දෙරණ ටීවී
ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන කර්මාන්තයට ආධුනිකයෙකු වූ දෙරණ ටීවී සිය විකාශය ආරම්භ කළේ 2005 දී වේ. 2017 දී ලංකා අලෙවි පර්යේෂණ ආයතනයේ සමීක්ෂණයන්ට අනුව දෙරණ ටීවී ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම නරඹනා රූපවාහිනී චැනලය බවට පත්ව ඇත. එහි මූලික පියවරේදී චැනලය දිනකට පැය පහක පමණක් වැඩසටහන් ඉදිරිපත් කරන ලදී. වර්තමානයේ දෙරණ ටීවී සිය වැඩසටහන් සිංහල භාෂාවෙන් සිදුකරයි. මෙම වැඩසටහන් වලට ප්‍රවෘත්ති, ටෙලිනාට්‍ය සග ආගමික වැඩසටහන් අයත් වේ. දෙරණ ටීවී මෙහෙයවෙන්නේ, සීමාසහිත පවර් හවුස් සමාගමේ උප සමාගමක් වන සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම මගිනි. සම ආරම්භකයින් වන දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ සීමාසහිත පවර් හවුස් හි බහුතර කොටස් හිමිකාරීත්වය දරයි.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
19.50%
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ විකාශය කරනු ලබන
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත පවර් හවුස්
හිමිකාරීත්ව ව්‍යුහය
සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගමේ අයිතිය ඇත්තේ සීමාසහිත පවර් හවුස් සමාගමට වේ. දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ හවුලේ 49.41% ක කොටස් ප්‍රමාණයක් පාලනය කරන අතර, එයින් ඔවුන් පවර් හවුස් හි බහුතර කොටස් හිමිකරුවන් වී තිබේ. එසේම ඔවුන් එක් එක් අයෙකුට 9% ක තනි තනි කොටස් ප්‍රමාණයන්ද ඇත.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සමූහය / තනි හිමිකරු
දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ
දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ හවුලේ 49.41% ක කොටස් ප්‍රමාණයක් පාලනය කරන අතර, ඔවුන් එක් එක් අයෙකුට 9% ක තනි තනි කොටස් ප්‍රමාණයන්ද ඇත.
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
2005
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
ප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන දිලිත් ජයවීර සහ විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගමගේ දියණිය වන වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ, සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්.) සමාගම අයත් සීමාසහිත පවර් හවුස් සමාගමේ හවුල් ආරම්භකරුවන් වේ. වර්තමානයේ දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්.) සමාගම මගින් ටීවී දෙරණ සහ එෆ්.එම්.දෙරණ පවත්වා ගෙන යනු ලැබේ. දිලිත් සහ වරුණි මූලිකවම ඔවුන්ගේ වාණිජ ව්‍යාපාරයන් ආරම්භ කරනු ලැබුවේ, ඔවුන් නීති ශිෂ්‍යයින්ව සිටිනා අතරතුරදී සීමාසහිත ට්‍රයැඩ් (පුද්) සමාගම නම් වෙළඳ දැන්වීම් ඒජන්සිය සමගිනි. 1993 දී ස්ථාපනය කරනු ලැබූ මෙම ඒජන්සිය ආකෘතිගත කරනු ලැබුවේ රටේ පළමුවෙනි දේශීය වෙළෙඳ දැන්වීම් නිර්මාණ ආයතනය ලෙසයි. 2005 දී මෙය ප්‍රසිද්ධියට පත්වූයේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් වෙළෙඳ දැන්වීම් ව්‍යාපාරයන් මෙහෙයවීම තුලිනි. සීමාසහිත ට්‍රයැඩ් (පුද්) සමාගම ස්ථාපනය කිරීමට පසු, දිලිත් සහ වරුණි සීමාසහිත පවර් හවුස් නැතිනම් 2003 දී සංස්ථාපනය කිරීමට පෙර සීමාසහිත පවර් හවුස් (පුද්) සමාගම, 2008 දී සංස්ථාපිත සීමාසහිත ද්‍රණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම වැනි ජනමාධ්‍ය සම්බන්ධ වෙනත් ව්‍යාපාරයන් කිහිපයක් වෙතද අවධානය යොමු කරන ලදී.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
මාධව මඩවල අධ්‍යක්ෂවරයෙකි මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාද වේ. ඔහු සීමාසහිත පවර් හවුස් හි කොටස් හිමිකරුවෙකු ලෙසද ලැයිස්තු ගත වී සිටී.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
ෂෙහාන් බරණගේ, ටීවී දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
ලක්සිරි වික්‍රමගේ අධ්‍යක්ෂවරයෙකු හා උප සභාපති ලෙසින් කටයුතු කරන අතර, ඔහුට සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගමේ මවු සමාගම වන සීමාසහිත පවර් හවුස් හි 2% කොටස් හිමිකාරීත්වයද තිබේ.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Derana Macroentertainment (Pvt) Limited
No. 320, T.B. Jaya Mawatha, Level 4, Colombo 10
Tel: +945300800, +945300700
Fax: +942506226
Website: derana.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
ටීවී දෙරණ නිල වෙබ් අඩවිය මගින් එහි සංවිධාන ව්‍යුහය පිළිබඳ ප්‍රමාණවත් විස්තර නොසපයයි. මේ අතර, දෙරණ ටීවී පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා ඔස්සේ සීමාසහිත පවර් හවුස් සහ සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම අතර සම්බන්ධය පැහැදිලිව නොදැක්වේ. තවදුරටත් සීමාසහිත ට්‍රයැඩ් (පුද්) සමාගමේ උප සමාගමක් වන Eagewise (මෙය ඉමේජ්වයිස් ලෙසින් උච්ඡාරණය කෙරේ) පිළිබඳව සහ ඉමේජ්වයිස් හා ට්‍රයැඩ් (පුද්) සමාගම අතර සම්බන්ධතාවයද සෑමවිටම පැහැදිලිව ස්ථාපනය වී නැත. පුවත්පත් වාර්තාවන්ගෙන් දෙරණ ටීවී ආරම්භ වූයේ 2005 වසරේ යැයි දැක්වුණද, සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගමේ LinkedIn ප්‍රොෆයිලය මගින් එහි ආරම්භක වර්ෂය ලෙසින් දක්වන්නේ 2009 වසරයි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 25 දින ප්‍රතිචාර දක්වා තිබිණි. හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත පවර් හවුස් සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.