සීමාසහිත විජය පුවත්පත් සමාගම (WNL)
මින් පෙර සීමාසහිත විජය ප්‍රකාශන ලෙසින් හැඳින්වුණු සීමාසහිත විජය පුවත්පත් සමාගම (WNL), 1979 වසරේදී රංජිත් සුජීව විජේවර්ධන නැතිනම් පොදුවේ හැඳින්වෙන පරිදි රංජිත් විජේවර්ධන විසින් ආරම්භ කරන්නට යෙදිණි. ඔහු ප්‍රකට ජනමාධ්‍ය හිමිකරුවෙකු වූ ඩී.ආර්.විජේවර්ධනගේ පුත්‍රයායි. ආනන්දි බාලසිංහම් හැරෙන්නට සමාගමේ අනෙකුත් සියලුම කොටස් හිමිකරුවන් විජේවර්ධන පවුලේ සාමාජිකයින් වේ. විජය පුවත්පත් සමාගමේ කොටස් හිමිකාරීත්වය ඇති සීමාසහිත සාරතී යනුද විජේවර්ධන පවුලට අයත් සමාගමකි. විජය පුවත්පත් සමාගමේ නිර්මාතෘ රංජිත් විජේවර්ධන, තම පියාගේ සමාගම වන සීමාසහිත ශ්‍රී ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති තනතුර, එය 1973 දී රජයට පවරා ගැනීමට පෙර දරා තිබිණි. විජය පුවත්පත් සමාගම ආරම්භ කිරීමෙන් පසු රංජිත් විජේවර්ධන විසින් සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා පුවත්පත් කිහිපයක්ම දියත් කරන්නට යෙදිණි. ඒවා නම් ඉරිදා ලංකාදීප (1986), සන්ඩේ ටයිම්ස් (1987), ලංකාදීප (1991) සහ ඩේලි මිරර් (1999) වේ. මීට අමතරව විජය පුවත්පත් සමාගමට අයත් ප්‍රකාශනයන් අතර අද, බිළිඳු, ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් (Daily FT), Go: Guys only සඟරාව, Hi!! සඟරාව, LW (Lanka Woman සඟරාව, මිරර් ස්පෝර්ට්ස්, පරිගණක, සිරිකත, ටැමිල් මිරර්, තරුණයා, විජේයි සහ විජය පුවත්පත් අයත් වේ.
ව්‍යාපාර ආකෘති පත්‍රය
පුද්ගලික
නෛතික ආකෘති පත්‍රය
සීමිත වගකීම් සමාගම
ව්‍යාපාරික ක්ෂේත්‍රයන්
ප්‍රකාශන, රූපවාහිනී විකාශන, දේපළ වෙළඳාම්, සංචාරක, බඳවාගැනීම් උපදේශන
තනි හිමිකරු
වෙනත් මුද්‍රිත ප්‍රකාශනයන්
ඩේලි මිරර් (0.31%)
ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් (Daily FT) (0.04%)
සිරිකත (1.99%)
තරුණයා (0.18%)
දේශය (ඉරිදා මුද්‍රණය) (0.13%)
විජය (3.41%)
බිළිඳු (දත්ත නොමැත)
ටැමිල් මිරර් (0.10%)
විජේයි (0.59%)
GO (Guys Only) සඟරාව (දත්ත නොමැත)
Hi!! සඟරාව (0.01)
LW (ලංකා වුමන්) (0.04)
පරිගණක (0.13)
ඊසි ගයිඩ් (0.01)
විජය බ්‍රේල් (දත්ත නොමැත)
වෙනත් රූපවාහිනී විකාශනයන්
Hi TV (දත්ත නොමැත)
වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්
dailymirror.lk
middleeast.lankadeepa.lk
saaravita.lk
ft.lk
ada.lk
sundaytimes.lk
kelimandala.lk
life.lk
hitv.lk
tamilmirror.lk
deshaya.lk
mirrorcitizen.lk
timesjobs.lk
mirroredu.lk
hitad.lklw.lk
educationtimes.lk
wijeya.lk
Tara.edu.lk
wedo.lk
ව්‍යාපාරය
මුද්‍රණ හා ප්‍රකාශන ආයතන
සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්) සමාගම
සීමාසහිත ලේක් හවුස් මුද්‍රණ හා ප්‍රකාශන (පුද්) සමාගම
දේපළ වෙළඳාම්
සීමාසහිත එල් එච් ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගම
සංචාරක
සීමාසහිත රන්වැලි හොලිඩේ විලේජ්
සීමාසහිත සාරතී ටුවර්ස්
බඳවාගැනීම් උපදේශන
සීමාසහිත සාරතී Ltd
තාක්ෂණවේද
සීමාසහිත විජය ග්‍රැෆික්ස් (පුද්) සමාගම
සාමාන්‍ය තොරතුරු
ආරම්භ කළ වසර
1979
ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්
රංජිත් සුජීව විජේවර්ධන නැතිනම් රංජිත් විජේවර්ධන යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වූ ඩී.ආර්.විජේවර්ධනගේ පුත්‍රයා වේ. ඩී.ආර්. විජේවර්ධන විසින්, 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් රජයට පවරා ගැනීමට පෙර, 1926 දී සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL නැතිනම් ලේක්හවුස් ලෙසින්ද හැඳින්වෙන) ආරම්භ කළ පුරෝගාමියා වේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ආරම්භ සභාපති මෙන්ම බහුතර කොටස් හිමිකරු ලෙසින්ද රංජිත් ක්‍රියා කරයි. මෙම සමාගම සීමාසහිත විජය ප්‍රකාශන යන නම යටතේ 1979 දී ආරම්භ වූවද, එය සතිපතා ඉරිදා ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේ 1986 දී වන අතර, ඊට යම් කාලයකට පසු 1991 දී දිනපතා ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කෙරිණි. මීට අමතරව ලේක් හවුස් හිද 0.57% ක කොටස් රංජිත් අත තිබේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපති තනතුර දැරීමට අමතරව, ඔහු සීමාසහිත ලේක් හවුස් මුද්‍රණකරුවෝ සහ ප්‍රකාශකයෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයද, සීමාසහිත ලේක් හවුස් පොත් හල (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත එල්.එච්.ප්ලාන්ටේෂන්ස් (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත රන්වැලි හෝල්ඩින් විලේජ් සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත සාරතී සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත විජය ග්‍රැෆික්ස් (පුද්.) සමාගමේ සභාපති ධූරයද දරයි. එසේම ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ධූරයද හොබවයි. මීට අමතරව ඔහු සීමාසහිත ෆ්‍රොයෙඩන්බර්ග් සහ සමාගම (ලංකා) හි සහ සීමාසහිත ආර්.එස්.ප්‍රින්ටෙක් (පුද්.) සමාගම හි අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටී.
