සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය
සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යපාර සමූහයක් වන අතර, ජනමාධ්‍ය, ප්ලාස්ටික්, ඇසුරුම්, විදුලි, රසායනික, පුද්ගලික සනීපාරක්ෂක හා පාරිභෝහික නිෂ්පාදන, තේ, විනෝදාස්වාද හා සන්නිවේදන, තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), සේවා හා ව්‍යාපෘති යන ක්ෂේත්‍රයන්හි පැතිරුණු උප සමාගම් වලින් එය යුක්ත වේ.
සීමාසහිත එම් බී සී නෙට්වර්ක්ස් (පුද්) සමාගම හා සීමාසහිත එම් ටී වී චැනල් (පුද්) සමාගම යනු මහරාජා සමූහයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උප සමාගම් වේ. ගුවන් විදුලි සන්නිවේදනය සඳහා වෙන් වූ එම් බී සී නෙට්වර්ක්ස් (පුද්) සමාගම යටතේ යර්ස් එෆ් එම්, සිරස එෆ් එම්, ශක්ති එෆ් එම්, වයි එෆ් එම් සහ ලෙජන්ඩ්ස් එෆ් එම් ගුවන් විදුලි විකාශයන් තිබේ. සිංහල භාෂා ගුවන් විදුලි නාලිකාවක් වෙන සිරස එෆ් එම් වෙත 12.88% ක ශ්‍රාවක ප්‍රතිශතයක් ඇත. ඉංග්‍රීසි භාෂා නාලිකා වන යර්ස් එෆ් එම්, ලෙජන්ඩ්ස් එෆ් එම් යන නාලිකාවන්ට පිළිවෙලින් 0.2% ක සහ 0.04% ශ්‍රාවක ප්‍රතිශතයක් ඇත. දමිළ භාෂා නාලිකාවක් වන ශක්ති එෆ් එම් හි 5.94% ක ශ්‍රාවක ප්‍රතිශතයක් තිබෙනා අතර, ද්විභාෂා ගුවන් විදුලි නාලිකාවක් වන යර්ස් එෆ් එම් සතුව 3.7% ක ශ්‍රාවක ප්‍රතිශතයක් ඇත.
සීමාසහිත එම් ටී වී චැනල්ස් (පුද්) සමාගම සතුව ශක්ති ටීවී, සිරස ටීවී හා ටීවී වන් යනුවෙන් වන රූපවාහිනී නාලිකා තුනක් ඇත. සිංහල භාෂා නාලිකාව වන සිරස ටීවී ප්‍රේක්ෂක ප්‍රතිශතය 15.4% ක් වන අතර, දමිළ නාලිකාව වන ශක්ති ටීවී හි ප්‍රේක්ෂක ප්‍රතිශතය 6.1% ක් වේ. අභිනවයෙන් ස්ථාපිත ටීවී වන් හි ප්‍රේක්ෂක ප්‍රතිශතය 0.7% කි.
වර්තමානයේදී කැපිටල් මහරාජා සංවිධානයේ හිමිකාරීත්වය ඇත්තේ ආර්.රාජමහේන්ද්‍රන් ලෙසින්ද හැඳින්වෙන රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් සහ ඔහුගේ පුත්‍රයා වන ශෂීධරන් රාජමහේන්ද්‍රන් සතුව වේ. ආර්.රාජමහේන්ද්‍රන් සමාගමේ 0.003% ප්‍රමාණයක සෘජු කොටස් හිමිකාරීත්වය දරයි. කෙසේ වුවත් ඔහුගේ පුත් ශෂීධරන්, කැපිටල් මහරාජා සහ අනෙකුත් කොටස් හිමි සමාගම් වල සැලකිය යුතු ප්‍රතිශතයක හිමිකාරීත්වය සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම හරහා දරයි.
කැපිටල් මහරාජා සංවිධානයේ අක් මුල් 1938 දක්වා දිව යයි. නිල වශයෙන් ගත් විට සමාගම සංස්ථාපනය කෙරී ඇත්තේ 1967 දී වේ. සමාගම ආරම්භ කෙරුණේ සින්නතම්බි රාජන්ද්‍රම් සහ සුබ්‍රමනියම් මහදේවන් විසින් වන අතර, වර්තමාන සභාපති වන ආර්.රාජමහේන්ද්‍රන් යනු සින්නතම්බි රාජන්ද්‍රම් ගේ පුත්‍රයායි.
