අලස් පවුල

මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත් ප්‍රකාශයට පත් කරනා සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් (පුද්) සමාගමේ හිමිකාරීත්වය හා පාලනය අලස් පවුලට ඇත. ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝෆර් අලස් නැතිනම් ටිරාන් අලස් යනු සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමේ ආරම්භකයා සහ මව්බිම ප්‍රධාන විධායක නිලධාරියා වන අතර ටිරාන් අලස් හට සමාගමේ 49.99% ක සෘජු කොටස් හිමිකාරීත්වය තිබේ. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පක්ෂයෙන් (DNA) පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වේ. සීමාසහිත ඇපොගී ඉන්ටර්නැෂනල් (පුද්.) සමාගමට 49.99% ක් කොටස් අයත් වේ. මෙම සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය සඳහා සේවා සපයන අතර, ඔවුන්ගේ සේවාවන් විදුලි සංදේශ හා ආරක්ෂාවේ සිට බලශක්ති හා ඉදිකිරීම් දක්වා පරාසයක වේ. ඇපොගී ඉන්ටර්නැෂනල් (පුද්.) සමාගම ටිරාන් අලස්ට හා ඔහුගේ සොයුරු රමන්ත අලස්ට අයත් වන අතර, ඔවුන්ට සම කොටස් හිමිකාරීත්වයක් ඇත (50% බැගින්). එනිසා එසේ බලනා විට 75% ක සමස්ත කොටස් හිමිකාරීත්වය සමගින් ටිරාන් අලස් හට සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් (පුද්) සමාගමේ සැලකිය යුතු තරමේ පාලනයක් ඇත.
ටිරාන් අලස් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ නැවත ඉදිකිරීම් හා සංවර්ධන අධිකාරියේ (RADA) හිටපු සභාපතිවරයාද වේ. 1988 දී සීමාසහිත කොමියුනිකේෂන් ඇන්ඩ් බිස්නස් ඉක්විප්මන්ට්ස් (පුද්.) සමාගම, 2005 දී සීමාසහිත ස්ටෑන්ඩර්ඩ් පුවත්පත් (පුද්.) සමාගම සහ 2011 දී සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගම ආරම්භ කළ ටිරාන් අලස් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වේ.
අලස්ගේ සීමාසහිත ස්ටෑන්ඩර්ඩ් පුවත්පත් (පුද්.) සමාගම පසුගිය රජය මගින් චෝදනාවට ලක් කෙරුණු අතර, එය ප්‍රකාශන ආයතනය වසා දැමීමටත්, ටිරාන් අලස් සහ තවත් සේවය කළ සාමාජිකයින් කිහිප දෙනෙකු ත්‍රස්ත විමර්ශණ ඒකකය (TID) මගින් රඳවා තබාගැනීමටත් හේතු විණි. රිපෝටර්ස් විතවුට් බෝඩර්ස්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ හියුමන් රයිට්ස් වොච් ඇතුළු ජනමාධ්‍ය සම්බන්ධ කණ්ඩායම් කිහිපයක්ම රජයේ මෙම ක්‍රියාවන් විවේචනයට ලක් කරන ලදී.
ව්‍යාපාරය
අධ්‍යාපන
ගේට්වේ සමූහය
සේවා
ඇපොගී හෝල්ඩින්ග්ස්
පවුලේ අය හා මිතුරන්
පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
රමන්ත අලස් - ටිරාන් අලස්ගේ පුත්‍රයා මෙන්ම ඇපොගී හෝල්ඩින්ග්ස් විධායක අධ්‍යක්ෂවරයෙකු වේ. ඔහු එහි 50% ක කොටස් හිමිකාරීත්වය දරයි.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගම සඳහා නිල වෙබ් අඩවියක් නොමැත. මීට අමතරව සමාගමේ ප්‍රවෘත්ති පත්‍ර වල නිල වෙබ් අඩවිය මගින්ද සමාගමේ ආරම්භකයා හෝ අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් නොසැපයේ. එනිසා සමාගමේ සහ ප්‍රවෘත්ති පත්‍ර වල තොරතුරු දැනගැනීම උදෙසා මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම මගින් ද්විතීයික මූලාශ්‍රයන් කිහිපයක් භාවිතා කළ අතර, එම දත්තද ප්‍රමාණවත් නොවූ නිසා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබාගැනීමට ඇති වාර්ෂික වාර්තාවන්ද පරිශීලනය කරන ලදී.. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වන ලදී.