This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/24 at 06:25
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

රූපවාහිනී

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) යටතේ ඇති ජාතික රූපවාහිනිය රජයට අයත් සිංහල භාෂා නාලිකාවක් වන අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා අංක 6 දරණ පනත මගින් 1982 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) ස්ථාපනය කෙරිණි. දිනකට පැය විස්සක විකාශන සැලසුමකට අනුව විකාශන කටයුතු කරන එහි ප්‍රවෘත්ති, ටෙලිනාට්‍ය, අධ්‍යාපනික වැඩසටහන්, සාකච්ඡා වැඩසටහන් සහ විදෙස් වැඩසටහන් දක්නට ලැබේ. එසේම විදෙස් ටෙලිනාට්‍ය විකාශය කළ ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව වීමේ ගෞරවයද ජාතික රූපවාහිනියට ලැබේ. දමිළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් වැඩසටහන් ඉදිරිපත් කරන චැනල් අයි සහ නේත්‍රා ටීවී නාලිකාවන්, ජාතික රූපවාහිනියේ සහෝදර නාලිකා වේ.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

4.3%

හිමිකාරීත්ව ආකාරය

රජයට අයත්

භූගෝලීය ආවරණය

ජාතික

අන්තර්ගතයන් මාදිලිය

නොමිලේ විකාශය කරනු ලබන

මාධ්‍ය සමාගම්/සමූහයන්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC)

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා අංක 6 දරණ පනත මගින් 1982 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) ස්ථාපනය කෙරිණි. වර්තමානයේදී ජාතික රූපවාහිනී නාලිකාව, චැනල් අයි සහ නේත්‍රා ටීවී යන නාලිකා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යටතේ පවත්වා ගැනේ. මෙම ආයතනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය තුළ තිබේ.

ඡන්ද අයිතිවාසිකම්

දත්ත නොමැත

තනි හිමිකරු

මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

1982

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ජාතික රූපවාහිනියේ ප්‍රථම සභාපතිවරයා වූ මාප‍ටුනගේ ජේම්ස් පෙරේරා නාලිකාවේ ආරම්භකයා ලෙසින් ගෞරවයට ලක්වූවද, නාලිකාව නිල වශයෙන් ස්ථාපනය කෙරුණේ රජය විසින් 1982 අංක 6 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ වේ. පෙරේරා ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රථම අධ්‍යක්ෂ-ජනරාල් ලෙසින්ද කටයුතු කරන ලදී. ඊට අමතරව ඔහු වී අලෙවි මණ්ඩලයේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ, රජයට අයත් සීමාසහිත ලංකා පොහොර නිෂ්පාදන සමාගමේ සහ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කර ඇත. මීට අමතරව ඔහු විසින් පේරාදෙණිය සරසවියේ උප කුලපති තනතුර, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තනතුර සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් තනතුරද දරා ඇත.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 2018 ජූනි මස සිට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ලෙසින් කටයුතු කරයි. ඇය චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් සහ නිෂ්පාදකවරියක් වන අතර, ඇය 1992 දී තම වෘත්තිය ආරම්භ කළේ දකුණු ආසියාවේ විශාලතම රූපවාහිනී නිෂ්පාදන සමාගම ලෙසින් සැලකුණු සීමාසහිත ටෙලිසිනේ (පුද්) සමාගමෙන් වේ.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පොදු වැඩසටහන් සඳහා වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ වන්නේ පාලිත සෙනරත් යාපායි.

අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

නවාස් මොහොමඩ් - ක්‍රියාකාරී අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Sri Lanka Rupavahini Corporation

Channel Eye/ Nethra TV

No. 2204, Torrington Square, Colombo 7

General: +94 11 250 1050, +94 11 599 506

Fax: +94 11 258 0929

Email: rupavahini@yahoo.com

Website: www.rupavahini.lk

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

ජාතික රූපවාහිනී නාලිකාවට නිල වෙබ් අඩවියක් නොමැත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ විය හැකි නාලිකාවේ කළමනාකාරීත්ව ව්‍යුහයෙන්ද ලබාගත හැක්කේ සීමිත තොරතුරු ප්‍රමාණයකි. එනිසා වැඩිදුර තොරතුරු එක් ‍රැස් කරගැනීම සඳහා ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනය කිරීමට සිදුවුණි. නාලිකාව පිළිබඳ මූල්‍ය දත්ත ලබාගැනීමට නොතිබුණි. වසර 2017 සඳහා ප්‍රේක්ෂක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගන්නා ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