ඥානම් පවුල
තනි තනි කොටස් මෙන්ම, සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස් හිමි සමාගම් හරහාද එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස් වලින් 16.70% ක කොටස් වලට ඥාණම් පවුල හිමිකාරීත්වය දරයි. ඥාණම් පවුලේ සහෝදරයින් තිදෙනා වන සයිමන් රාජසීලන් ඥාණම්, අරුල් සෙල්වරාජ් ගුණසීලන් ඥාණම් සහ එලයිජා ජයසීලන් ඥාණම් සමාගමේ කොටස් 0.15% ක හිමිකාරීත්වය දරයි. කෙසේ වුවත් සීමාසහිත සවුත් ඒෂියන් ඉන්වෙස්ට්මන්ට් (පුද්.) සමාගම හරහා ඔවුන් සාමූහිකව එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස් 16.55% ක් හිමිකාරීත්වය දරයි.
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ව්‍යාපාරයන්ට එළැඹුණු ඥාණම් පවුල විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් ඔස්සේ විහිදුණු සමාගම් එකතුවක් ස්ථාපනය කරන ලදී. වර්තමානයේදී ඥාණම් පවුලේ දෙවෙනි හා තුන්වෙනි පරම්පරාවන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන් මෙහෙයවයි. දෙවෙනි ලෝක යුද සමයේදී අරුලානන්දන් ඥාණම් (සයිමන්, අරුල් හා එලයිජා ගේ පියා) සුන්බුන් යකඩ එකතු කොට අපනයනය කිරීමෙන් සිය රක්ෂාව ආරම්භ කරන ලදී. පසුව ඔහු විසින් සිලෝන් සින්තටික් ටෙක්ස්ටයිල් මිල්ස් හෙවත් Cyntex සමාගම ආරම්භ කළ අතර, එය ඔහුට කර්මාන්තකරුවෙකු ලෙසින් කීර්තිය ලබාදීමට සමත් විණි. තම ව්‍යාපාරය පුළුල් කරමින් අරුලානන්දන් ඥාණම් ලෝහ භාණ්ඩ, ප්ලාස්යික්, රේඩියෝ, රේඩියෝ අමතර කොටස් ව්‍යාපාර කිරීමට යොමුවුණු අතර, ඒෂියන් කොට්න් මිල්ස් ව්‍යාපාරයද ඔහු විසින් අරඹන ලදී. පේෂකර්ම නිෂ්පාදන සංගමයේ සභාපතිත්වය දරණ කාලයේදී අරුලානන්දන් විසින් දේශීය පේෂකර්ම නිෂ්පාදන කර්මාන්තයට හිතකර ලෙසින් රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම වෙනුවෙන් ප්‍රයත්න දරණ ලදී.
තම ව්‍යාපාරයන් විශාල වශයෙන් පුළුල් කිරීම ඔස්සේ අරුලානන්දන් හට සෙන්ට් ඇන්තනීස් සමූහ ව්‍යාපාරය නිර්මාණය කිරීමට හැකි විණි. මෙය ටෝක්යෝ සිමෙන්ට් සමූහය, Sascon Knitting, සෙන්ට් ඇන්තනීස් සෝලාර්, සීමාසහිත කැපිටල් සිටි ෆාර්ම්ස් (පුද්.) සමාගම හා සීමාසහිත රයිනෝ සෙවිලි නිෂ්පාදන සමාගම වැනි ප්‍රමුඛ පෙළේ කර්මාන්ත සමාගම් ඇතුළත් ව්‍යාපාර සමූහයක් වේ. මෙම සමාගම් සිවිල් ඉංජිනේරු, යන්ත්‍ර සූත්‍ර, ලෝහ භාණ්ඩ, රසායන ද්‍රව්‍ය, ටයිල්, සෞඛ්‍යාරක්ෂක භාණ්ඩ හා සූර්ය බලශක්තිය යන කර්මාන්තයන් හා ගනුදෙනු කරයි. ඔහු විසින් රට වෙනුවෙන් කළ කැපවීමට සහ සේවයට, ඔහුට 1986 දී දේශබන්දු පදවියද, 1996 දී දේශමාන්‍ය තනතුරද එසේම 1996 දී විශ්වප්‍රසාදිනී තනතුරද සම්මාන කරන ලදී. එසේම අරුලානන්දන් ඥාණම් සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ සභාපති ලෙසින්ද සේවය කරයි. ඔහුගේ පුතුන්, එනම් ඥාණම් පවුලේ දෙවෙනි පරම්පරාවේ සාමාජිකයින්, සෙන්ට් ඇන්තනීස් සමූහ ව්‍යාපාරයේ උප සමාගම් ඇතුළු සමාගම් කිහිපයක්ම මෙහෙයවයි.
