This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/29 at 15:47
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

ලංකාදීප ඔන්ලයින්

ලංකාදීප ඔන්ලයින් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රකාශන ආයතනයක් වන සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් මෙහෙයවනු ලබන සිංහල භාෂා ප්‍රවෘත්ති වෙබ් අඩවියකි. ලංකාදීප දිනපතා සහ සතිපතා මුද්‍රිත සංස්කරණයන්හි පළවන ප්‍රවෘත්ති අන්තර්ගතයන් ප්‍රමාණයක් මෙම ඔන්ලයින් අඩවිය තුළද නැවත ප්‍රකාශය වේ. මේ අනුව ගත් විට, යම් මුදලක් ගෙවා ප්‍රවේශය ලබාගත යුතු ඉහත පුවත්පත් වල ඊ-පුවත්පත් සංස්කරණයෙන් මෙය වෙනස් වේ. ලංකාදීප ඔන්ලයින් අඩවිය මගින් දේශපාලනය, ආර්ථිකය, ව්‍යාපාර, ක්‍රීඩා හා විනෝදාස්වාද යන තේමා කිහිපයක් ඔස්සේම අන්තර්ගතයන් සපයයි. මෙහි අන්තර්ජාල පාඨක ප්‍රමාණය පිළිබඳ දත්ත නොමැත.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

දත්ත නොමැත

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාත්‍යන්තර

අන්තර්ගතයන් මාදිලිය

නොමිලේ අන්තර්ගතයන්

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත විජය පුවත්පත් සමාගම (WNL)

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බහුතර කොටස් හිමිකරුවන් වන්නේ විජේවර්ධන පවුලයි. රංජිත් විජේවර්ධන, සුජාන් විජේවර්ධන, රුවන් විජේවර්ධන, ඉරුෂි නීලා බුලත්සිංහල සහ රංජිනී විජේවර්ධන එක්ව ගත් විට සමාගමේ කොටස් 99.98% ක ප්‍රමාණයකට හිමිකම් කියයි. මේ අතර සීමාසහිත සාරතී සමාගම යනුවෙන් හැඳින්වෙන විජය ව්‍යාපාර සමූහය හා අනුබද්ධිත සමාගමක්ද විජය පුවත්පත් සමාගමේ කොටස් හිමිකාරීත්වය දරයි. විජේවර්ධන පවුලේ සාමාජිකයින් හැරෙන්නට, ආනන්දි බාලසිංහම් හටද විජය පුවත්පත් සමාගමේ කොටස් ඉතා සුළු ප්‍රතිශතයක් අයත් වේ. කෙසේ වුවත් ආනන්දි බාලසිංහම්, පෙර කියූ ලෙසට විජය ව්‍යාපාර සමූහයට අනුබද්ධ සීමාසහිත සාරතී සමාගමෙහි බූදල් පරිපාලක ලෙසින්ද ක්‍රියා කරයි

ඡන්ද අයිතිවාසිකම්

තනි තනිව හෝ සමාගම් වශයෙන් දරණා කොටස් මත පදනම්ව ඡන්ද අයිතිය පවරා ඇත. එම නිසාවෙන් ඡන්ද අයිතිය මෙසේ වෙයි: # රංජිත් විජේවර්ධන - 89.99% # සුජාන් විජේවර්ධන - 10% # රුවන් විජේවර්ධන - 0.002% # ඉරුෂි නීලා බුලත්සිංහල - 0.002% # රංජිනී නීලා විජේවර්ධන - 0.002% # සාරතී ලිමිටඩ් - 0.002% # ආනන්දි බාලසිංහම් - 0.002% #

