ක්‍රමවේදය
සිද්ධාන්තය: ප්‍රජාතාන්ත්‍රික සමාජයක යහපැවැත්ම උදෙසා ජනමාධ්‍ය බහුත්වවාදය
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපැවැත්ම උදෙසා ජනමාධ්‍ය බහුත්වවාදය අතිශයින්ම වැදගත්වේ. ඒ, නිදහස්, ස්වාධීන, සහ බහුවිධ මාධ්‍යයන්හි පැවතීම වෙනස් වූ මත පළ කිරීමටත්, බලයේ සිටිනා පුද්ගලයින් විවේචනයට ලක් කිරීමටත් මග පාදන බැවිනි.
මාධ්‍ය බහුත්වවාදය සාමාන්‍යයෙන් අභ්‍යන්තර මාධ්‍ය බහුත්වවාදය සහ බාහිර මාධ්‍ය බහුත්වවාදය ලෙස වෙන්කර දැක්විය හැක. අභ්‍යන්තර මාධ්‍ය බහුත්වවාදයෙන් දැක්වෙන්නේ සමාජයීය සහ දේශපාලනික විවිධත්වය කොතරම් දුරට මාධ්‍ය මගින් ලබා දෙන තොරතුරුවල ගැබ් වී තිබෙනවාද යන්නයි. (උදාහරණයක් ලෙස විවිධ සංස්කෘතික කණ්ඩායම්, නානාවිධ දේශපාලන හා සංකල්ප දරණ මත කෙතරම් දුරට නියෝජනය වනවාද යන්න වේ.) බාහිර මාධ්‍ය බහුත්වවාදය මගින් පැවසෙන්නේ අයිතිකරුවන් කෙතරම් සිටිනවාද, ඔවුන් කෙලෙසක ව්‍යුහගත වී සිටිනවාද යන්නයි. මෙය සැපයුම්කරුවන්ගේ "බහුවිධතාවය" ලෙසද දැක්වේ.
අදහස්වල විවිධත්වය තර්ජනයට ලක් වන්නේ ජනමාධ්‍ය වෙළදපොල කේන්ද්‍රගත වීමෙනි; මෙය මාධ්‍ය බහුත්වවාදයට ප්‍රතිවිරුද්ධ වේ.ජනමාධ්‍ය වෙළදපොල කේන්ද්‍රගත විය හැකි ආකාර:
- ප්‍රබල සැපයුම්කරුවන් කිහිපදෙනෙකු පමණක් මහජන මතයට ප්‍රධාන ලෙස බලපෑම් සිදු කොට අනෙක් සැපයුම්කරුවන්ට වෙළඳපොළට ඇතුල්වීමට සහ ඔවුන්ගේ අදහස් දැක්වීමට සම්බාධක පැනවීම (මාධ්‍ය හිමිකරුවන් කේන්ද්‍රගත වීම)
- මාධ්‍ය මගින් ඉදිරිපත් වන තොරතුරු ඒකාකාරී වීම සහ එක්තරා විෂයයන්, පුද්ගලයින්, අදහස්, සහ මත දැක්වීම් කොටසකට පමණක් සීමා වී තිබීම (මාධ්‍ය තොරතුරු කේන්ද්‍රගත වීම)
- ප්‍රේක්ෂකයින් තෝරාගත් මාධ්‍යජාල කිහිපයක් මගින් පමණක් ලබා දෙන තොරතුරු කියැවීම, ශ්‍රවණය කිරීම හෝ නැරඹීම (මාධ්‍ය ප්‍රේක්ෂකයින් කේන්ද්‍රගත වීම.)
ඉලක්කය: මාධ්‍ය අයිතිය පිළිබඳව විනිවිදභාවය සැපයීම
මාධ්‍ය බහුත්වවාදය විවධ කෝණයන් ගෙන් සමන්විත බව සහ විවිධ අවදානම්වලට ලක්වන බව සලකා වුවද මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය මගින් අවධානය යොමු කරන්නේ බාහිර මාධ්‍ය බහුත්වවාදය පිළිබඳවයි. මෙහිදීද වැඩි අවධානයක් යොමු වන්නේ මාධ්‍ය අයිතිකරුවන් කේන්ද්‍රගතවීම තුළින් මාධ්‍ය බහුත්වවාදයට එල්ලවන තර්ජන පිළිබඳවයි.