ව්‍යාපාර ආකෘති පත්‍රය
පුද්ගලික
නෛතික ආකෘති පත්‍රය
සීමිත වගකීම් සමාගම
ව්‍යාපාරික ක්ෂේත්‍රයන්
ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන, ප්ලාස්ටික්, ඇසුරුම්කරණය, විදුලි උවාරණ, රසායනික රසායනික ද්‍රව්‍ය, පෞද්ගලික සනීපාරක්ෂක හා පාරිභෝගික නිෂ්පාදන, තේ, ජනමාධ්‍ය, විනෝදාස්වාද සහ සන්නිවේදන, තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT) සේවා හා ව්‍යාපෘති
තනි හිමිකරු
වෙනත් ගුවන් විදුලි විකාශනයන්
යෙස් එෆ් එම් (0.20%)
ලෙජන්ඩ්ස් එෆ් එම් (0.04%)
වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්
http://sirasatv.lk/
http://shakthitv.lk/
http://tv1.lk/live/
http://sirasa.com/
http://shakthifm.com/
http://www.yesfmonline.com/
http://yfm.lk/
මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍ය ව්‍යාපාරය
රූපවාහිනී විකාශන | සීමාසහිත එම්ටීවී චැනල් (පුද්) සමාගම #
ගුවන් විදුලි විකාශන | සීමාසහිත එම්බීසී නෙට්වර්ක්ස් (පුද්) සමාගම
ව්‍යාපාරය
රූපවාහිනී විකාශන
සීමාසහිත එම් ටී වී චැනල් (පුද්) සමාගම
ගුවන් විදුලි විකාශන
සීමාසහිත එම් බී සී නෙට්වර්ක්ස් (පුද්) සමාගම
ප්ලාස්ටික්
සීමාසහිත එස්-ලෝන් ලංකා (පුද්) සමාගම
ප්ලාස්ටික්
සීමාසහිත එස්-ලෝන් ඉන්ඩස්ට්‍රීස් ප්ලාස්ටික් (පුද්) සමාගම
සීමාසහිත එස්-ලෝන් ලියර් ලංකා (පුද්) සමාගම
සීමාසහිත පීඊ ප්ලස් (පුද්) සමාගම
තේ
සීමාසහිත ඒ.එෆ්.ජෝන්ස් එක්ස්පෝටර්ස් (ලංකා) (පුද්) සමාගම
සීමාසහිත හැරිසන්ස් කලම්බු (පුද්) සමාගම
රසායනික ද්‍රව්‍ය
සීමාසහිත හැරිසන්ස් කෙමිකල්ස් (පුද්) සමාගම
රසායනික ද්‍රව්‍ය
සීමාසහිත හාක්‍රෝස් කෙමිකල්ස් (පුද්) සමාගම
ඇසුරුම්කරණය
සීමාසහිත ටෆ්ලයින්
විදුලි උවාරණ
සීමාසහිත කෙවිල්ටන් ඉලෙක්ට්‍රිකල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම
පෞද්ගලික සනීපාරක්ෂක
සීමාසහිත අයි සී එල් මාකටින්ග් (පුද්) සමාගම
සීමාසහිත ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් (පුද්) සමාගම
තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT)
සීමාසහිත කොම්පියුටර් සිස්ටම්ස් (පුද්) සමාගම
සේවා
සීමාසහිත හැරිසන්ස් ෂිපින් (පුද්) සමාගම
සේවා
සීමාසහිත කැනීස් ක්‍රියේෂන්ස් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම
ව්‍යාපෘති
සීමාසහිත ද මහරාජා ඕගනයිසේෂන් (ව්‍යාපෘති)
විනෝදාස්වාද
ස්ටයින් ස්‍ටුඩියෝ, සීමාසහිත මහරාජා එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම
සීමාසහිත ඇක්වේරියස් (පුද්) සමාගම
නොදනී
සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම
සීමාසහිත ඩෝසන් කැපිටල්
සීමාසහිත ජෝන්ස් ඕවර්සීස්
කළමනාකරණ
සීමාසහිත මහරාජා කළමනාකරණ ආයතනය (පුද්) සමාගම
කළමනාකරණ
සීමාසහිත විෂන් ලින්ක් (පුද්) සමාගම
සාමාන්‍ය තොරතුරු
ආරම්භ කළ වසර
1938
ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්
සුබ්‍රමනියම් මහදේවන් සහ සින්නතම්බි රාජන්ද්‍රම් යනු සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ ආරම්භකයින් වේ. මහදේවන් හා රාජන්ද්‍රම් Beer & Co. හි ඇප තැරැව්කරුවන් ලෙසින් එකට කටයුතු කරන ලදී. 1935 දී Dodge and Seymour සමාගම මගින් Beer & Co තමන් යටතට ගත් පසුව මහදේවන් එහි කළමනාකාරවරයෙකු ලෙසින් පත් විණි. Dodge and Seymour ශ්‍රී ලංකාවේ තම කටයුතු නවතා දැමූ විට, එම සේවාදායක පිරිස පවරා ගැනීම වෙනුවෙන් මහදේවන් සහ රාජන්ද්‍රම් විසින් සීමාසහිත මහදේවන්ස්, සීමාසහිත රාජන්ද්‍රම්, ස්ටර්ලින්ග් ප්‍රඩක්ට්ස් ඇන්ඩ් මහරාජා ඩිස්ට්‍රිබියුෂන් යන සමාගම් ආරම්භ කරන්නට යෙදිණි.
