This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/16 at 09:24
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

මව්බිම

මව්බිම යනු දිනපතා සහ සතිපතා (ඉරිදා මව්බිම) ප්‍රකාශයට පත් වන ජනප්‍රිය සිංහල භාෂා පුවත්පතක් වන අතර, එය දේශීය, ජාත්‍යන්තර, ක්‍රීඩා හා විනෝදාස්වාද යන කාණ්ඩයන්ගේ පුවත් ආවරණය කරයි. එය ප්‍රජාතාන්ත්‍රික ජාතික සන්ධානයේ (DNA) පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ව්‍යාපාරික ටිරාන් අලස් විසින් ආරම්භ කරනු ලැබූ අතර, ඔහු විසින් ඇරඹූ ඉංග්‍රීසි භාෂා පුවත්පත සිලෝන් ‍ටුඩේ නම් වේ.

2006 දී සීමාසහිත ස්ටෑන්ඩර්ඩ් පුවත්පත් (පුද්) සමාගම යටතේ පුවත්පත ආරම්භ කිරීමේදී, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මගින් බුද්ධිමය දේපළ නඩුවක් ඊට එරෙහිව ගෙන එන ලදී. පක්ෂය මගින් ප්‍රකාශ කොට සිටියේ එම පුවත්පත, 1950 ප්‍රකාශයට පත්වූ පක්ෂයේ නිල පුවත්පතේ නාමයද දැරූ බවයි. කෙසේ වුවත්කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පත වසර දහයකින් හෝ ප්‍රකාශයට පත් කර නොමැති වීම සහ පැමිණිලිකරු වන වැලිවිට ආරච්චිගේ ධර්මදාස එම පුවත්පතේ ලියාපදිංචි අයිතිකරු නොවීම පදනම් කොට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙත්සම අත්හි‍ටුවන්නට තීරණය කෙරිණි. අවසානයේදී පෙත්සම්කරු විසින් පෙත්සම ඉල්ලා අස්කරගන්නට යෙදිණි.

ප්‍රකාශනය කළ කාලය අතරතුරදී මව්බිම කර්තෘ මණ්ඩලයේ සහ හිමිකාරීත්වයේ ලැදියාවන් දේශපාලකයින් කිහිප දෙනෙකු විසින්ම ප්‍රශ්න කරන ලදී. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් පසුගිය රජය වෙත මව්බිම දක්වන විවෘත විවේචනයන් සම්බන්ධයෙන් එය විවෘතවම ගර්හාවට ලක්වී ඇත. එහි මාධ්‍යවේදීන් සහ කර්තෘවරුන් ප්‍රශ්න කිරීමට ලක් වීමත්, බැංකු ගිණුත් අත්හි‍ටුවීමත් සමගින් පුවත්පත 2007 දී වැසී යන ලදී. රිපෝටර්ස් විතවුට් බෝඩර්ස්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ හියුමන් රයිට්ස් වොච් ඇතුළු ජනමාධ්‍ය සම්බන්ධ කණ්ඩායම් කිහිපයක්ම රජයේ මෙම ක්‍රියාවන් විවේචනයට ලක් කරන ලදී. 2011 දී සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගම යටතේ මව්බිම නැවත ප්‍රකාශනය ඇරඹිණි.

2014 දී වර්තමාන පාර්ලිමේන්තු කථානායක කරු ජයසූරිය විසින්, පුවත්පතේ කර්තෘන් විසින් සිතාමතාම අපකීර්තිමත් අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කරන බව පවසමින් ඊට එරෙහිව නඩුවක් ගොනු කළ බව වාර්තා විණි. වත්මන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින්ද පුවත්පතට එරෙහිව සමාන නඩුවක් ගොනු කළ නමුත්, 2018 දී එය ඉල්ලා අස්කරගන්නා ලදී.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

4.26%

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාතික

අන්තර්ගතයන් මාදිලිය

මුදල් ගෙවා ලබාගන්නා

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් (පුද්) සමාගම

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගම අයත් වන්නේ ටිරාන් ප්‍රසන්න අලස්ට සහ සීමාසහිත ඇපොගී ඉන්ටර්නැෂනල් (පුද්) සමාගමට වන අතර, මල්ලිකාගේ ලිහිල් සුභාෂ් සහ දේවතන්ත්‍රිආරච්චිගේ චින්තක ගයාන් යන අයට සුළු කොටස් හිමිවේ. ටිරාන් අලස් හට සමාගමේ 49.99% ක සෘජු කොටස් හිමිවන අතර, සීමාසහිත ඇපොගී ඉන්ටර්නැෂනල් (පුද්.) සමාගමට තවත් 49.99% ක් අයත් වේ. ඇපොගී ඉන්ටර්නැෂනල් (පුද්.) සමාගම ටිරාන් අලස් සහ රමන්ත අලස් 50:50 හිමිකාරීත්ව අනුපාතයකට හිමිකම් දරයි. මෙම සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය සඳහා සේවා සපයන අතර, ඔවුන්ගේ සේවාවන් විදුලි සංදේශ හා ආරක්ෂාවේ සිට බලශක්ති හා ඉදිකිරීම් දක්වා පරාසයක වේ.