මෙහිදී විශාලම බාධකයක් වන්නේ මාධ්‍ය ජාල හිමිකාරීත්වය පිලිබඳ විනිවිදභාවයෙහි ඇති අඩුලුහුඬුකම් වේ. තොරතුරු ලබා දෙන්නේ කවුරුන්දැයි නොදන්නා විට ජනතාව එම තොරතුරුවල සත්‍යාසත්‍යභාවය අගයන්නේ කෙසේද? තමන්ගේ සේවා ආයතනය පාලනය කරන්නේ කවුරුන්දැයි නොදන්නා විට මාධ්‍යවේදීන් නිසි ලෙස ක්‍රියා කරන්නේ කෙසේද? හිමිකාරීත්වය නොදැන මාධ්‍ය පිළිබඳ අධිකාරීන් මාධ්‍ය කේන්ද්‍රගතවීම නවත්වන්නේ කෙසේද?
මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණයෙහි අරමුණ වන්නේ විනිවිදභාවය වැඩි දියුණු කර, "මාධ්‍ය මගින් ලබා දෙන තොරතුරු පාලනය කරන්නේ කවුරුන්ද?" යන පැනයට පිළිතුරු සැපයීමයි.
මෙහිදී:
- වඩාත් වැදගත් වූ සහ විවිධ වූ (රුපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාල, සහ මුද්‍රිත වැනි) මාධ්‍යජාලයන්හි අයිතිකරුවන් සහ ඔවුන්ගේ සම්බන්ධතා පිලිබඳ දැනුවත් කිරීම;
- ප්‍රේක්ෂකයින්ගේ කේන්ද්‍රගත වීම අනුව පොදුජන මත නිර්මාණය කිරීමෙහිලා ඇති බලපෑම විශ්ලේෂණය කිරීම;
- මාධ්‍ය හිමිකාරීත්වය සහ කේන්ද්‍රගතවීම නියාමනය කිරීම සහ නියාමන ආරක්ෂක පිළිවෙත් ක්‍රියාත්මක කිරීම පිලිබඳ තොරතුරු හෙළිකිරීම;
යනාදී ක්‍රමවේදයන් මගින් ඉහත පැනයට පිළිතුරු සැපයීමට මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය උත්සහ දරා ඇත.
ක්‍රමය: දත්ත එකතු කිරීම සහ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම්
සාමාන්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව, මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය ගොඩනගා ඇත්තේ සියළු අදාළ ජනමාධ්‍ය ආයතනයන්හි හිමිකරුවන්, පොදු ජනතාවට විවෘත, නිරන්තරයෙන් යාවත්කාලීන වන දත්ත පද්ධතියක සිතියම්ගත කිරීමට ගත් උත්සාහයක ප්‍රථිපලයක් ලෙසයි. මෙමගින් ජනමාධ්‍යයන්හි හිමිකරුවන් පිළිබඳව විනිවිදභාවයක් සහ ඔවුන්ගේ ලැදිකම් සහ සම්බන්ධතා පිලිබඳ තොරතුරු සැපයෙන අතර, එමගින් මතුවන පරාධීනත්වයත්, ඒ අනුව පොදු ජන මතයට බලපෑම් කළ හැක්කේ කාටද යන වගත් කියා පායි. ක්ෂේත්‍ර ක්‍රියාකාරකම්හි අරමුණ වන්නේ වැඩි අයිතියක් ඇත්තේ කාටද යන්න සොයා බැලීම පමණක් නොව, අවසානයෙහි ජන මාධ්‍ය පාලනය කරන්නේ කවුද යන්නද විමර්ශනය කිරීමයි. තවද, මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය මගින් රටවල වෙළඳපොල සහ නෛතික පරිසරය විශ්ලේෂණය මගින් සන්දර්භානුගත තොරතුරු සැපයීමක්ද, ගුණාත්මක තොරතුරු විශ්ලේෂණයක්ද ලබා දේ.
