නිව්ස්.lk

News.lk යනු ශ්‍රී ලංකා රජයේ නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන අතර, එය 1997 දී ආරම්භ කෙරිණි. වර්තමානයේදී මෙම වෙබ් අඩවිය සිංහල, දමිළ හා ඉංග්‍රීසි යන භාෂා තුන ඔස්සේම ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා මොබිටෙල් සහ ඩයලොග් ආයතනයන්ගේ සහයෝගයද ඇතිව මෙම වෙබ් අඩවිය, හදිසි ප්‍රවෘත්ති එස්.එම්.එස් ඔස්සේ ක්ෂණිකව ලබාදීමේ සේවයක්ද පවත්වා ගෙන යයි. මේ අතර මෙම වෙබ් අඩවිය දේශපාලන තොරතුරු වල සිට කාලීන තොරතුරු දක්වා, ලෝක ව්‍යාපාරික තොරතුරු, ක්‍රීඩා, සංස්කෘතික හා සංචාරක තොරතුරු, පළාත්බද මට්ටමේ ප්‍රවෘත්ති සහ කැබිනට් තීරණයන්ද ලබාදේ. මෙහි ප්‍රධානතම ඉලක්කය වන්නේ රජයට සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ගෙන ඒමයි.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
දත්ත නොමැත
හිමිකාරීත්ව ආකාරය
රජයට අයත්
භූගෝලීය ආවරණය
ජාත්‍යන්තර
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ
හිමිකාරීත්ව ව්‍යුහය
news.lk නැතිනම් ශ්‍රී ලංකා රජයේ නිල ප්‍රවෘත්ති අඩවිය කළමනාකරණය කෙරෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් වන අතර, එය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලදී. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) යන ආයතනයන් දෙකද සෘජුවම පාලනය කරනු ලබයි.
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
1997
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලදී. දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව එය රජයේ ප්‍රවෘත්ති හා තොරතුරු වෙත ප්‍රවේශය සැපයීමට අමතරව සුභසාධන, පුහුණුවීම්, ප්‍රතිපත්ති සැලසුම් සහ නිල වශයෙන් පිළිගැනීම් සම්බන්ධයෙන් දේශීය මාධ්‍ය වෙත සහාය ලබාදේ.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
සුදර්ශන ගුණවර්ධන වර්තමානයේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කටයුතු කරයි. ඔහු මින් පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ (SLBC) සභාපති ධූරය දැරූ අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ (SLRC) හා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේද තනතුරු දරණ ලදී. මහජන සේවයට එක් වීමට පෙර සුදර්ශන විසින් Rights Now ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සාමූහිකය යනුවෙන් වූ සිවිල් සමාජ සංවිධානයක් ආරම්භ කොට තිබිණි.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
ප්‍රභාත් රත්නායක - News.lk මෙහෙයවන නව මාධ්‍ය ඒකකයේ ප්‍රධානියායි.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
එම්.ඒ.හසන් - අධ්‍යක්ෂ, මාධ්‍ය
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Department of Government Information
No. 163, Kirulapona Avenue, Colombo 5
Tel: +94 11 251 5759
Fax: +94112512861
E-mail: editor@news.lk
Website: www.news.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
news.lk වෙබ් අඩවිය මගින් එහි මෙහෙයුම් ව්‍යුහය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු නොදක්වයි. මෙම තොරතුරු ද්විතීයික මූලාශ්‍රයන් මගින් සහ සෘජුවම news.lk සම්බන්ධ කර ගැනීම මගින් එක් රැස් කරගන්නා ලදී.