වසන්තම් ටීවී
සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) දමිළ බසින් විකාශන කටයුතු සිදුකරන නාලිකාව වසන්තම් ටීවී වේ. වර්තමානයේදී ස්වාධීන රූපවාහිනී ජාලයේ අයිතිය ඇත්තේ රජයට වේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති භාණ්ඩාගාර ලේකම් හට මෙහි සියලුම කොටස් හිමිකාරීත්වය තිබේ. 2009 දී ආරම්භ කෙරුණු වසන්තම් ටීවී මුලින්ම වැඩසටහන් විකාශය කළේ බස්නාහිර පළාතේ සිටිනා දමිළ බස කථාකරනා ප්‍රේක්ෂකයන් වෙනුවෙනි. ක්‍රමයෙන් එය තම ආවරණය උතුරු, නැගෙනහිර, ඌව පළාත් ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශ වෙතද පුළුල් කරන්නට යෙදිණි. වසන්තම් ටීවී නාලිකාව ප්‍රවෘත්ති, සංවාද වැඩසටහන්, ආගමික හා අනෙකුත් සමාජයීය වැඩසටහන් මෙන්ම ශ්‍රී ලංකාවේ, දකුණු ඉන්දියාවේ හා උතුරු ඉන්දියාවේ මෙගා ටෙලිනාට්‍යද විකාශය කරයි.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
2.4%
හිමිකාරීත්ව ආකාරය
රජයට අයත්
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ විකාශය කරනු ලබන
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය (ITN)
හිමිකාරීත්ව ව්‍යුහය
ස්වාධීන රූපවාහිනී ජාලය 1979 ජූනි 5 දිනැති අංක 39/04 දරණ රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් රජයට පවරා ගන්නා ලදී. එය 1982 අංක 6 දරණ පනතින්, වර්තමානයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යටතට ගන්නා ලදී. වසන්තම් ටීවී ද අයත් වන සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) කොටස් 100% ක හිමිකම ඇත්තේ භාණ්ඩාගාර ලේකම්ට වේ. මෙම ආයතනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය තුළ තිබේ.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
2009
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
වසන්තම් ටීවී ආරම්භ කෙරුණේ සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය මගින් වන අතර එය රජයට අයත් පොදු සමාගමකි. වර්තමානයේ සීමාසහිත ටෙල්ෂාන් නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ (TNL) සභාපතිවරයා ලෙසින් කටයුතු කරන, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සොයුරු ශාන් වික්‍රමසිංහ විසින් ITN සමාගම ආරම්භ කරන ලදී. ITN, 1979 අප්‍රේල් මස මෙහෙයුම් ආරම්භ කළේ පුද්ගලික අංශයේ සමාගමක් ලෙසින් වුවත්, ස්වාධීන රූපවාහිනී ජාලය 1979 ජූනි 5 දිනැති අංක 39/04 දරණ රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් රජයට පවරා ගන්නා ලදී. 1992 දී එය රජයට අයත් සීමාසහිත පොදු සමාගමක් බවට ඒකාබද්ධ කෙරිණි.
වර්තමානයේදී ITN මගින් රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන පර්යන්තයන් දෙකක් නඩත්තු කරයි. රූපවාහිනී අංශයේ ස්වාධීන රූපවාහිනිය සහ වසන්තම් ටීවී තිබේ. සිංහල භාෂා නාලිකාව වන ස්වාධීන රූපවාහිනියට 7% ක ප්‍රේක්ෂක ප්‍රතිශතයක් තිබෙනා අතර, දමිළ භාෂා නාලිකාව වන වසන්තම් ටීවී හි ප්‍රේක්ෂක ප්‍රතිශතය 2.4% කි. ගුවන් විදුලි අංශයේ අයි.ටී.එන්. එෆ් එම් 0.48% ග්රාහක ප්‍රතිශතයක් සමගින් තිබෙනා අතර, වසන්තම් එෆ් එම් වෙත 1.6% ක ග්රාහක ප්‍රතිශතයක් තිබේ. අයි.ටී.එන්. එෆ් එම් මින් පෙර හැඳින්වුණේ ලක්හඬ ලෙසින් වූ අතර, එම ගුවන් විදුලි ආයතනය ආරම්භ වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උප ආයතනයක් ලෙසිනි. 1997 අප්‍රේල් මාසයේදී එය ITN වෙත පැවරිණි.
