අද දෙරණ
සීමාසහිත පවර් හවුස් හි උප සමාගමක් වන සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම යටතේ ඇති ත්‍රෛභාෂික අන්තර්ජාල ප්‍රවෘත්ති අඩවියක් ලෙසින් අද දෙරණ හඳුන්වා දිය හැක. මෙය 2007 සිට ක්ෂණික තොරතුරු එස්. එම්.එස් ලබාදීම සඳහා ඩයලොග් ටෙලිකොම් හා අත්වැල් බැඳගෙන ඇත. මීට අමතරව සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම මගින් අද දෙරණ 24x7 ලෙසින් හැඳින්වෙන පළමු පැය 24 පුරා විකාශය වන රූපවාහිනී නාලිකාවද හඳුන්වා දෙන්නට යෙදිණි. මෙම නාලිකාව ලබාගත හැකි වන්නේ ඩයලොග් ටෙලිවිෂන් සහ PEO TV සඳහා ලියාපදිංචි ග්‍රාහකයන් හට පමණි.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
දත්ත නොමැත
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාත්‍යන්තර
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත පවර් හවුස්
හිමිකාරීත්ව ව්‍යුහය
සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගමේ අයිතිය ඇත්තේ සීමාසහිත පවර් හවුස් සමාගමට වේ. දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ හවුලේ 49.41% ක කොටස් ප්‍රමාණයක් පාලනය කරන අතර, එයින් ඔවුන් පවර් හවුස් හි බහුතර කොටස් හිමිකරුවන් වී තිබේ. එසේම ඔවුන් එක් එක් අයෙකුට 9% ක තනි තනි කොටස් ප්‍රමාණයන්ද ඇත
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සමූහය / තනි හිමිකරු
දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ
දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ හවුලේ 49.41% ක කොටස් ප්‍රමාණයක් පාලනය කරන අතර, ඔවුන් එක් එක් අයෙකුට 9% ක තනි තනි කොටස් ප්‍රමාණයන්ද ඇත.
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
දත්ත නොමැත
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
ප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන දිලිත් ජයවීර සහ විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගමගේ දියණිය වන වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ, සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්.) සමාගම අයත් සීමාසහිත පවර් හවුස් සමාගමේ හවුල් ආරම්භකරුවන් වේ. වර්තමානයේ දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්.) සමාගම මගින් ටීවී දෙරණ සහ එෆ්.එම්.දෙරණ පවත්වා ගෙන යනු ලැබේ. දිලිත් සහ වරුණි මූලිකවම ඔවුන්ගේ වාණිජ ව්‍යාපාරයන් ආරම්භ කරනු ලැබුවේ, ඔවුන් නීති ශිෂ්‍යයින්ව සිටිනා අතරතුරදී සීමාසහිත ට්‍රයැඩ් (පුද්) සමාගම නම් වෙළඳ දැන්වීම් ඒජන්සිය සමගිනි. 1993 දී ස්ථාපනය කරනු ලැබූ මෙම ඒජන්සිය ආකෘතිගත කරනු ලැබුවේ රටේ පළමුවෙනි දේශීය වෙළෙඳ දැන්වීම් නිර්මාණ ආයතනය ලෙසයි. 2005 දී මෙය ප්‍රසිද්ධියට පත්වූයේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් වෙළෙඳ දැන්වීම් ව්‍යාපාරයන් මෙහෙයවීම තුලිනි. සීමාසහිත ට්‍රයැඩ් (පුද්) සමාගම ස්ථාපනය කිරීමට පසු, දිලිත් සහ වරුණි සීමාසහිත පවර් හවුස් නැතිනම් 2003 දී සංස්ථාපනය කිරීමට පෙර සීමාසහිත පවර් හවුස් (පුද්) සමාගම, 2008 දී සංස්ථාපිත සීමාසහිත ද්‍රණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම වැනි ජනමාධ්‍ය සම්බන්ධ වෙනත් ව්‍යාපාරයන් කිහිපයක් වෙතද අවධානය යොමු කරන ලදී.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
මාධව මඩවල අධ්‍යක්ෂවරයෙකි මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාද වේ. ඔහු සීමාසහිත පවර් හවුස් හි කොටස් හිමිකරුවෙකු ලෙසද ලැයිස්තු ගත වී සිටී.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
දත්ත නොමැත
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
ලක්සිරි වික්‍රමගේ අධ්‍යක්ෂවරයෙකු හා උප සභාපති ලෙසින් කටයුතු කරන අතර, ඔහුට සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගමේ මවු සමාගම වන සීමාසහිත පවර් හවුස් හි 2% කොටස් හිමිකාරීත්වයද තිබේ.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Derana Macro Entertainment (Pvt) Limited
No. 320, T.B Jaya Mawatha, Level 4, Colombo 10
Tel: +945300800, +945300700
Fax: +942506226
Web Editor (English) : yusuf@derana.lk
Web Editor (Sinhala) : samans@derana.lk
Web Editor (Tamil) : bavan@derana.lk
Website: www.derana.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
අද දෙරණ නිල වෙබ් අඩවිය මගින් එහි සංවිධාන ව්‍යුහය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු නොසපයයි. එනිසා පොදුජනයාට ලබාගත හැකි ද්විතීයික මූලාශ්‍රයන් ආශ්‍රය කොට ගෙන ඇත. හිමිකාරීත්ව ව්‍යුහය පිළිබඳ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා ලබාගත හැකි වාර්ෂික වාර්තා ඔස්සේ ලබාගෙන ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත ඇත්තේ 2015 වසර සඳහා වේ. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත පවර් හවුස් සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.