This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/20 at 14:17
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

ඇලෙක්ස් ඉන්ද්‍රජිත් ලොවෙල්

ඇලෙක්ස් ඉන්ද්‍රජිත් ලොවෙල්

ඇලෙක්සීස් ඉන්ද්‍රජිත් ලොවෙල් වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු වන අතර, ව්‍යාපාර පරිපාලනයේද සුදුසුකම් දරා සිටී. එසේම ඔහු එම් බී ඊ ගෞරව සම්මානය (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් පිරිනැමෙන සුවිශිෂ්ටතම ගෞරවයකි) ද හිමිකොටගෙන ඇත. 2012 මැයි මාසයේදී ඔහු කොළම යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරිණි. ඔහු ඉදිරියේදී දකින්නට නියමිත කොළඹ නිවාස සංකීර්ණයක පාර්ශවකරුවෙකි. ප්‍රවර්ධකයින් විසින් මෙය "The One" ලෙසින් හඳුන්වන අතර, එය විදෙස්ගතව ජීවත් වන ශ්‍රී ලාංකිකයින් සහ විදෙස් ආයෝජකයින් වෙත සිය සුඛෝපභෝගී නිවාස හඳුන්වා දේ. ස්වර්ණවාහිනී නාලිකාව අයත් ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගමේ කොටස් 60% ක් මෑතකදී අයත් කරගත් කොටස් හිමිකරු ලෙසින් ඇලෙක්සිස් ඉන්ද්‍රජිත් ලොවෙල් ලැයිස්තුගතවී ඇත. ලොවෙල් යාපනයේ සාන්ත පැට්‍රික්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

මාධ්‍ය සමාගම්/සමූහයන්
මාධ්‍ය විකාශයන්/ප්‍රකාශනයන්
කරුණු

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

ඊඒපී හෝල්ඩින්ග්ස් නිල වෙබ් අඩවිය මාස දෙකක් පුරාවටම ගොඩනැගෙමින් පැවතුණු අතර, එනිසා සමාගමේ වර්තමාන හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු ඒ ඔස්සේ ලබාගැනීම උගහට විණි. එනිසා මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂණ කණ්ඩායම විසින් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙන් ලබාගත් කොටස්කරුවන් පිළිබඳ තොරතුරු වලට අමතරව, පුවත්පත් වාර්තාවන් කිහිපයක්ද පරිශීලනය කරන්නට යෙදිණි. වඩාත්ම මෑතකාලීනව ලබාගත හැකි දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. කෙසේ වුවත් කොටස් පැවරීම සම්බන්ධ ලේඛනයන් වසර 2018 සඳහා ඇත. සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් (පුද්) සමාගමට සහ සීමාසහිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමට කොටස් පැවරීමෙන් පසුව, සීමාසහිත ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම වාර්ෂික වාර්තාවක් ගොනු කොට නැත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම වෙත නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