දිලිත් ජයවීර

දිලිත් ජයවීර යනු ශ්‍රී ලංකාවේ හොඳින් දන්නා ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු නීති ශිෂ්‍යයෙකුව සිටියදී සීමාසහිත ට්‍රයැඩ් ඇඩ්වර්ටයිසින් (පුද්) සමාගම පිහිටුවන්නට යෙදිණි. 1993 දී ස්ථාපනය කරනු ලැබූ මෙම ඒජන්සිය ආකෘතිගත කරනු ලැබුවේ රටේ පළමුවෙනි දේශීය වෙළෙඳ දැන්වීම් නිර්මාණ ආයතනය ලෙසයි. 2005 දී මෙය ප්‍රසිද්ධියට පත්වූයේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් වෙළෙඳ දැන්වීම් ව්‍යාපාරයන් මෙහෙයවීම තුලිනි. ඉන් පසුව ජයවීර විසින් පුළුල් පරාසයක අනෙකුත් ව්‍යාපාරයන් වෙතද ආයෝජනය කරනු ලැබූ බවට පිළිගැනේ. දිලිත් ජයවීරගේ උප සමාගමක් වන Emagewise මගින් රීෆ්කෝම්බර් හෝටලයේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමෙන් අනතුරුව, 2010 අගෝස්තු මාසයේදී ඔහුව එහි අධ්‍යක්ෂවරයෙකි ලෙසින් පත් කෙරිණි. 2010 ඔක්තෝම්බරයේදී රීෆ්කෝම්බර් හෝටලය සිට්‍රස් ලෙෂර් පී.එල්.සී ලෙසින් නැවත සන්නාමගත කෙරුණු අතර, හික්කඩුව, වස්කඩුව හා කොළඹ යන ස්ථාන තුනේ පවතී. අදටද දිලිත් සිට්‍රස් ලෙෂර් පීඑල්සී හි අධ්‍යක්ෂවරයෙකු ලෙසින් සිටී. 2011 දී ජයවීර සහ තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වූ නිමල් පෙරේරා විසින් සීමාසහිත ජෝර්ජ් ස්‍ටුවර්ට් සහ සමාගමේ කොටස් 43% ක් සුරක්ෂිත කිරීමෙන් අනතුරුව ඔවුන්ව අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරිණි. සමාගමට අයත් උප සමාගම් වල සභාපති හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසින් කටයුතු කරමින් සිටින දිලිත් ජයවීර, වර්තමානයේදී ජෝර්ජ් ස්‍ටුවර්ට් සමූහයේ සභාපතිවරයා වේ. මෙයට සීමාසහිත ජෝර්ජ් ස්‍ටුවර්ට් ෆයිනෑන්ස් නම් මූල්‍ය සමාගමද ඇතුළත් වේ.
2015 දී ලංකා හොස්පිට්ල්ස් සමාගමේ කොටස් පැවරීමේ අක්‍රමිකතාවයන් පිළිබඳ චෝදනාව පදනම් කරගනිමින්, දිලිත් ජයවීර, නාලක ගොඩහේවා, වරුණි අමුණුගම සහ සර්වජන ආනන්දරාජා අමරසේකර යන අයවලුන්ගේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ විමර්ශණය කිරීමට කොළඹ මහේස්ත්‍රාත් උසාවියෙන් අනුමැතිය ලබාදුණි. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහගේ සොයුරු, සීමාසහිත ටෙල්ෂාන් නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ සභාපති ශාන් වික්‍රමසිංහ මෙන්ම සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් වැනි මාධ්‍ය ලෝකයේ චරිත සමගින් ජයවීරගේ ඇති එදිරිවාදී සම්බන්ධයද ශ්‍රී ලංකා පුවත්පත් තුළ අවධානයට