිටල් විකාශන ජාලය

හිමිකාරීත්වය

තනි හිමිකරු

මාධ්‍ය විකාශනය
Other Media Outlets
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භ කළ වසර

2015

ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්

ලංකාශ්‍රී අන්තර්ජාල අඩවිය ආරම්භ කිරීමේ ගෞරවය ලබාදී ඇත්තේ සිවඥාණම් ශ්‍රීකූගන් හටයි. සිවඥාණම් ශ්‍රීකූගන් යනු වර්තමාන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥාණම් ශ්‍රීදරන්ගේ සහෝදරයායි. සිවඥාණම් ශ්‍රීකූගන් ශ්‍රී ලංකාවේ කිලිනොච්චියේ ඉපදුණු අතර, වර්තමානයේ ස්විට්සර්ලන්තයේ ජීවත් වේ.

සේවා නියුක්තයින්

දත්ත නොමැත

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Smart Network (Pvt) Limited

No. 317/1/1, K.B. Christy Perera Mawatha, Colombo 13

Tel (Sri Lanka): +94 011 331 4421

Tel (United Kingdom): +44 208 133 8373

Tel (Switzerland): +41 435 080 178,

Tel (Canada): +1 647 694 1391

Tel (France): +33 182 880 284

Tel (Germany): +49 231 2240 1053

Tel (United States of America): +1 678 389 9934

Tel (Australia): +61 291 881 626

Email: lankasri@lankasri.com

Website: www.lankasri.com/srilanka

බදු අංකය/හඳුනා ගැනීමේ අංකය

PV106723

මූල්‍ය තොරතුරු

ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

කළමනාකාරීත්වය

විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්

මයූරන් නවරත්නසාමි - මයූරන් නවරත්නසාමි නැතිනම් සංජේ, 2003 වසරේ සිට ලංකා ශ්‍රී ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. ඔහුට සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමේ කොටස් 50% ක අයිතිය ඇත. ඔහු සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම හා සම්බන්ධ සීමාසහිත ලංකාශ්‍රී සමාගම, සීමාසහිත මැංගෝ ට්‍රී ටෙක්, සීමාසහිත සිඟිති, සීමාසහිත එරිත්මැට් නෙට්වර්ක් සහ සීමාසහිත ස්ටාර් මාර්කටින්ග් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් වැනි අනෙකුත් සමාගම් වලද අධ්‍යක්ෂ ලෙසින් ලැයිස්තුගත වී ඇතැයි එක්සත් රාජධානියේ සමාගම් මැදුර කියයි.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම සඳහා නිල වෙබ් අඩවියක් නොමැත. මේ අතර එහි ආරම්භකයා හෝ වෙබ් අඩවි වල හිමිකාරීත්වය සම්බන්ධ තොරතුරු නිර්ණය කරගැනීම උදෙසා භාවිතා කළ ද්විතීයික මූලාශ්‍රයන්ද ප්‍රමාණවත් නොවුණි. එනිසා කොටස් හිමිකරුවන්ගේ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා ලබා ගැනිණි. සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම පිළිබඳ ඇති වඩාත්ම මෑතකාලීන දත්ත වන්නේ 2017 වසර සඳහා වන තොරතුරු වේ. අධ්‍යක්ෂක තනතුරු වල වෙනස පිලිබඳ තොරතුරු ලබාගත්තේ 2018 සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගිනි.මෙහි ප්‍රොෆයිලයන් ගොඩනැංවීම සඳහා පරිශීලනය කොට ඇති යම් යම් මූලාශ්‍රයන්, එක්සත් රාජධානියේ සමාගම් මැදුරෙන් ලබාගෙන ඇත.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