නඩේසන් පවුල

සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ සෘජු කොටස් 12.8% ක ප්‍රමාණයක් නඩේසන් පවුලට අයත් වේ. සිවකුමාර් නඩේසන් නැතිනම් කුමාර් නඩේසන් යනු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) වත්මන් සභාපතිවරයා වන අතර, ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයද ඔහු නියෝජනය කරයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ (PCCSL) මාණ්ඩලික අධ්‍යක්ෂවරයෙකු ලෙසින්ද ඔහු සේවය කරයි. එසේම කුමාර් එක්ස්ප්‍රස් නිවුස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ සහ සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින්ද සේවය කරයි. කුමාර්ගේ දියණිය සබීතා ආර්.නඩේසන්, කුමාර් සමගින් හවුලේ එක්ස්ප්‍රස් නිවුස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස් හිමිකොටගෙන සිටී. කුමාර් නඩේසන්ගේ පුත් ශ්‍රීනිවාස් කාර්තික් කුමාර් නඩේසන්, වෘත්තියෙන් නීතීඥයෙකු වන අතර, එක්සත් ජනපදයේ යූටාහි පිහිටා ඇති නෛතික සේවා සමාගමක් වන නඩේසන් බෙක් පී.සී හි වර්තමාන ආරම්භක හවුල්කරුවා වේ. ඉන් පෙර කාර්තික් කුමාර් නඩේසන්, ස්නෙල් ඇන්ඩ් විල්මර් එල්.එල්.පී හි හවුල්කරුවෙකු ලෙසින් කටයුතු කොට ඇත.
පවුලේ අය හා මිතුරන්
පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
සිවකුමාර් නඩේසන් - සිවකුමාර් නඩේසන් නැතිනම් කුමාර් නඩේසන් යනු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) වත්මන් සභාපතිවරයා වන අතර, ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයද ඔහු නියෝජනය කරයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ (PCCSL) මාණ්ඩලික අධ්‍යක්ෂවරයෙකු ලෙසින්ද ඔහු සේවය කරයි. එසේම කුමාර් එක්ස්ප්‍රස් නිවුස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ සහ සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින්ද සේවය කරයි.
ශ්‍රීනිවාස් කාර්තික් කුමාර් නඩේසන් - කුමාර් නඩේසන්ගේ පුත් ශ්‍රීනිවාස් කාර්තික් කුමාර් නඩේසන්, වෘත්තියෙන් නීතීඥයෙකු වන අතර, එක්සත් ජනපදයේ උටාහි පිහිටා ඇති නෛතික සේවා සමාගමක් වන නඩේසන් බෙක් පී.සී හි වර්තමාන ආරම්භක හවුල්කරුවා වේ. ඉන් පෙර කාර්තික් කුමාර් නඩේසන්, ස්නෙල් ඇන්ඩ් විල්මර් එල්.එල්.පී හි හවුල්කරුවෙකු ලෙසින් කටයුතු කොට ඇත.
සබීතා ආර්.නඩේසන් - කුමාර් නඩේසන්ගේ දියණිය සබීතා ආර්.නඩේසන්, කුමාර් සමගින් හවුලේ එක්ස්ප්‍රස් නිවුස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස් හිමිකොටගෙන සිටී.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ සහ වීරකේසරී පුවත්පතේ නිල වෙබ් අඩවි මගින් සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු නොසපයයි. එනිසා සමාගම සහ එහි ප්‍රකාශනයන් පිළිබඳ තොරතුරු එක් රැස් කර ගැනීම සඳහා ද්විතීයික මූලාශ්‍රයන් අවශ්‍ය විණි. සමාගමේ කොටස් කරුවන් පිළිබඳ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ ලබාගෙන ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. තවදුරටත් නඩේසන් පවුල පිළිබඳ තොරතුරු ෆේස්බුක් හා ලින්ක්ඩ්-ඉන් වැනි සමාජ ජාල වෙබ් අඩවි සහ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ වෙබ් අඩවි ඔස්සේ ලබාගෙන ඇත.මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 20 දින ප්‍රතිචාර දක්වා තිබිණි. එසේ වුවත් ඔවුන් ලබාදුන් දත්තද ඉතා සීමිත වූ බැවින් ද්විතියික මූලාශ්‍රයන් පරිශීලනය අවශ්‍ය විණි.