මහදේවන් 1957 දී අභාවප්‍රාප්ත වූ අතර, ඔවුන් පිහිටවූ සමාගම් වල කළමනාකරීත්වය සින්නතම්බි රාජන්ද්‍රම් විසින් පවරා ගන්නා ලදී. සින්නතම්බි රාජන්ද්රම්ගේ පුතුන් වන රාජන්ද්‍රම් මහරාජා සහ රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් (ආර්.රාජමහේන්ද්‍රන් ලෙසින්ද හැඳින්වේ) 1965 වන විට ක්‍රමයෙන් සමාගම තමන් යටතට පවරා ගන්නා ලදී. 1959 දී රට තුළට ආනයනය කිරීමේ තහනම් සමගින් ඔවුන් පාකර් ක්වික් ඉන්ක්, පොන්ඩ්ස් කොස්මැටික්ස්, කෙම්වේ ඇන්ඩ් එස්-ලෝන් පීවීසී වැනි සමාගම් කිහිපයක්ම ස්ථාපනය කරන ලදී. මෙම සමාගම් ක්‍රමයෙන් වර්තමාන කැපිටල් මහරාජා සංවිධානයේ පුරෝගාමීන් බවට පත්විණි. මෙම සමාගමේ අක් මුල් 1930 දක්වා දිව යන නමුත්, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය යන නම සහිතව සමාගම නිල වශයෙන් ස්ථාපනය කෙරුණේ 1967 දී වේ.
සේවා නියුක්තයින්
දත්ත නොමැත
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
The Capital Maharaja Organisation Limited
No. 146, Dawson Street, Colombo 2
Tel: + 94 11 4792 600, +94 11 2448 354, +94 11 2430 037
Fax: +94 11 2447 308
Email: info@maharaja.lk
Website: capitalmaharaja.com
බදු අංකය/හඳුනා ගැනීමේ අංකය
PB295
මූල්‍ය තොරතුරු
ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
කළමනාකාරීත්වය
විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්
රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති වේ. එසේම සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ අනෙකුත් කොටස් හිමිකාරීත්වය ඇති සමාගම්වලද, එහි උප සමාගම් වලද හිමිකාරීත්වය ඔහුගේ පුත් ශෂීධරන් රාජමහේන්ද්‍රන් සමගින් දරයි. රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් මහාරාජා සමූහයට අනුබද්ධ සමාගම් ගණනාවක අධ්‍යක්ෂ ලෙසින්ද කටයුතු කරයි.
රාජමහේන්ද්‍රන් ශෂීධරන් - රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන්ගේ පුත්‍රයා වන අතර, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුරද දරයි. ඊට අමතරව ඔහු සීමාසහිත ටෆ්ලයින් හා සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග් (පුද්) සමාගම ඇතුළු මහාරාජා සමූහයට අනුබද්ධිත සමාගම් ගණනාවක අධ්‍යක්ෂවරයෙකු ලෙසින්ද සේවය කරයි. ඔහු සහ රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් හට සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ හිමිකාරීත්වය තිබේ.
අරුන් ප්‍රදීප් මහරාජා - රාජන්ද්‍රම් මහරාජාගේ පුත්‍රයා සහ රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් ගේ ඥාති පුත්‍රයාද වේ. ඔහු ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (MBSL) අධ්යක්ෂවරයෙකි.
ඒෂිනී චම්පිකා මුදලිගේ - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ අධ්යක්ෂවරියක වීමට අමතරව සීමාසහිත ටෆ්ලයින් හි අධ්යක්ෂවරියක්ද වේ.
මන්මෝහන් භරාරා - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී සහ සීමාසහිත පේන්ට්ස් ලංකා (පුද්) සමාගමේ අධ්‍යක්ෂද වේ.
නිකොලා කැරන් නේද්රා වීරසිංහ - සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ව්‍යාපාරයන්හි සමූහ අධ්‍යක්ෂිකා වේ.
සුසිල් චන්ද්‍ර වීරසේකර - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ අධ්යක්ෂවරයෙකි.
කිරුබාහරන් කුමාරකුලසිංහම් - සීමාසහිත ටෆ්ලයින් හි අධ්යක්ෂවරයෙකි.
චන්දිම රොද්‍රිගෝ වැලිවිටගේ - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ අධ්‍යක්ෂ තනතුර දරයි
බ්‍රාහ්මණ වඩුගේ අනුරාධ ජයසිංහ ගලපිට - සීමාසහිත ටෆ්ලයින් සමූහ අධ්‍යක්ෂ වේ.