මීට අමතරව සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගමේ නිර්මාතෘ උපාලි විජේවර්ධන යනු රංජිත්ගේ ඥාති සොහොයුරා වෙයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ යනු රංජිත්ගේ බෑනා ද වේ.
රංජිත් විජේවර්ධන, ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ ඩී.එස්.සේනානායකගේ මිණිබිරිය වූ රංජිනී නීලා සේනානායක හා විවාහ විණි. රංජිනීගේ පවුලේ අනෙකුත් අවධානයට ලක්වන පවුල් සාමාජිකයින් අතරට ලංකාවේ දෙවෙනි අග්‍රාමාත්‍ය වූ ඩඩ්ලි සේනානායක (මාමා) සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රුක්මන් සේනානායක අයත් වේ. රංජිත් හට දරුවන් තිදෙනෙකු. මේ අතරට වර්තමාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ විජේවර්ධන ව්‍යාපාර සමූහයට අනුබද්ධ සීමාසහිත ලේක් හවුස් මුද්‍රණකරුවෝ සහ ප්‍රකාශකයෝ සමාගමේ විධායක අධ්‍යක්ෂ සුජාන් විජේවර්ධන ද අයත් වේ.
සේවා නියුක්තයින්
දත්ත නොමැත
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Wijeya Newspapers Limited
No. 08, Hunupitiya Cross Road, Colombo 2
General: +9411 247 9479, +9411 231 4714
Fax: +94 11 244 8323
Website: wijeyanewspapers.lk
බදු අංකය/හඳුනා ගැනීමේ අංකය
104081486-7000
මූල්‍ය තොරතුරු
ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
කළමනාකාරීත්වය
විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්
රංජිත් සුජීව විජේවර්ධන නැතිනම් රංජිත් විජේවර්ධන සීමාසහිත විජය පුවත්පත් සමාගමේ (WNL) සභාපතිවරයා වන අතර, සමාගමේ කොටස් 89.99% ක හිමිකාරීත්වයද දරයි. ඔහු ශ්‍රී ලංකාවේ පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ වර්තමාන සභාපතිවරයාද වේ. විජය පුවත්පත් සමාගමේ කොටස් හිමිකාරීත්වයට අමතරව, රංජිත් හට රජයට අයත් ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේද කොටස් 0.57% ක අයිතිය තිබේ.
පරාක්‍රම සුජාන් විජේවර්ධන නැතිනම් සුජාන් විජේවර්ධන විජය පුවත්පත් සමාගමේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනා අතර, එහි කොටස් වලින් 10% ක හිමිකාරීත්වයද දරයි.
එල්.ජයවර්ධන - සීමාසහිත විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ මණ්ඩල සභික
සිරිසේන රණසිංහ - සීමාසහිත විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ මණ්ඩල සභික
දුල්සින් විස්රජිත් ගුණතුංග - සීමාසහිත විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ මණ්ඩල සභික
කළු ආරච්චිගේ දොන් රන්දීව් චන්න සමරසිංහ - සීමාසහිත විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ මණ්ඩල සභික
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
විජය පුවත්පත් සමාගමේ නිල වෙබ් අඩවිය හෝ එහි ප්‍රකාශනයන්ගේ නිල වෙබ් අඩවි ඔස්සේ සමාගමේ ප්‍රධාන පුද්ගලයින් හෝ සංවිධාන ආකෘතිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොසැපයේ. එනිසා පොදුජනයාට ලබාගත හැකි ද්විතීයික මූලාශ්‍රයන් ආශ්‍රය කොට ගෙන ඇත. සමාගමේ හිමිකාරීත්ව ව්‍යුහය පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් නැවත තහවුරු කොටගෙන ඇත. ඒ පිළිබඳ ඇති වඩාත්ම මෑතකාලීන දත්ත වන්නේ 2017 වසර සඳහා වන තොරතුරු වේ. කෙසේ වුවත් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් තනි පුද්ගල ප්‍රොෆයිලයන් පවත්වා නොගන්නා බැවින්, සීමාසහිත විජය පුවත්පත් සමාගම හා අනුබද්ධිත අනෙකුත් සමාගම් පිළිබඳ නිශ්චය කරගැනීමට නොහැක. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් විජය පුවත්පත් සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 17 දින ප්‍රතිචාර දක්වා තිබිණි.