හිරු ටීවී
හිරු ටීවි යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් රූපවාහිනී නාලිකාව වෙයි. වාර්තා වන ආකාරයට එය ආරම්භයේ සිටම දිවයින පුරා ආවරණයක් සහිතව දියත් විණි. වර්තමානයේදී නාලිකාව පාලනය වන්නේ සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගම (ඒබීසී) මගිනි. ඒබීසී ලැයිස්තුගත වී ඇත්තේ සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ උප සමාගමක් ලෙසින් බව දෙවෙනුව කී සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ. සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ ප්‍රකට මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිරූපයක් වන රේනෝ සිල්වාට වේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාද රේනෝගේ සහෝදරයෙකි. දුමින්ද සිල්වා මේ වනවිට, තමන්ට සහ තවත් සිවු දෙනෙකුට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නියම වී ඇති මරණ දඬුවම සඳහා කොළඹ මහාධිකරණයේ අභියාචනය කර ඇත. මේ අතර රෙනෝගේ සොයුරු වින්සන්ට් සිල්වා සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි.
හිරු ටීවී නාලිකාවේ දේශපාලන සංවාද, ප්‍රවෘත්ති වල සිට කාලීන තොරතුරු සහ ටෙලිනාට්‍ය දක්වා වැඩසටහන් පෙළක් සිංහල භාෂාවෙන් විකාශය වේ. හිරු එෆ් එම්, ගෝල්ඩ් එෆ් එම්, සන් එෆ් එම්, ෂා එෆ් එම්, සූරියන් එෆ් එම් වැනි ගුවන් විදුලි නාලිකා සහ Hirunews.lk හා gossip.hirufm.lk වැනි ප්‍රවෘත්ති අඩවි ඇතුළුව ඒබීසී ජාලයේ ලැයිස්තුගතව ඇති මාධ්‍ය ආයතන අතුරින්, රූපවාහිනී නාලිකාවක් ලෙසින් ලැයිස්තුගතවී ඇත්තේ හිරු ටීවී පමණි
ප්‍රේක්ෂක ප්‍රතිශතය
18.1%
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ විකාශය කරනු ලබන
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගම
හිමිකාරීත්ව ව්‍යුහය
හිරු ටීවී හිමිකාරීත්වය ඇත්තේ සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමට වන අතර එය සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ උප සමාගමක් ලෙසින් දැක්විය හැක. සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය 150,064,370 ක් වන අතර, 2018 දී සීමාසහිත මීඩියාකෝ ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම මගින් කොටස් 85,536,691 ක් අත්පත් කරගන්නා තුරු සමාගමේ පූර්ණ කොටස් හිමිකාරීත්වය තිබුණේ සීමාසහිත ස්කයිලයින් පැසිෆික් රියල් එස්ටේට් (පුද්) සමාගමට වේ. මෙහිදී සැලකිය යුතු වන්නේ සීමාසහිත ස්කයිලයින් පැසිෆික් රියල් එස්ටේට් (පුද්) සමාගම සම්පූර්ණයෙන්ම අයත් වන්නේ සිල්වා පවුලට බවයි. වෙන් වෙන්ව දක්වන්නේ නම් සභාපත් රේනෝ සිල්වා (33.33%), ඔහුගේ මව (33.33%), ඔහුගේ පියා (33.33%) අතර හිමිකාරීත්වය බෙදී ඇත.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
2012
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
රේනෝ සිල්වා යනු ශ්‍රී ලංකාවේ විකාශන මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය ව්‍යාපාරිකයෙකි. ඔහු, රටේ විශාලතම ගුවන් විදුලි ජාලය ලෙසින් පවතින සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ සභාපතිවරයා වේ. ඔහු ඒබීසී ජාලය පවරාගත්තේ, එක්සත් රාජධානිය පදනම් කොටගත් සන්රයිස් සමූහය එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් නවතා දැමීමෙන් පසුවයි. රෙනෝගේ සොයුරු වින්සන්ට් සිල්වා සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාද රේනෝගේ සහෝදරයෙකි. දුමින්ද සිල්වා මේ වනවිට, තමන්ට සහ තවත් සිවු දෙනෙකුට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නියම වී ඇති මරණ දඬුවම සඳහා කොළඹ මහාධිකරණයේ අභියාචනය කර ඇත.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