ඡන්ද අයිතිවාසිකම්

කටහඬින් හෝ අත් එසවීමෙන් කොටස්කරුවන් ඡන්දය ප්‍රකාශ කරයි. අධ්‍යක්ෂවරුන්ද ඇතුළත් වන ඡන්දයකදී එක් එක් අධ්‍යක්ෂවරයාට එක් ඡන්දයක් හිමිවේ.

තනි හිමිකරු

මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

2006

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

2005 දී සිය කටයුතු ආරම්භ කොට ඉක්මනින්ම වසා දැමුණු සීමාසහිත ස්ටෑන්ඩර්ඩ් පුවත්පත් (පුද්.) සමාගම යටතේ 2006 වසරේදී මව්බිම පුවත්පත ඇරඹිණි. මව්බිම ප්‍රකාශනය නැවතත් 2011 දී ඇරඹුණේ සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගම යටතේයි.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝෆර් අලස් නැතිනම් ටිරාන් අලස් යනු සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමේ ආරම්භකයා සහ මව්බිම ප්‍රධාන විධායක නිලධාරියා වේ. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පක්ෂයෙන් (DNA) පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ නැවත ඉදිකිරීම් හා සංවර්ධන අධිකාරියේ (RADA) හිටපු සභාපතිවරයාද වේ. 1988 දී සීමාසහිත කොමියුනිකේෂන් ඇන්ඩ් බිස්නස් ඉක්විප්මන්ට්ස් (පුද්.) සමාගම, 2005 දී සීමාසහිත ස්ටෑන්ඩර්ඩ් පුවත්පත් (පුද්.) සමාගම සහ 2011 දී සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගම ආරම්භ කළ ටිරාන් අලස් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වේ.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

බෙනට් රූපසිංහ වත්මන් ප්‍රධාන කර්තෘ ලෙසින් සේවය කරයි. බෙනට් රූපසිංහ ලංකා ඊ නිව්ස් හි හිටපු කර්තෘ වන අතර, ඔහු 2011 දී ගිනිතැබීමකට සම්බන්ධ අයෙකුට තර්ජනය කිරීමේ චෝදනාවක් මත අත් අඩංගුවට පත් විණි. ඉන්පසුව ඔහුව නිදහස් කෙරුණු අතර, ඔහුව අත් අඩංගුවට ගැනීම ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මගින් පුළුල්ව විවේචනය කෙරිනි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පැරණි රජය යටතේ මෙන්ම වත්මන් රජය යටතේද වාරණය වී පවතී. එහි කාර්යාලය 2011 ජනවාරි මස ගිනි තැබුණු අතර, වාර්තා වන අන්දමට එහි කාර්ය මණ්ඩලය තම ආරක්ෂාව සම්බන්ධව සැක බිය ඇතිව සිටී.

අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

රමන්ත අලස් යනු සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමේ සහ එහි මවු සමාගම වන සීමාසහිත ඇපොගී හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා වෙයි. සීමාසහිත ඇපොගී හෝල්ඩින් (පුද්.) සමාගම මගින් සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමේ කොටස් 49.99% ක අයිතියට හිමිකම් කියයි. රමන්ත යනු සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමේ සහ සීමාසහිත ඇපොගී හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගමේ ආරම්භකයා වන ටිරාන් අලස්ගේ පුත්‍රයායි.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Ceylon Newspapers (Pvt) Limited

No. 101, Rosmead Place, Colombo 7.

General: +94 117 566 566

Editorial : +94 117 566 502, +94 117 566 506, +94 117 566 527

Email : mbnews@ceylonnewspapers.lk

Website: mawbima.lk

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

මව්බිම නිල වෙබ් අඩවිය එහි ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ එහි පොදු සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදේ. එසේම පුවත්පත 2006 දී සහ 2011 දී ප්‍රකාශයට පත්වූයේ කිනම් සමාගම් දෙක යටතේද යන්න සම්බන්ධයෙන්ද සඳහන් නොකරයි. සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමේ LinkedIn ප්‍රොෆයිලය මගින් සමාගමේ ආරම්භක වසර 2011 ලෙසින් දක්වන අතර, අනුමාන වශයෙන් ඒ මව්බිම ප්‍රකාශනය නැවත ඇරඹුණු වසර වේ. තවදුරටත් සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගම සඳහා නිල වෙබ් අඩවියක් නැත. එනිසා පොදුවේ ප්‍රවේශය ඇති ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනය කොට ඇත. සමාගමේ වර්තමාන කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් ‍රැස් කොටගෙන ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වන ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 සැප්තැම්බර් 19 වන දින සිලෝන් ‍ටුඩේ පුවත්පතේ කර්තෘවරුන් දෙදෙනෙකු මුණගැසුණු අතර, ඔවුන් ශ්‍රීලංකාවේ මාධ්‍ය හිමිකාරීත්වයේ පසුතලය පිළිබඳ තොරතුරු මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් සහ සම්බන්ධ කර ගැනීමේ තොරතුරු ලබාදීමෙන් ඉහළ උපකාරශීලීත්වයක් දක්වන ලදී. වසර 2017 සඳහා පාඨක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගත් අතර, එය මව්බිම සතිපතා හා දිනපතා ප්‍රකාශනයන්ගෙන් ද්විගුණ අංකයන් අඩු කිරීමෙන් ලැබුණු ගණන විණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