ලක්වුණි. කොටස් වෙළෙඳපොළ අයුතු හැසිරවීම් සම්බන්ධ චෝදනාවන්ට පසු, වාර්තා වන අන්දමට දිලිත් ජයවීර විසින් වත්මන් අගමැතිගේ සොයුරු වන සීමාසහිත ටෙල්ෂාන් නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ සභාපති ශාන් වික්‍රමසිංහට එරෙහිව නඩු පවරන බවට අනතුරු අඟවා සිටි බවයි. ඒ, ජයවීරට එරෙහිව ශාන් වික්‍රමසිංහගේ චැනලය වන ටී එන් එල් මගින් විකාශය කළ බවට වන චෝදනා මතයි. කෙසේ හෝ වික්‍රමසිංහ විසින් කණගාටුව ප්‍රකාශ කිරීමක් නිකුත් කළ පසුව එම නඩුව ඉල්ලා අස්කරගත් බව වාර්තා වේ. වික්‍රමසිංහගේ දියණිය වන ඉෂිනිද පෙරදී ජයවීරගේ සීමාසහිත ට්‍රයැඩ් (පුද්) සමාගමේ මෙහෙයුම් හා සමීපව සම්බන්ධ වී සිටි බව දැක්වේ. එම වසරේදීම ජයවීරගේ නීතීඥයින් කැපිටල් මහරාජා සංවිධානයේ ආර්.රාජමහේන්ද්‍රන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවා සිටි බව වාර්තා වේ. රාජමහේන්ද්‍රන්ගේ චැනලය වන සිරස ටීවී ඔස්සේ විකාශය වූ බවට චෝදනා කෙරෙන අපකීර්තිමත් ප්‍රකාශයන් වෙනුවෙන් රුපියල් මිලියන 2 ක (ඇ.ඩො.12500 ක් පමණ) වන්දියක් ඉල්ලා සිටිමින් නඩුවක් ගොනු කිරීමට කටයුතු යොදා තිබුණු බව වාර්තා වේ. මෙහිදී වාර්තා වන ලෙසට රාජමහේන්ද්‍රන්ගේ නීතීඥයින් අනතුරු අඟවා සිටියේ, ජයවීර එම නඩුව ඉදිරියට ගෙන ගියහොත් රුපියල් බිලියන 20 ක් (ඇ.ඩො.මිලියන 125 ක් පමණ) වන්දි ඉල්ලා තමන් ජයවීරට එරෙහිව නඩු පවරන බවටයි.
ව්‍යාපාරය
වෙළඳ ප්‍රචාරණ
සීමාසහිත ට්‍රයිඇඩ් (පුද්) සමාගම
ඡායාරූපාගාර
සීමාසහිත ටැප්‍රොබේන් ස්ට්‍රීට් (පුද්) සමාගම
ග්‍රැෆික් නිර්මාණ
සීමාසහිත ඉමේජ්ලයින් (පුද්) සමාගම
නිර්මාණ සහ මුද්‍රණ
සීමාසහිත ඉමේජ්වයිස් (පුද්) සමාගම
මුද්‍රණ
සීමාසහිත ප්‍රින්ටේජ් (පුද්) සමාගම
මහජන සම්බන්ධතා
සීමාසහිත හාඩ්ටෝක් (පුද්) සමාගම
උත්සව හා වැඩසටහන් කළමනාකරණ
සීමාසහිත ඇඩ් පැක් (පුද්) සමාගම
ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ඒජන්සිය සහ අන්තර්ජාලගත අලෙවිකරණය
සීමාසහිත ට්‍රයිඇඩ් ඩිජිටල් (පුද්) සමාගම
සන්නාම සේවා
සීමාසහිත හැමර් බීටීඑල් (පුද්) සමාගම
ශ්‍රව්‍ය දෘෂ්‍ය නිෂ්පාදන
සීමාසහිත 35 KM (පුද්) සමාගම
සංචාරක
සිට්‍රස් ලෙෂර් පී එල් සී
පවුලේ අය හා මිතුරන්
පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ - දිලිත් ජයවීර සමගින් ව්‍යාපාරයන් කිහිපයකම සම-ආරම්භකයා සහ කොටස් හිමිකරුවෙකු වෙයි.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
මෙම දත්ත ශ්‍රී ලංකාවේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා ලදී.