තනි හිමිකරු

මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

දත්ත නොමැත

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ලංකාදීප ඔන්ලයින් ස්ථාපනය වී ඇත්තේ සීමාසහිත විජය පුවත්පත් සමාගම යටතේ වන අතර, එය රංජිත් විජේවර්ධන විසින් ආරම්භ කරන්නට යෙදිණි. රංජිත් සුජීව විජේවර්ධන නැතිනම් රංජිත් විජේවර්ධන යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වූ ඩී.ආර්.විජේවර්ධනගේ පුත්‍රයා වේ. ඩී.ආර්. විජේවර්ධන විසින්, 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් රජයට පවරා ගැනීමට පෙර, 1926 දී සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL නැතිනම් ලේක්හවුස් ලෙසින්ද හැඳින්වෙන) ආරම්භ කළ පුරෝගාමියා වේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ආරම්භ සභාපති මෙන්ම බහුතර කොටස් හිමිකරු ලෙසින්ද රංජිත් ක්‍රියා කරයි. මෙම සමාගම සීමාසහිත විජය ප්‍රකාශන යන නම යටතේ 1979 දී ආරම්භ වූවද, එය සතිපතා ඉරිදා ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේ 1986 දී වන අතර, ඊට යම් කාලයකට පසු 1991 දී දිනපතා ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කෙරිණි. මීට අමතරව ලේක් හවුස් හිද 0.57% ක කොටස් රංජිත් අත තිබේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපති තනතුර දැරීමට අමතරව, ඔහු සීමාසහිත ලේක් හවුස් මුද්‍රණකරුවෝ සහ ප්‍රකාශකයෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයද, සීමාසහිත ලේක් හවුස් පොත් හල (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත එල්.එච්.ප්ලාන්ටේෂන්ස් (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත රන්වැලි හෝල්ඩින් විලේජ් සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත සාරතී සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත විජය ග්‍රැ‍ෆික්ස් (පුද්.) සමාගමේ සභාපති ධූරයද දරයි. එසේම ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ධූරයද හොබවයි. මීට අමතරව ඔහු සීමාසහිත ෆ්‍රොයෙඩන්බර්ග් සහ සමාගම (ලංකා) හි සහ සීමාසහිත ආර්.එස්.ප්‍රින්ටෙක් (පුද්.) සමාගම හි අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටී.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

රංජිත් සුජීව විජේවර්ධන, ලංකාදීප පුවත්පතේ ප්‍රකාශකයා වන සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරයි. වැඩිවිස්තර සඳහා ඉහත තොරතුරු බලන්න.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

ආරියනන්ද දොඹගහවත්ත දැනට සතිපතා ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙසින් ක්‍රියාකරයි. මීට අමතරව ඔහු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය සීමාවට අයත් වන, පුවත්පත් මගින් විවාදයට පාත්‍ර වූ ආයතනයක් වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මණ්ඩල සාමාජිකයෙකු වෙයි. 2009 දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ, ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සන්ධානයේ, ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ සහ දකුණු ආසියානු නිදහස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SAFMA) සාමාජිකයින් සාමූහිකව ඉල්ලා සිටියේ දොඹගහවත්තව මණ්ඩලයෙන් නෙරපන ලෙසටයි. ඔවුන් චෝදනා කර සිටියේ ඔහුව දේශපාලන වශයෙන් පත් කොට ඇති බවයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමගින් දොඹගහවත්තගේ ඇති දේශපාලන සම්බන්ධතාවයන් පුවත්පත් ප්‍රකාශනයන්හි ප්‍රශ්න කෙරී තිබිණි. අනෙක් අතට ආරියනන්ද දොඹගහවත්ත, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සම්මානලාභියෙකු ලෙසින් හඳුනා ගැනී තිබේ.

අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

ප්‍රේමකීර්ති රණතුංග - ඉරිදා ලංකාදීප සහාය කර්තෘ

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Wijeya Newspapers Limited

No.08, Hunupitiya Cross Road, Colombo 02, Sri Lanka.

General: +94 11 247 9479 , +94 11 231 4714

Fax: +94 11 244 8323

Email: newslankadeepa@gmail.com

Website: www.lankadeepa.lk

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

ලංකාදීප ඔන්ලයින් හි අන්තර්ගතයන්ගේ තේමාවන් පිළිබඳ තොරතුරු එම වෙබ් අඩවියේ සෘජුවම සඳහන්ව තිබිණි. කෙසේ වුවත් ලංකාදීප ඔන්ලයින් හෝ විජය පුවත්පත් සමාගමේ නිල වෙබ් අඩවි වලින් ඒවායේ ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ආකෘතිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොසැපයේ. එනිසා පොදුජනයාට ලබාගත හැකි ද්විතීයික මූලාශ්‍රයන් ආශ්‍රය කොට ගෙන ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් විජය පුවත්පත් සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 17 දින ප්‍රතිචාර දක්වා තිබිණි. ලැබුණු ප්‍රතිචාරය ඔස්සේ, කණ්ඩායමට සමාගම දැනුම් දී තිබූ වෙළෙඳපොළ කොටස් ප්‍රතිශතය (75%) භාවිතා කිරීමට නොහැකි වූයේ, එම ප්‍රතිශතය ලබාගැනීමට භාවිතා වූ අගයන්ට ප්‍රවේශය නොතිබූ බැවිනි. කෙසේ වුවත් සංවිධාන ආකෘතිය පිළිබඳ තොරතුරු සමාගම විසින් ලබාදුන් ප්‍රතිචාරය හරහා මෙන්ම සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහාද ලබාගත හැකි විණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