සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා (පුද්.) සමාගම

සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා (පුද්) සමාගම (VOA) යනු 2006 දී ආරම්භ කළ පුද්ගලික සීමිත වගකීම් සමාගමකි. ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශනයන් වෙත වැඩි අවධානයක් යොමු කොට ඇති මෙම සමාගම මගින් රියල් රේඩියෝ, කිස් එෆ් එම්, සියත එෆ් එම් සහ වර්ණම් එෆ් එම් ගුවන් විදුලි නාලිකා මෙන්ම සියත ටීවී සහ වර්ණම් ටීවී යන රූපවාහිනී නාලිකාද පාලනය කෙරේ. මෙම රූපවාහිනී නාලිකා සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් වීකාශය වන අතර, ගුවන් විදුලි නාලිකාවන් ඉංග්‍රීසි, සිංහල හා දමිළ භාෂාවන්ගෙන් වැඩසටහන් ඉදිරිපත් කරයි. මෙම සමාගමේ කොටස් වලින් 99.99% ක හිමිකාරීත්වය වර්තමානයේ පවතින්නේ රොෂාන්ත කාරියප්පෙරුම අත වේ.
ව්‍යාපාර ආකෘති පත්‍රය
පුද්ගලික
නෛතික ආකෘති පත්‍රය
පුද්ගලික සීමිත වගකීම් සමාගම
ව්‍යාපාරික ක්ෂේත්‍රයන්
ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන
තනි හිමිකරු
වෙනත් රූපවාහිනී විකාශනයන්
වර්ණම් ටීවී (0.5%)
රියල් ටීවී
කිස් ටීවී
වෙට්රි ටීවී
වෙනත් ගුවන් විදුලි විකාශනයන්
සියත එෆ් එම් (0.80%)
වර්ණම් එෆ් එම් (0.10%)
රියල් රේඩියෝ(0.01%)
කිස් එෆ් එම් (0.09%)
වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්
http://voa.lk/
http://realradio.lk/
http://varnamfm.com/
http://kissfm.lk/
http://siyathafm.lk/
සාමාන්‍ය තොරතුරු
ආරම්භ කළ වසර
2006
ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්
සියත ටීවී අයත් වන්නේ සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් (පුද්) සමාගමට වන අතර, එහි හිමිකාරීත්වය දරන්නේ සමාගමේ සම ආරම්භකයාද වන රොෂාන්ත කාරියප්පෙරුම වේ. රොෂාන්ත කාරියප්පෙරුමගේ සහෝදරයා වන ප්‍රියන්ත කාරියප්පෙරුම සමාගමේ සම ආරම්භකයා වන අතර, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයාද වේ.
සේවා නියුක්තයින්
දත්ත නොමැත
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Voice of Asia Network (Pvt) Limited
No. 117/10, Hunupitiya Lake Road, Colombo 2
Tel: +9411 2303000
Email: info@voa.lk
Website: voa.lk/
බදු අංකය/හඳුනා ගැනීමේ අංකය
PV7050
මූල්‍ය තොරතුරු
ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
කළමනාකාරීත්වය
විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්
ප්‍රියංකා රුක්මලී කිරිආරච්චි - අධ්‍යක්ෂ මණ්ඩල සභික හා අධ්‍යක්ෂ
තිලංක මිල්රුක්ෂි කාරියප්පෙරුම ඩි සිල්වා - අධ්‍යක්ෂ මණ්ඩල සභික හා අධ්‍යක්ෂ
මොහොමඩ් ශෆීක් මොහොමඩ් අජාස් - අධ්‍යක්ෂ මණ්ඩල සභික හා අධ්‍යක්ෂ
කාරියප්පෙරුම අතුකෝරාලගේ දොන් රොෂාන්ත මනෝජ් කුමාර කාරියප්පෙරුම - සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් (පුද්) සමාගමේ හිමිකරු සහ ප්‍රියංකා රුක්මලී කිරිආරච්චි සඳහා විකල්ප අධ්‍යක්ෂ
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්කින්ග් (පුද්) සමාගමේ නිල වෙබ් අඩවියේ ඔවුන්ගේ කළමනාකාරීත්ව ව්‍යුහය පිළිබඳව ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයකි. එනිසා තොරතුරු ලබාගැනීමට ද්විතීයික මූලාශ්‍ර පරිශීලනය කිරීමට සිදුවිණි. කොටස් හිමිකරුවන් හා අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. වඩාත්ම මෑතකාලීනව ලබාගත හැකි දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා (පුද්) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.