තාක්ෂණය
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ප්‍රතිපත්තිය ඊ-ශ්‍රී ලංකා ව්‍යාපෘතිය (2003) ඔස්සේ ඉස්මතු වූ අතර රටෙහි තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවශ්‍ය මාර්ග සිතියමක් සකස් කිරීම මෙහි අරමුණ විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර 2003 දී ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ස්ථාපිත කිරීම සිදු වූ අතර ඒ හා සමග රටේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ සංවර්ධනයට විශාල දායකත්වයක් ලැබිණ.මෙකී ප්‍රයත්නයන් අතරට සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම තොරතුරු තාක්ෂණය (IT) භාවිතා කිරීම සඳහාඋපදෙස් ලබා දීම පිණිස වූ 'දේශීය භාෂා මූලාරම්භය' සහ රාජ්‍ය දත්ත සඳහා ප්‍රවේශය වඩාත් පහසු කිරීමට අපේක්ෂා කරන ලද 'ශ්‍රී ලංකා විවෘත දත්ත මූලාරම්භය' අන්තර්ගත විය.
වර්තමානයේ ජංගම දුරකථන (78.9%) නිවාස ඒකක තුළ වඩාත් වැඩි වශයෙන් භාවිතා වන සන්නිවේදන උපකරණය බවට පත්ව ඇති අතර ඊට අමතරව රූපවාහිනී (78.3%) සහ ගුවන් විදුලි යන්ත්‍ර (68.9%) භාවිත වේ. ජංගම දුරකථන ග්‍රාහකයන්ගේ සංඛ්‍යාව වැඩිවීම ස්මාර්ට්ෆෝන් භාවිතයේ ජනප්‍රියත්වය පිළිබිඹු කරන අතර වසර2015 දී එම සංඛ්‍යාව මිලියන 3.5 ක් පමණ විය. මෙකී තත්ත්වය මාධ්‍ය භාවිතය අධීක්ෂණය කිරීම වඩාත් අපහසු කරවන්නක් වන අතර විශේෂයෙන්ම ජංගම දුරකතනය නොමිලේ ඇමතුම් ලබා ගැනීම (VOIP) කෙටි පණිවුඩ යැවීම, ගුවන් විදුලියට සවන් දීම, වෙබ් අඩවි වෙත පිවිසීම සහ ෆේස්බුක් සහ ට්විටර් වැනි ප්‍රකට සමාජ ජාලා වෙත පිවිසීම, සහ වට්ස්ඇප් වැනි පණිවුඩ සේවාවන් ඇතුළු බොහෝ ක්‍රියාකාරකම් සඳහා භාවිතා වීම මීට හේතුව වෙයි.
විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ගැටුම් නියාමනය කිරීම හා විසඳීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) 1996 දී පිහිටුවන ලදී. කෙසේ වෙතත්, පසුගිය රජයයන් සිය දේශපාලනික අභිලාෂ සපුරාලීම පිණිස මෙය උපකරණයක් ලෙස භාවිත කරනු ලැබිණ. නිදසුනක් වශයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් (රූපවාහිනී සහ ගුවන්විදුලි ඇතුළු) විකාශන සංඛ්‍යාතයන් විවිධ පුද්ගලයන් සහ සමාගම් වෙත නිසි ක්‍රියා පටිපාටියකින් තොරව අර්ධ වශයෙන් පවරා දී ඇත. මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අන්තර්ජාල අන්තර්ගතයන්ට ප්‍රවේශය වැලැක්වීම පිණිස භාවිත කළ අතර වසර 2017 දී ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කිරීම සහ මෑතක දී තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල වාර්ගික ගැටුම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා සමාජ මාධ්‍ය මත සමස්ථ දිවයින ම ආවරණය කරමින් පැන නැගුණු වාරණය එයට නිදසුන් වේ.
වසර 2017දී නව දිල්ලි නගරයේ සිට ගෝලීය සයිබර් අවකාශ සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවෘතවම අපක්ෂග්‍රාහී අන්තර්ජාලකරණය වෙනුවෙන් අදහස් පළ කොට සිටියේ ය. නමුත් මේ වන විටත්, වත්මන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමත්ව නැත. අධීක්ෂණය සම්බන්ධයෙන් දක්නට ලැබෙන මෙකී අර්බුදය රට තුළ පවත්නා පෞද්ගලික සමාගම්වල කටයුතු තුළින් පිළිබිඹු වේ. මෑතක දී, එනම් වසර 2018 මැයි මාසයේ දී නිකුත් කරන ලද තොරතුරු පරිදි, විජය පුවත්පත් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලය වන එයාර්ටෙල් සමඟ හවුල්කාරිත්වය ප්‍රකාශයට පත් කළේය. එයාර්ටෙල් ග්‍රාහකයන්ට ඩේලි මිරර්, ලංකාදීප සහ ටැමිල් මිරර් වෙබ් අඩවිවලට ප්‍රවේශය නොමිලේ ලබා ගැනීමට ඒ අනුව හැකි විය.
මූලාශ්රයන්
Colombo Telegraph. (2017). Sri Lanka’s ICT Policy Gone ‘Off Road.’
Retrieved from Colombo Telegraph on 25 July 2018.
Dissanayake, R. (2011). Information Communication Technology (ICT) Policy of Sri Lanka and its Impacts to Socioeconomic Development: A Review of Sri Lankan Experience.
Retrieved from A Review of Sri Lankan Experience. Journal of Education and Vocational Research on 25 July 2018.
Information and Communication Technology Agency.
Retrieved from ICTA on 25 July 2018.
Net Neutrality in Sri Lanka: An Obituary.(2018).
Retrieved from ReadMe on 25 July 2018.
Rebuilding Public Trust – An assessment of the media industry and profession in Sri Lanka. (2016).
Retrieved from the Secretariat for Media Reforms on 25 July 2018.
RTI Reveals Lanka E News Blocked on Order from President’s Office.(2018).
Retrieved from Ground views on 25 July 2018.
Telecommunications Regulatory Commission of Sri Lanka. Functions and Responsibilities.
Retrieved from TRC on 25 July 2018.