වීරකේසරී ඔන්ලයින්

2002 දී ආරම්භ කෙරුණු Virakesari.lk යනු දමිළ භාෂා වීරකේසරී පුවත්පතේ අන්තර්ජාල පර්යන්තයයි. Virakesari.lk යනු සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්) සමාගම යටතේ ක්‍රියාත්මක වන ජන මාධ්‍ය ප්‍රකාශනයන්ගෙන් එකක් වේ. එය වීරකේසරී පුවත්පතේ මුද්‍රිත සංස්කරණයේ දැකිය හැකි ලිපි නැවත පළ කරයි. ඊට අමතරව වීරකේසරී විද්‍යුත් පුවත්පතද අන්තර්ජාලයේ තිබෙනා අතර, ඒ සඳහා ප්‍රවේශය මුදල් ගෙවා ලියාපදිංචි වීමෙන් අනතුරුව ලබාගත හැක. මෙම වෙබ් අඩවියේ දක්නට ලැබෙනා අන්තර්ගතයන් දේශීය ප්‍රවෘත්ති, දේශපාලන ප්‍රවෘත්ති, විදෙස් ප්‍රවෘත්ති, ක්‍රීඩා පුවත්, විනෝදාස්වාදය සම්බන්ධ පුවත් හා තාක්ෂණය වැනි විවිධ තේමාවන් ඔස්සේ වේ. සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්) සමාගමේ Kalaikesari, Sugavaalvu, Vanna Vaanavil, Metro News, Vidivelli, Sooriyakanthy, Mithiran වැනි අනෙකුත් පළවීම්, Virakesari.lk හි සහෝදර ප්‍රකාශනයන් ලෙසින් හැඳින්විය හැක.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
දත්ත නොමැත
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාත්‍යන්තර
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ අන්තර්ගතයන්
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්) සමාගම
හිමිකාරීත්ව ව්‍යුහය
සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම පුද්ගලයින් හා සමාගම් 31 කට අයත් වේ. සමාගමේ කොටස් වලින් බහුතරය සෙල්වනාදන් පවුල (සීමාසහිත ෆුල්ක්‍රම් සමාගම හා සීමාසහිත නෙට්වෙස්ට් නොමිනීස් සමාගම ඔස්සේ), නඩේසන් පවුල, වෙන්සෙස්ලෝස් පවුල, ඥාණම් පවුල (සීමාසහිත සවුත් ඒෂියන් ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම ඔස්සේ) සහ සෞන්දරරාජන් පවුල (සීමාසහිත කේ.එම්.කේ.හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම හා කේ.එම්.කලෛ අප්පපිල්ලෛ සහ සමාගම ඔස්සේ) අත ඇත.
ඡන්ද අයිතිවාසිකම්
ඡන්දය පළ කිරීමේ අයිතිය ඇත්තේ කොටස් හිමිකරුවන්ට පමණි.
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
2002
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
1970 දී පුද්ගලික සමාගමක් ලෙසින් ලියාපදිංචි කෙරුණු, වීරකේසරී පුවත්පතේ මුද්‍රිත සංස්කරණය එළිදක්වනු ලබන සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්) සමාගම යටතේ පිහිටුවිණි. මෙම සමාගම මගින් වර්තමානයේදී දමිළ භාෂා ප්‍රකාශනයන් කිහිපයක්ම එළිදක්වයි. එසේම එයට විදේශයන්හි ප්‍රකාශයට පත් කරනු ලබන ඩේලි එක්ස්ප්‍රස් හා වීක්ලි එක්ස්ප්‍රස් නමින් වන ඉංග්‍රීසි භාෂා ප්‍රකාශනයන් දෙකක්ද, ටැමිල් ටයිම්ස් යනුවෙන් වන දමිල භාෂා පුවත්පතක්ද තිබේ. සමස්තයක් ලෙසින් ගත් විට සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්) සමාගම සතුව ප්‍රකාශනයන් 16 ක් ඇත.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
මුරුගේසු සෙන්තිල්නාදන් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට උසස් වීමට පෙර, එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ලෙසින් සේවය කරන ලදී. ඔහු මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලබන ලදී. ඔහු එක්සත් රාජධානියේ වේල්ස් සරසවියෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධියක් ලබාගෙන තිබෙන අතර, අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද දරයි. එසේම ඔහු සමාදාන විනිශ්චයකාරවරයෙක්ද වේ.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
එස්.ශ්‍රීකාජන් දිනපතා වීරකේසරී පුවත්පතේ ප්‍රධාන කර්තෘ වේ. ඔහු ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සන්ධානයේ (SLTMA) ක්‍රියාකාරිකයෙකු ලෙසින්, සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික ඇතුළු විවිධ නිලතලයන් දරා ඇත.
ආර්.ප්‍රභාගන් සතිපතා වීරකේසරී පුවත්පතේ ප්‍රධාන කර්තෘ වේ. ඔහු කර්තෘ සංසදයේ 2012 භාණ්ඩාගාරික පදවිය දරා ඇත.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
සිවකුමාර් නඩේසන් නැතිනම් කුමාර් නඩේසන් යනු සීමාසහිත එක්ස්ප්‍රස් නිවුස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වේ. ඔහු සීමාසහිත එක්ස්ප්‍රස් නිවුස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස් වලින් 11.1% ක හිමිකාරීත්වය දරයි. ඊට අමතරව තිනකුරල් පුවත්පත ප්‍රකාශයට පත් කරන සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන් (පුද්.) සමාගමේද ඔහුට එක් කොටසක හිමිකම තිබේ. සිවකුමාර් නඩේසන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) වත්මන් සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ (PCCSL) මාණ්ඩලික අධ්‍යක්ෂකවරයෙකු ලෙසින්ද කටයුතු කරයි.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Express Newspapers (Ceylon) (Pvt) Limited
No. 185, Grandpass Road, Colombo 14
Tel: +94 011 732 2700, +94 011 732 2777
Website: www.virakesari.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
Virakaseri.lk සහ සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ නිල වෙබ් අඩවි මගින් පුවත්පතේ ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදේ. එනිසා ද්විතීයික මූලාශ්‍රයන් මෙන්ම, සමාගම මගින් ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසින් ලබාදුන් තොරතුරු සහ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් රැස් කොටගත් තොරතුරු පරිශීලනය කොට ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 20 දින ප්‍රතිචාර දක්වා තිබිණි.
මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය
Sri Lankan Dhammika Perera's Master Plan by Forbes, Accessed on 28 September 2018