This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/29 at 07:53
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

තිනකරන්.lk

Thinakaran.lk මගින් දමිළ භාෂා තිනකරන් පුවත්පතේ මුද්‍රිත සංස්කරණයේ දක්නට ඇති අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කරයි. ඊට අමතරව තම ග්‍රාහකයින් හට තිනකරන් විද්‍යුත් පුවත්පත වෙතද නොමිලේ ප්‍රවිශ්ට වීමේ අවකාශයද Thinakaran.lk මගින් සලසයි. මෙම පුවත්පතේ සහ වෙබ් අඩවියේ හිමිකාරීත්වය ඇත්තේ රජයට අයත් ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට නැතිනම් ලේක්හවුස් වෙත වේ. මෙම වෙබ් අඩවිය මගින් දේශීය තොරතුරු, විදෙස් තොරතුරු, ක්‍රීඩා සහ අපරාධ වාර්තා වැනි තේමාවන් කිහිපයක් ඔස්සේම විවිධ අන්තර්ගතයන් ඉදිරිපත් කරයි. සමාගමට අයත් දිනමිණ, ඩේලි නිව්ස්, ‍රැස, සරසවිය, සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ හා බුදුසරණ යන ඒවායේ වෙබ් ප්‍රකාශනයන් Thinakaran.lk හි සහෝදර වෙබ් අඩවි ලෙසින් ක්‍රියාත්මක වේ.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

දත්ත නොමැත

හිමිකාරීත්ව ආකාරය

රජයට අයත්

භූගෝලීය ආවරණය

ජාත්‍යන්තර

අන්තර්ගතයන් මාදිලිය

නොමිලේ අන්තර්ගතයන්

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL)

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

Thinakaran.lk මෙහෙයවනු ලබන්නේ අංක 28 දරණ ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (විශේෂ විධිවිධාන) පනත මගින් රජයට පවරා ගැනුණු ආයතනයක් වන සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගිනි. වර්තමානයේ මෙහි කොටස් හිමිකරුවන් 99 ක් සිටිනා අතර, ඊට මහා භාරකාර දෙපාර්තමේන්තුව, ආයතන 10 ක් සහ පුද්ගලයින් 88 ක් ඇතුළත් වේ. වැඩිම කොටස් ප්‍රමාණයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුවටයි. මහා භාරකාර දෙපාර්තමේන්තුව අයත් වන්නේ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂය පථයටයි.

ඡන්ද අයිතිවාසිකම්

දත්ත නොමැත

තනි හිමිකරු

87.6%

සමූහය / තනි හිමිකරු

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කෙරුණු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකාවේ ජාතික තෙල් සහ ගෑස් සමාගම ලෙසින් ක්‍රියාත්මක වේ.

1.8%
මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

දත්ත නොමැත

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

තිනකරන් වෙබ් සංස්කරණය, රජයට අයත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (මෙය ANCL/ ලේක් හවුස් ලෙසින්ද හැඳින්වේ) යටතේ පිහි‍ටුවන්නට යෙදිණි. වර්තමානයේදී ලේක් හවුස් මගින් දිනපතා ප්‍රකාශන හතරක් (ඩේලි නිව්ස්, දිනමිණ, තිනකරන් හා ‍රැස) සහ සතිපතා ප්‍රකාශයන් තුනක් (සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ හා වාරමංජරී) සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ප්‍රකාශයට පත් කරයි. ආරම්භයේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඩී.ආර්.විජේවර්ධන විසින් පුද්ගලික සමාගමක් ලෙසින් පිහි‍ටුවන්නට යෙදුනද, 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් අංක 28 දරණ ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (විශේෂ විධිවිධාන) පනත මගින් මෙම ආයතනය රජයට පවරා ගන්නට කටයුතු කරන ලදී. වර්තමානයේදී මෙහි කොටස් වලින් 87.56% ක හිමිකම ඇත්තේ රජය වෙනුවෙන් මහා භාරකාර ලේකම් වෙතයි.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ නැතිනම් ක්‍රිෂාන්ත කුරේ යනු සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL නැතිනම් ලේක්හවුස්) වර්තමාන සභාපතිවරයා වේ. මින් පෙර ඔහු සෙලින්කෝ සමූහයේ, රිචර්ඩ් පීරිස් සමූහයේ සහ සීමාසහිත ද කැපිටල් මහාරාජා සංවිධානයේ විධායක තනතුරු දැරූ අතර, අවසානයට සඳහන් සමාගමේ රූපවාහිනී හා ගුවන් විදුලි ආයතනයන්හි ප්‍රවෘත්ති විකාශනයන් මෙහෙයවන්නට යෙදිණි. වාර්තා වන ආකාරයට ඔහු රිචර්ඩ් පීරිස් සමූහය යටතේ සීමාසහිත රිවිර මීඩියා කෝපරේෂන් (පුද්.) සමාගම පිහි‍ටුවීමේදීද ප්‍රධාන කාර්ය භාරයක් ඉ‍ටු කළ අතර, එහි ආරම්භක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ලෙසින්ද කටයුතු කරන්නට යෙදිණි. ද නේෂන් සහ රිවිර පුවත්පත් දියත් කෙරුණේ ඔහුගේ මග පෙන්වීම යටතේ විණි. 2017 දී රිවිර මගින් එහි ඉංග්‍රීසි භාෂා පුවත්පත වූ ද නේෂන් නවතා දමන්නට කටයුතු කරන ලදී.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

කනපතිපිල්ලෛ කුනරාසා වර්තමානයේ දිනපතා තිනකරන් පුවත්පතේ මෙන්ම සතිපතා වාරමංජරී පුවත්පතේද ප්‍රධාන කර්තෘ ලෙසින් සේවය කරයි. මෙම තනතුරේ වැඩ භාරගැනීමට පෙර කුනරාසා තිනකරන් හි සහාය කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ ලෙසද කටයුතු කොට ඇත. තිනකරන් සමගින් සේවය කිරීමට පෙර කුනරාසා පහත ආයතන හා තනතුරු වල වැඩ කොට ඇත: නේත්‍රා ටීවී හි ප්‍රවෘත්ති විචාරක, රජයට අයත් රූපවාහිනී සංස්ථාවේ රූපවාහිනී නිවේදක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහ බීබීසී ලන්ඩන් හි සහාය නිවේදක. එසේම ඔහු සීමාසහිත ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දිනපති සහ චින්තාමණි පුවත්පත් වල මාධ්‍යවේදියෙකු ලෙසින්ද සේවය කොට ඇත.

අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

එම්.එම්.මොහොමඩ් මර්ලින් - එසේම ඔහු තරුණ මුස්ලිම් සංගමයේ මාධ්‍ය මධ්‍යස්ථානයේද කටයුතු කරයි.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

The Associated Newspapers of Ceylon Limited,

No. 35, D.R. Wijewardena Mawatha, Colombo 10

General: + 94 11 2 429 429 +94 11 2 421 181, + 94 11 2 429 640

Email: thinakaranonline@lakehouse.lk

Website: www.thinakaran.lk

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

Thinakaran.lk සහ සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිල වෙබ් අඩවි මගින් පුවත්පතේ ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදේ. එනිසා ද්විතීයික මූලාශ්‍රයන් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් ‍රැස් කොටගත් තොරතුරු පරිශීලනය කොට ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත ඇත්තේ 2016 වසර සඳහා වේ. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