ජයලත් සුරංග බණ්ඩාර විජේසිරි වීරපරාක්රම මාපා - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ අධ්යක්ෂවරයෙකි.
ශාන්ති භගිරදන් - සීමාසහිත එම් බී සී නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ සහ ස්ටයින් ස්‍ටුඩියෝ - සීමාසහිත එම් ටී වී චැනල්ස් (පුද්) සමාගමේ සමූහ අධ්‍යක්ෂිකා තනතුර දරයි.
විල්සන් ෆිට්ස් රෝයි ශ්‍රීලාල් අහංගම - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ සහ සීමාසහිත ටෆ්ලයින් හි අධ්‍යක්ෂ තනතුර දරයි.
ජෝන් චේවන් දේවවර්ධන් ඩැනියෙල් - මින්පෙර ඔහු සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ උප සමාගමක් වන සීමාසහිත එම් ටී වී චැනල් (පුද්) සමාගමේ ප්රවෘත්ති නිවේදකයෙකු ලෙසින් සේවය කරන ලදී. ඔහු සමූහයේ නිව්ස් ෆස්ට් අංශයේ ප්‍රධානියා වේ.
ලියෝනි සෙනෙවිරත්න - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ අධ්‍යක්ෂ තනතුර දරයි.
නිමල් ඩි සොයිසා කුක් - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසින් කටයුතු කරයි. එසේම ඔහු ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු සහ සීමාසහිත ටෆ්ලයින් සහ සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ඇතුළු මහාරාජා සමූහයේ අනුබද්ධිත සමාගම් කිහිපයක අධ්‍යක්ෂ තනතුරු දරයි.
අංජලී සුජාතා රාජමහේන්ද්‍රන් - රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන්ගේ දියණිය වන ඇය සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ අධ්යක්ෂවරියකි.
සන්දීප් වසන්ත්රාඕ ශහපුර්කර් - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් සේවය කරයි.
අනෙකුත් වැදගත් පුද්ගලයින්+අනෙකුත් වැදගත් පුද්ගලයින්ගේ ලැදියාවන්
රුද්‍රානි බාලසුබ්‍රමනියම් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය හා අනුබද්ධ සමාගම් කිහිපයකම සමාගම් ලේකම් සහ අධ්‍යක්ෂිකාවක් ලෙසින් කටයුතු කරයි. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ නිල වෙබ් අඩවියට අනුව ඇය අධ්‍යක්ෂිකාවක ලෙසින් ලැයිස්තුගතව ඇත.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සමාගමේ හිමිකාරීත්වය පිළිබඳ තෝර්තුරු සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ නිල වෙබ් අඩවිය ඔස්සේ විශේෂ කොට දක්වා නොමැත. ඒ වෙනුවට එහි තම උප සමාගම්, අධ්‍යක්ෂ මණ්ඩලය හා සමාගමේ සම්බන්ධ කර ගැනීමේ දත්ත ඇතුලත් කොට ඇත. රාජමහේන්ද්‍රන් පවුල යටතේ ඇති සියලුම සමාගම් සම්බන්ධයෙන් පර්යේෂක කණ්ඩායමට පර්යේෂණ ක්‍රියාවලිය අතරතුරදී නිශ්චිතවම දැනගැනීමට නොහැකි වූයේ, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් තොරතුරු ලේඛනගත කරන්නේ සමාගම් සම්බන්ධයෙන් විනා තනි පුද්ගල හිමිකරුවන් සම්බන්ධයෙන් නොවන බැවිණි. කැපිටල් මහරාජා සංවිධානය තුළ ඇති සමාගම් 18 ක් සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කෙරී ඇත. මෙම සමාගම් බොහෝ විට එකිනෙකාගේ හිමිකාරීත්වය දරණා අතර, එසේ වුවත් සෑමවිටකම පාහේ එක් තලයකදී රාජමහේන්ද්‍රන් පවුලට සෘජුවම අයත් කැපිටල් හෝන්ඩින්ග්ස් සමාගම මෙම හිමිකාරීත්වයට ඇතුළත් වී ඇත. සභාපති රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් ඇතැම් විට කිලි මහරාජා සහ ආර්.රාජමහේන්ද්‍රන් යනුවෙන්ද හැඳින්වේ. මෙම නම් දක්වා ඇති විවිධ මූලාශ්‍රයන් තුළ විවිධාකාරයෙන් ලියැවී ඇත. සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් රැස් කොටගෙන ඇත. ලබාගැනීමට ඇති වඩාත්ම මෑතකාලීන දත්ත වන්නේ 2017 වසර සඳහා වන තොරතුරු වේ. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.