වින්සන්ට් සිල්වා සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. ඔහු සමාගමේ සභාපති රෙනෝ සිල්වාගේ සහ මේ වනවිට, තමන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නියම වී ඇති මරණ දඬුවම සඳහා කොළඹ මහාධිකරණයේ අභියාචනය කර සිටිනා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සහෝදරයා වේ. එසේම වින්සන්ට්, 2018 මාර්තු වන තුරු සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ එකම කොටස් හිමිකරු ලෙසින් කටයුතු කළ සීමාසහිත ස්කයිලයින් පැසිෆික් රියල් එස්ටේට් (පුද්) සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින්ද කටයුතු කරයි.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
හිරු ටීවී සහ හිරු එෆ් එම් හි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙසින් සුදේව හෙට්ටිආරච්චි කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ලෝකයට පිවිසියේ ලංකා ගුවන් විදුලියේ 'ළමා පිටියේ' හඬ කැවීම් ශිල්පියෙකි ලෙසින් කටයුතු කරමින් කුඩා වයසේදීම වේ. ඔහු 1998 දී සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමට එක් වෙයි. වාර්තා වන ආකාරයට හිරු එෆ් එම් හි උදෑසන වැඩසටහනේ ආරම්භක නිවේදකයා වන්නේද ඔහුයි.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
විරාජ් වැලිවත්ත යනු හිරු ටීවී හි වැඩසටහන් අධ්‍යක්ෂ මෙන්ම හිටපු නිෂ්පාදන අධ්‍යක්ෂ වේ. හිරු ටීවී හා සේවය කිරීමට පෙරාතුව ඔහු සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ උප සමාගමක් වූ සීමාසහිත එම්ටීවී චැනල් (පුද්) සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙකු විය.
උපේන්ද්‍ර හේරත් යනු නාලිකාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වේ. ඔහු තම මාධ්‍ය වෘත්තිය ආරම්භ කළේ සීමාසහිත එම්ටීවී/එම්බීසී චැනල්ස් (පුද්) සමාගමේ විධායක නිෂ්පාදකවරයෙකු වශයෙනි. එසේම ඔහු ඊඒපී ජාලයේ විධායක ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙකු ලෙසින්ද කටයුතු කොට තිබේ.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Asia Broadcasting Corporation (Pvt) Limited
35th Floor, East Tower, World Trade Center, Colombo 1
Tel: +94 11 2 337 555
Fax: (+94) 112 346 870
E-mail: md@asiabroadcasting.lk
Website: www.hirutv.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
හිරු ටීවී නිල වෙබ් අඩවිය ප්‍රවෘත්ති අඩවියක් ලෙසින් ක්‍රියාත්මක වන අතර, සමාගමේ සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් නොදක්වයි. හිරු ටීවී පාලනය කෙරෙනා සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ (ABC) වෙබ් අඩවියේ, එහි ආරම්භකයා වන රේනෝ සිල්වා පිළිබඳව කොටසක් ඇත. කෙසේ වුවත් අනෙකුත් වැදගත් පුද්ගලයින් එහි ලැයිස්තුගත වී නොමැත. රේනෝ සිල්වාගේ සොයුරු වින්සන්ට් සිල්වා ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් පත්වූ බව සහතික කරගැනීම සිදුවූයේ 2018 සැප්තැම්බර් 20 වෙනි දින ABC මාධ්‍ය ජාලයට ලබාදුන් සෘජු දුරකථන ඇමතුමකින් ඔවුන්ව සම්බන්ධ කරගැනීමෙනි. එසේම තවදුරටත් පැහැදිලි කෙරුණේ හිරු ටීවී සඳහා විශේෂයෙන් පත් කරනු ලැබූ නාලිකා ප්‍රධානියෙකු හෝ ස්ථාන ප්‍රධානියෙකි නොසිටින බවයි. ඒ වෙනුවට ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සහ වැඩසටහන් අධ්‍යක්ෂක, ප්‍රධාන විධායක නිලධාරියාට වාර්තා කරයි. වර්තමාන සමාගම් කොටස් හිමිකරුවන් හා අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. වසර 2017 සඳහා ප්‍රේක්ෂක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගන්නා ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.