This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/28 at 08:53
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

කුහනාදන් සබාපති

කුහනාදන් සබාපති

කුහනාදන් සභාපති සුප්පයියාහ්, නැතිනම් එස්.කුහනාදන් සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ. කුහනාදන් සබාපති සුප්පයියා 2008 වසරේදී සමාගම සිය බිරියගේ මාමා වූ ජමෙස්තාස් සවරිමුතුගේ නම යටතේ ලියාපදිංචි කරන්නට යෙදුණේ ඔහුට ශ්‍රී ලංකා පුරවැසිභාවය නොතිබූ බැවිණි. ඔහු 80 දශකයේ අග භාගයේදී ප්‍රංසයට සංක්‍රමණය වී එහිදී සතිපතා පැරිස් ඊලනාදු පුවත්පත ආරම්භ කළ අතර, ඉන් පෙර ඔහු උතුරු පළාතේ බෙදා හැරුණු ඊලනාදු පුවත්පතේ සංස්කාරක ලෙසින් කටයුතු කරන ලදී. 90 දශකයේ අග භාගයේදී ඔහු ප්‍රංසය පදනම් කොටගත් පළමු දමිළ භාෂා රූපවාහිනී ආයතනය ආරම්භ කිරීමට උපකාරී විණි. එතැන් පටන් ඔහු සීමාසහිත රෙමිනිසෙන්ට් ටෙලිවිෂන් (යුරෝප්) සමාගම, සීමාසහිත DISH ඉන්ටර්නැෂනල් සමාගම, සීමාසහිත DISH ඒෂියා සමාගම, සීමාසහිත DISH ඒෂියා යුරෝ සමාගම යන සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂ හා මාධ්‍යවේදියෙකු ලෙසින් කටයුතු කරන්නට යෙදිණි.

මාධ්‍ය සමාගම්/සමූහයන්
මාධ්‍ය විකාශයන්/ප්‍රකාශනයන්
කරුණු

පවුලේ අය හා මිතුරන්

පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

කුහනාදන් සභාපති සුප්පයියාහ්, සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමේ හිමිකරු වේ. කුහනාදන් සුප්පයියාහ් 2008 වසරේදී සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගම සිය බිරියගේ මාමා වූ ජමෙස්තාස් සවරිමුතුගේ නම යටතේ ලියාපදිංචි කරන්නට යෙදුණේ ඔහුට ශ්‍රී ලංකා පුරවැසිභාවය නොතිබූ බැවිණි.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමට නිල වෙබ් අඩවියක් නොමැත. ඩෑන් ටීවී නිල රූපවාහිනී වෙබ් අඩවිය මගින් එහි ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් නොසපයයි. එනිසා ද්විතීයික මූලාශ්‍ර පරිශීලනය කිරීමට සිදුවිණි. වෙබ් අඩවි තුළ දක්නට ලැබුණු තොරතුරු ප්‍රමාණවත් නොවූ නිසා ශ්‍රී ලංකාවේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දත්ත ලබාගැනීමට සිදුවුණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම විසින් දුරකථනය ඔස්සේ සමාගමේ හිමිකරු හා සම්බන්ධ වී ඒ.එස්.කේ මීඩියා හි හිමිකාරීත්වය තහවුරු කරගන්නට යෙදිණි

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