This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/19 at 02:23
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

නෙත් එෆ් එම්

2005 දී ආරම්භ වූ නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව සිංහල භාෂාවෙන් විකාශන කටයුතු සිදුකරන අතර, ප්‍රවෘත්ති වැඩසටහන්, සංවාද වැඩසටහන් සහ ආගමික දේශනා ඇතුළුව විශාල පරාසයක වැඩසටහන් ඉදිරිපත් කරයි. මෙය පාලනය වන්නේ නිහාල් සෙනෙවිරත්න ඈපා හට අයත් සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමටයි. ලංකා අලෙවි පර්යේෂණ ආයතනයේ (LMRB) 2017 වාර්තාවේ දැක්වෙන 2017 ජාතික සමීක්ෂණයට අනුව, නෙත් එෆ් එම් ශ්‍රාවක කොටස 12.66% ක් වේ.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

12.66%

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාතික

අන්තර්ගතයන් මාදිලිය

නොමිලේ විකාශය කරනු ලබන

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග්

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමේ සමස්ත කොටස් ප්‍රමාණයම අයත් වන්නේ නිහාල් සෙනෙවිරත්න ඈපාට (කොටස් 38.67% ක්) සහ සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමට (කොටස් 61.33% ක්) වේ. එසේම සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ තනි කොටස් හිමිකරු වන්නේද නිහාල් සෙනෙවිරත්න ඈපා වේ.

ඡන්ද අයිතිවාසිකම්

කොටස් 10% කට වඩා හිමිව සිටිනා කොටස් කරුවන් ඡන්දය පළ කිරීමට හිමිකම් කියයි.

මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

2005

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

දත්ත නොමැත

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

නිහාල් සෙනෙවිරත්න ඈපා, සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කොටස් හිමිකරුවෙකුද වන අතර, එම සමාගමේ අනෙක් එකම කොටස් හිමිකරුවා වන්නේ සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමයි. එසේම සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ එකම අධ්‍යක්ෂවරයා සහ කොටස් හිමිකරුවා වන්නේද ඔහුයි. සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමේ කොටස් වලින් තනි කොටස් 38.67% ක් ඔහු සන්තකව තිබෙනා අතර, කොටස් 61.33% ක් සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම සතුව තිබේ. කෙසේ වුවත් සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ එකම කොටස් හිමිකරුවා වන්නේද නිහාල් සෙනෙවිරත්න ඈපායි. එනිසා සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමේ සමස්ත හිමිකරු වන්නේද ඔහුම වේ. වාර්තා වන ආකාරයට 2011 දී නිහාල් සහ නෙත් එෆ් එම් අධ්‍යක්ෂ මිල්රෝයි පීරිස් හට එරෙහිව, සීමාසහිත ලක් ඒෂියා (පුද්) සමාගම සහ සංක කාන්චන වාසල ලියනගේ විසින් නීති ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඔවුන්ව සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමේ අධ්‍යක්ෂවරුන් වීම වැළැක්වූ බවට වන චෝදනාවන් සමගිනි. නිහාල් සෙනෙවිරත්න ඈපා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ග්‍රන්ථයක්ද රචනා කොට ඇත. ඔහු තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ සාමාජිකයෙකුද වේ.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

චරිත් සුදත්චාරී - ප්‍රවෘත්ති සහ කාලීන අංශයේ සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Asset Radio Broadcasting (Pvt) Limited

11B Ocean Tower Building, Station Road, Bambalapitya, Colombo 04

News line: (+94) 112507078

General: (+94) 115347347

Email: feedback@nethfm.com

Website: nethfm.lk

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

නෙත් එෆ් එම් නිල වෙබ් අඩවියෙන් නාලිකාවේ හිමිකාරීත්වය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් නොවේ. මේ අතරේ නාලිකාවේ ආරම්භකයා පිළිබඳ මෙන්ම හිමිකාරීත්වය සම්බන්ධ තොරතුරු අතින්ද පරිශීලනයට ඇති ද්විතීයික මූලාශ්‍රයන් පවා ප්‍රමාණවත් නොවේ. මෙනිසා සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගම සහ සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම සඳහා වඩාත්ම මෑතකාලීනව ලබාගත හැකි දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. ශ්‍රාවක ප්‍රතිශතය සම්බන්ධයෙන් වූ දත්ත, වසර 2017 සඳහා ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගන්නා ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