ව්‍යාපාරය
ඉදිකිරීම් හා බලසැපයුම්
සීමාසහිත සෙන්ට් ඇන්තනීස්' හාඩ්වෙයාර් (පුද්) සමාගම
පවුලේ අය හා මිතුරන්
පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
සයිමන් රාජසීලන් ඥාණම් - මොහු පවුලේ වැඩිමහලු සහෝදරයා වන අතර, වර්තමානයේදී ටෝකියෝ සිමෙන්ති සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂවරයාද, සීමාසහිත ඔරායන්, සීමාසහිත සවුත් ඒෂියන් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම, සීමාසහිත සෙන්ට් ඇන්තනීස් හාඩ්වෙයාර් (පුද්) සමාගම, සීමාසහිත කැපිටල් සිටි හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම සහ සීමාසහිත ඇලෙක්සැන්ඩ්‍රා ඉන්ඩස්ට්‍රීස් (ලංකා) යන ඒවායේ සභාපතිවරයාද වේ. එසේම ඔහු සීමාසහිත සෙන්ට් ඇන්තනීස් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම, සීමාසහිත සෙන්ට් ඇන්තනීස් හයිඩ්‍රා පවර් (පුද්) සමාගම, සීමාසහිත සොෆියා හොස්පිටැලිට්ය් (පුද්) සමාගම යන ඒවායේ කළමනාකාර අධ්‍යක්ෂවරයාද වේ.
අරුල් සෙල්වරාජ් ගුණසීලන් - දෙවෙනි සහෝදරයා වන ඔහු වර්තමානයේ සීමාසහිත සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ (පුද්) ව්‍යාපාර සහ සීමාසහිත සෙන්ට් ඇන්තනීස් ප්‍රොපටි ඩිවලොප්මන්ට් (පුද්) සමාගම යන ඒවායේ කළමනාකාර අධ්‍යක්ෂවරයාද, සීමාසහිත රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස් හි සභාපතිවරයාද, ටෝකියෝ සිමෙන්ති සමූහය හා සීමාසහිත වෝටර් ටෙක් - ඉන්දියා (පුද්) සමාගම ඇතුළු පුද්ගලික සමාගම් ගණනාවක අධ්‍යක්ෂවරයෙකුද වේ.
එලයිජා ජයසීලන් ඥාණම්- පවුලේ බාලම සහෝදරයා වන අතර, ඔහු ටෝකියෝ සිමෙන්ති සමූහයේ අධ්‍යක්ෂවරයෙකු සහ සීමාසහිත සවුත් ඒෂියන් ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම, ඔරායන් සිටි සමූහය, රයිනෝ රූෆින් සමූහය යන ඒවායේ කළමනාකාර අධ්‍යක්ෂවරයාද වේ.
ජීවන් ඥාණම් - අරුලානන්දන් ඥාණම්ගේ මුණුපුරන්ගෙන් එක් අයකු වන ජීවන්, සීමාසහිත ඩිජිටල් රියැල්ටි (පුද්) සමාගමේ හා සීමාසහිත එස්.ඒ.ක්නොලෙජ් සර්විසස් (පුද්) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ වන අතර, ඔරායන් සිටි සමූහය, ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් යන ඒවායේ ආරම්භක/අධ්යක්ෂ ද වේ. එසේම ඔහු සීමාසහිත ක්‍රවුඩ් අයිලන්ඩ් (පුද්) සමාගම, සීමාසහිත ලූප්ස් ඩිජිටල් මාකටින්ග් (පුද්) සමාගම යන ඒවායේ අධ්‍යක්ෂවරයෙකුද, හැච් ශ්‍රී ලංකා ආරම්භකයාද, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංවිධානයේ (SLASSCOM) සභාපතිවරයාද එසේම සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී හා විධායක අධ්‍යක්ෂද වේ.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ සහ වීරකේසරී පුවත්පතේ නිල වෙබ් අඩවි මගින් සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු නොසපයයි. එනිසා ද්විතීයික මූලාශ්‍රයන් මෙන්ම, සමාගම මගින් ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසින් ලබාදුන් තොරතුරුද, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ ලබාගත් තොරතුරුද පරිශීලනය කොට ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. ඥාණම් පවුල සම්බන්ධයෙන් තොරතුරු එක් රැස් කරගනු ලැබුවේ ටෝකියෝ සිමෙන්ති සමාගමේ වාර්ෂික වාර්තා සහ සෙන්ට් ඇන්තනීස් හාඩ්වෙයාර් සමාගමේ වෙබ් අඩවිය වැනි ඥාණම් පවුලේ කළමනාකරණය යටතේ ඇති අනෙකුත් ව්‍යාපාරයන් තුළිනි. තවදුරටත් යම් යම් අදාළ වැදගත් පුද්ගලයින්ගේ ෆේස්බුක් සහ ලින්ක්ඩ්-ඉන් ප්‍රොෆයිලයන් තුළින්ද දත්ත ලබාගන්නට යෙදිණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 20 දින ප්‍රතිචාර දක්වා තිබිණි.