ITN ආයතනයේ වර්තමානයේ ඇති රූපවාහිනී සහ ගුවන් විදුලි සේවාවන්ට අමතරව, මින් පෙර ප්‍රයිම් ටීවී නමින් ඉංග්‍රීසි භාෂා රූපවාහිනී නාලිකාවක් සහ ප්‍රයිම් රේඩියෝ ශ්‍රී ලංකා නම් ගුවන් විදුලි නාලිකාවක්ද ඊට අයත්ව තිබිණි. මෙම සේවාවන් දෙකම 2011 දී විකාශය අත්හිටුවනු ලැබිණි.
ITN ආයතනය ආරම්භ වූයේ සහ ලියාපදිංචි කෙරුණේ පුද්ගලික සමාගමක් ලෙසින් වුවත්, එය රජයට අයත් පොදු සමාගමක් බවට ඒකාබද්ධ වීමේ සිට එහි සමස්ත කොටස් 9,500,000 ම අයත් වන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය භාණ්ඩාගාර ලේකම් හට වේ. මෙම ආයතනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය තුළ තිබේ.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ චන්දන තිලකරත්නයි. ඔහු චයිනා රේඩියෝ ඉන්ටර්නැෂනල් හි ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසින්ද කටයුතු කර තිබේ. ITN හා එක් වීමට පෙරාතුව ඔහු සත් එෆ් එම් හි ප්‍රධාන විධායක නිලධාරී ලෙසින්ද සේවය කොට ඇත.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
පරනීදරන් මුරුගේසු කුලේන්ද්‍රන් වර්තමානයේ වසන්තම් ටිවී නාලිකා ප්‍රධානී ලෙසින් කටයුතු කරයි. එසේම ඔහු වසන්තම් එෆ් එම් හි නාලිකා ප්‍රධානී ලෙසින්ද සේවය කරයි. මින් පෙර ඔහු සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමට අයත් සූරියන් එෆ් එම් හි වැඩසටහන් කළමනාකරු ලෙසින්ද සේවය කොට ඇත. එසේම ඔහු වර්ණම් එෆ් එම් හි සහකාර කළමනාකරු තනතුර සහ වෙට්‍රි එෆ් එම් නාලිකා ප්‍රධානී තනතුරද දරා ඇත. පසුව සඳහන් කළ ගුවන් විදුලි විකාශය අයත් වන්නේ සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් (පුද්) සමාගමටයි.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
2018 මැයි මාසයේදී ITN හි සභාපතිවරයා ලෙසින් ජේ.එම්.තිලකා ජයසුන්දර පත්විණි. ඇය ඊට අමතරව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ද (සංවර්ධන/සැලසුම්) වේ. ඊට පෙර ඇය විසින් පහත ධූරයන් දරා ඇත.
ශ්‍රී ලංකාවේ ආසියා ඵලදායිතා සංවිධානයේ (APO) අධ්යක්ෂ හා සම්බන්ධීකරණ නිලධාරිනී.
ශ්‍රී ලංකාවේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ හා නියෝජ්‍ය අධ්යක්ෂ.
ශ්‍රී ලංකාවේ ජාතික ඵලදායිතා සංවිධානයේ ප්‍රධානී.
කම්කරු සබඳතා හා ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන අධ්යක්ෂ.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Independent Television Network
Wickramasinghepura, Battaramulla, Sri Lanka
Telephone: +94 11 2774 424, +94 11 2774 725, +94 11 2773 289
Fax: +94 11 277 4591, +94 11 277 4421
Email: manager@vasantham.lk
Website: www.vasantham.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
වසන්තම් ටීවී මෙහෙයවනු ලබන සමාගම වන ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු, 2015 වසර සඳහා ස්වාධීන රූපවාහිනී ජාලයේ වාර්ෂික වාර්තාවන්ගෙන් ලබාදේ. තවදුරටත් හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු එක් රැස් කෙරුණේ, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි වාර්ෂික වාර්තාවන් ඔස්සේයි. වඩාත්ම මෑතකාලීනව ලබාගත හැකි දත්ත ඇත්තේ 2018 වසර සඳහා වේ. මෙම විකාශන ආයතනයේ ආරම්භකයා සහ වැදගත් පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා ද්විතීයික මූලාශ්‍ර පරිශීලනයට සිදුවුණි. වසර 2017 සඳහා ප්‍රේක්ෂක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගන්නා ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් ස්වාධීන රූපවාහිනී ජාලයෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.