චැනල් අයි/නේත්‍රා ටීවී

චැනල් අයි සහ නේත්‍රා ටීවී යනු, රජයට අයත් එකකට එකක් වෙනස් රූපවාහිනී නාලිකා වේ. මෙම නාලිකා දෙකම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) යටතේ පවතී. ජාතික රූපවාහිනිය මෙහෙයවෙන්නේද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යටතේම වේ. පිළිවෙලින් 1999 සහ 2008 දී ආරම්භ වූවද, චැනල් අයි සහ නේත්‍රා ටීවී යන දෙකම එකම සංඛ්‍යාතයක් යටතේ පවතින අතර දෙකේම ප්‍රේක්ෂක ප්‍රතිශතය 3.2% වේ. මුලින් රූපවාහිනී 2 ලෙසින් හැඳින්වුණු චැනල් අයි එසේ නැවත නම් කෙරුණේ 2000 වසරේදී වේ. මෙම 'Eye' යන සන්නාමය තිබෙන්නේ නාලිකාවේ ප්‍රධාන හරයන් ත්‍රිත්වය වන (1) අධ්‍යාපනය, (2) තාරුණ්‍යය, (3) විනෝදාස්වාදය සංකේත්වත් කිරීමට වේ. දමිළ භාෂා වැඩසටහන්ද මුල් කාලයේදී චැනල් අයි මගින් විකාශය කෙරුණද, 2008 දී නේත්‍රා ටීවී ආරම්භ කිරීමෙන් පසු, එම දමිළ භාෂා වැඩසටහන් නේත්‍රා ටීවී මගින් ලබාගන්නා ලදී.
චැනල් අයි වැඩසටහන් පෙළගැස්මට ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති වල ඉංග්‍රීසි සංස්කරණයද, ඉංග්‍රීසි හා දමිළ යන ද්විභාෂාවන්ගෙන් ප්‍රකාශය වන පුවත්පත් විචාරයන්ද, යම් යම් ඉංග්‍රීසි සංගීත වැඩසටහන්ද අයත් වේ. සැලකිය යුතු පරිද්දෙන්, බොහෝ ක්‍රීඩා වැඩසටහන් විකාශය කිරීම සඳහාද චැනල් අයි ප්‍රසිද්ධියක් උසුලයි. උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, 1996, 1999, 2003, 2007, 2011, 2015 යන වසරවල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි හයක් සඳහා ශ්‍රී ලංකා නිල විකාශන හවුල්කරු වූයේ චැනල් අයි නාලිකාවයි. එසේම 2010, 2014, 2018 වසර සඳහා ෆිෆා ලෝක කුසලාන ශ්‍රී ලංකා නිල විකාශන හවුල්කරු වූයේද චැනල් අයි නාලිකාවයි.
නේත්‍රා ටීවී ප්‍රධාන වශයෙන් දමිළ බස කථා කරන ප්‍රේක්ෂක පිරිසකට වැඩසටහන් ඉදිරිපත් කරයි. එහි වැඩසටහන් පෙළගැස්මට ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති වල දමිළ සංස්කරණයද, දේශපාලන විවාදයන්ද, ටෙලිනාට්‍යයන්ද, දමිළ භාෂා සංගීත වැඩසටහන්ද අයත් වේ.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
3.2%
හිමිකාරීත්ව ආකාරය
රජයට අයත්
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ විකාශය කරනු ලබන
මාධ්‍ය සමාගම්/සමූහයන්
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC)
හිමිකාරීත්ව ව්‍යුහය
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා අංක 6 දරණ පනත මගින් 1982 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) ස්ථාපනය කෙරිණි. වර්තමානයේදී ජාතික රූපවාහිනී නාලිකාව, චැනල් අයි සහ නේත්‍රා ටීවී යන නාලිකා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යටතේ පවත්වා ගැනේ. මෙම ආයතනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය තුළ තිබේ.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
1999 -චැනල් අයි/ 2008 - නේත්‍රා ටීවී
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
චැනල් අයි රජයට අයත් රූපවාහිනී නාලිකාවක් වුවත්, එහි නිර්මාතෘ ලෙසි ගෞරවය ලබන්නේ පියදාස රණසිංහ වේ. ඊට පෙර පියදාස රණසිංහ ජාතික රූපවාහිනියේ වාණිජ මෙහෙයුම් නියෝජ්‍ය ජනරාල් ලෙසින්ද සේවය කොට ඇත.
නේත්‍රා ටීවී ආරම්භකයා පිළිබඳ තොරතුරු ලබාගැනීමට නොමැත.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 2018 ජූනි මස සිට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ලෙසින් කටයුතු කරයි. ඇය චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් සහ නිෂ්පාදකවරියක් වන අතර, ඇය 1992 දී තම වෘත්තිය ආරම්භ කළේ දකුණු ආසියාවේ විශාලතම රූපවාහිනී නිෂ්පාදන සමාගම ලෙසින් සැලකුණු සීමාසහිත ටෙලිසිනේ (පුද්) සමාගමෙන් වේ.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
සුමේධ හෙට්ටිආරච්චි - චැනල් අයි ප්‍රධාන සංස්කාරක
එම්.එන්.රාජා - නේත්‍රා ටීවී ප්‍රධාන සංස්කාරක
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
නවාස් මොහොමඩ් - ක්‍රියාකාරී අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික.
තුසිර මලව්වෙතන්ත්රි - ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වර්තමාන අධ්‍යක්ෂ-ජනරාල් වේ.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Sri Lanka Rupavahini Corporation
Channel Eye/ Nethra TV
No. 2204, Torrington Square, Colombo 7
General: +94 11 250 1050, +94 11 599 506
Fax: +94 11 258 0929
Email: rupavahini@yahoo.com
Website: www.rupavahini.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
නේත්‍රා ටීවී සහ චැනල් අයි සඳහා නිල වෙබ් අඩවි නොමැත. එම නාලිකාවන්ගේ මව් සමාගම වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ (SLRC) නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ විය හැකි කළමනාකාරීත්ව ව්‍යුහයෙන්ද ලබාගත හැක්කේ සීමිත තොරතුරු ප්‍රමාණයකි. එනිසා නාලිකා සම්බන්ධ වැඩිදුර තොරතුරු එක් රැස් කරගැනීම සඳහා ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනය කිරීමට සිදුවුණි. නාලිකාවන් පිළිබඳ මූල්‍ය දත්ත ලබාගැනීමට නොතිබුණි. වසර 2017 සඳහා ප්‍රේක්ෂක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගන්නා ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.