Reporters Without Borders (RSF) හි සහයෝගය ඇතිව දත්ත එකතු කිරීම සිදු කරනු ලැබුවේ වෙරිටේ රිසර්ච් ආයතනය හා අනුබද්ධ දේශීය පර්යේෂණ කණ්ඩායමක් විසිනි.
මෙවලම: පරිශීලක අත්පොත
දත්ත එක්රැස් කරණු ලැබුවේ සවිස්තරාත්මක පරිශීලක අත්පොතකට අනුවය. එම අත්පොත මගින් පහත සඳහන් දෑ ආවරණය කර ඇත.
අ කොටස: සන්දර්භය (context) මගින් මාධ්‍ය වෙළදපොළ සහ එය වටා ඇති තත්ත්වය (හිමිකාරීත්වයෙහි ගැටළු හා බැඳුනු නියාමන රාමුව, රටෙහි තොරතුරු සහ මාධ්‍ය පිලිබඳ තොරතුරු වැනි) පිලිබඳ දැක්මක් ලබා දෙයි. මෙම කොටස මගින් පහත සඳහන් කොටස්හි සොයා ගැනීම් පිලිබඳ වැඩි අවබෝධයක් ලබා ගැනීමට උත්සහ දරණ අතර, මාධ්‍ය බහුත්වවාදයට ඇතිවිය හැකි අවදානම් පිලිබඳ අවබෝධයක් ලබා දීමද සිදු කෙරේ.
ආ කොටස: මාධ්‍ය වෙළඳපොළ (media market) යන කොටස මගින් පොදුජන අදහස් නිර්මාණයට අදාළ මාධ්‍ය හඳුනා ගැනේ. මෙය සිදු කරන්නේ එම මාධ්‍යයට ඇති ප්‍රේක්ෂක/ග්‍රාහක/ශ්‍රාවක/පාඨක ප්‍රමාණය මගිනි. ඒ අනුව මාධ්‍යජාල 46ක් හඳුනා ගැනිණි. මෙයට රුපවාහිනි නාලිකා 12ක්, ගුවන්විදුලි නාලිකා 11ක්, මුද්‍රිත මාධ්‍ය 12ක්, සහ අන්තර්ජාල මාධ්‍ය 11ක් අයත්ය.
ඇ කොටස: හිමිකාරීත්වය (ownership) යන කොටස මගින් අදාළ මාධ්‍යයට බලපෑම් කළ හැකි හිමිකරුවන්/කොටස්කරුවන්/පුද්ගලයින් පිලිබඳව විමර්ශනය කෙරේ. ප්‍රමුඛ මාධ්‍ය, ආර්ථික (ආදායම අනුව) හෝ ප්‍රේක්ෂක තොරතුරු අනුව නිර්වචනය කොට, ඔවුන්ගේ හිමිකාරීත්වයෙහි ලක්ෂණ අනුව වැඩි දුර පරීක්ෂාවට ලක් කෙරේ. ආයතන 19ක් සහ පුද්ගලයින් 23ක් මෙලෙස පරීක්ෂාවට ලක් කෙරිණි.
ඈ කොටස: “දර්ශකයන්” (indicators) යන්නෙන් මාධ්‍ය හිමිකාරීත්වයෙහි පාලනය හේතුවෙන් මාධ්‍ය බහුත්වවාදයට ඇතිවිය හැකි අවදානම් ලැයිස්තුගත කිරීමේදී භාවිතා කළ හැකි දර්ශකයන් විස්තර කෙරේ.
පරිශීලක අත්පොත සකස් කර ඇත්තේ දැනට ඇති මාධ්‍ය හිමිකාරීත්වය සහ මාධ්‍ය බහුත්වවාදය පිලිබඳ පර්යේෂණ භාවිතයෙනි. දර්ශකයන් සකස් කිරීමේදී යුරෝපයෙන් අරමුදල් සපයන යුරෝපා විශ්වවිද්‍යාල ආයතනයෙහි මාධ්‍ය බහුත්වවාදය සහ මාධ්‍ය නිදහස පිලිබඳ කේන්ද්‍රයෙහි, මාධ්‍ය බහුත්ව අනාවරකය (Media Pluralism Monitor) ආදර්ශය සහ අනුප්‍රාණය ලෙස ගෙන තිබේ.