රාජමහේන්ද්‍රන් පවුල
කැපිටල් මහරාජා සංවිධානයේ සහ එහි උප සමාගම් වල පරම හිමිකාරීත්වය ඇත්තේ රාජමහේන්ද්‍රන් පවුලට වේ. රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් යනු සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ පුරෝගාමීන්ගෙන් කෙනෙකු වන සින්නතම්බි රාජන්ද්‍රම්ගේ පුත්‍රයා වේ. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ කොටස් තනිව රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් හට හිමිවන්නේ සුළු ප්‍රමාණයක් වුවත්, සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම හරහා රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් කොටස් 79.95% ක් සහ ඔහුගේ පුත්‍රයා වන ශෂීධරන් රාජමහේන්ද්‍රන් හට කොටස් 20.05% ක් වශයෙන් සමස්ත සංවිධානයේ හා එහි උප සමාගම් වල අයිතිය ඔවුන් දෙදෙනාට තිබේ. සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමට කැපිටල් මහරාජා සංවිධානයේ සෘජු කොටස් තිබෙනා අතර, කැපිටල් හෝල්ඩින්ග්ස් වක්‍රව අනෙකුත් උප සමාගම් වල හිමිකාරීත්වය දරයි. එසේ කැපිටල් හෝල්ඩින්ග්ස් මගින් වක්‍රාකාරීව හිමිකාරීත්වය දරණා සමාගම් වන්නේ සීමාසහිත එස්-ලෝන් ඉන්ඩස්ට්‍රියල් ප්ලාස්ටික්ස් (පුද්) සමාගම, එස්-ලෝන් ලංකා, සීමාසහිත හැරිසන්ස් (ලංකා) (පුද්) සමාගම, සීමාසහිත අයි.සී.එල් මාර්කටින් (පුද්) සමාගම සීමාසහිත ඒ. ඵෆ්.ජෝන්ස් එක්ස්පෝටර්ස් (ලංකා) සමාගම, සහ තවත් ඒවා වේ.
සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ඇතුළු සංවිධානයේ සමාගම් කිහිපයක කොටස් පාර්ශ්විකව හිමි ශෂීධරන් රාජමහේන්ද්‍රන්, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුර දරයි. පවුලේ වෙනත් සාමාජිකයින් කිහිප දෙනෙකුද සංවිධානයේ විවිධ නිල තල දරයි.
රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන්ගේ බිරිඳ වර්තමානයේදී සංවිධානය යටතේ ඇති සමාගමක් වන රූමර්ස් සැලෝන් හි ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරයි. මේ අතර රාජමහේන්ද්‍රන්ගේ දියණිය අංජලී රාජමහේන්ද්‍රන් සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරියක ලෙසින් කටයුතු කරයි. රාජන්ද්‍රම් මහරාජා සහ පද්මා මහරාජා දෙදෙනාගේ පුත්‍රයා වන ප්‍රදීප් මහරාජාද සමූහ අධ්‍යක්ෂ තනතුරක් දරයි.
ව්‍යාපාරය
ප්ලාස්ටික්
සීමාසහිත එස්-ලෝන් ලංකා (පුද්) සමාගම
ප්ලාස්ටික්
සීමාසහිත එස්-ලෝන් ඉන්ඩස්ට්‍රීස් ප්ලාස්ටික් (පුද්) සමාගම
සීමාසහිත එස්-ලෝන් ලියර් ලංකා (පුද්) සමාගම
සීමාසහිත පීඊ ප්ලස් (පුද්) සමාගම
තේ
සීමාසහිත ඒ.එෆ්.ජෝන්ස් එක්ස්පෝටර්ස් (ලංකා) (පුද්) සමාගම
සීමාසහිත හැරිසන්ස් කලම්බු (පුද්) සමාගම
රසායනික ද්‍රව්‍ය
සීමාසහිත හැරිසන්ස් කෙමිකල්ස් (පුද්) සමාගම
රසායනික ද්‍රව්‍ය
සීමාසහිත හාක්‍රෝස් කෙමිකල්ස් (පුද්) සමාගම
ඇසුරුම්කරණය
සීමාසහිත ටෆ්ලයින්
විදුලි උවාරණ
සීමාසහිත කෙවිල්ටන් ඉලෙක්ට්‍රිකල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම
පෞද්ගලික සනීපාරක්ෂක
සීමාසහිත අයි සී එල් මාකටින්ග් (පුද්) සමාගම
සීමාසහිත ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් (පුද්) සමාගම
තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT)
සීමාසහිත කොම්පියුටර් සිස්ටම්ස් (පුද්) සමාගම
සේවා
සීමාසහිත හැරිසන්ස් ෂිපින් (පුද්) සමාගම
සේවා
සීමාසහිත කැනීස් ක්‍රියේෂන්ස් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම
ව්‍යාපෘති
සීමාසහිත ද මහරාජා ඕගනයිසේෂන් (ව්‍යාපෘති)
විනෝදාස්වාද
ස්ටයින් ස්‍ටුඩියෝ
සීමාසහිත මහරාජා එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම
සීමාසහිත ඇක්වේරියස් (පුද්) සමාගම
නොදනී
සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම
සීමාසහිත ඩෝසන් කැපිටල්
සීමාසහිත ජෝන්ස් ඕවර්සීස්
මහරාජා
කළමනාකරණ
සීමාසහිත මහරාජා කළමනාකරණ ආයතනය (පුද්) සමාගම
පවුලේ අය හා මිතුරන්
පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති වේ. එසේම සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ අනෙකුත් කොටස් හිමිකාරීත්වය ඇති සමාගම්වලද, එහි උප සමාගම් වලද හිමිකාරීත්වය ඔහුගේ පුත් ශෂීධරන් රාජමහේන්ද්‍රන් සමගින් දරයි. රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් මහාරාජා සමූහයට අනුබද්ධ සමාගම් ගණනාවක අධ්‍යක්ෂ ලෙසින්ද කටයුතු කරයි.
රාජමහේන්ද්‍රන් ශෂීධරන් - රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන්ගේ පුත්‍රයා වන අතර, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුරද දරයි. ඊට අමතරව ඔහු සීමාසහිත ටෆ්ලයින් හා සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග් (පුද්) සමාගම ඇතුළු මහාරාජා සමූහයට අනුබද්ධිත සමාගම් ගණනාවක අධ්‍යක්ෂවරයෙකු ලෙසින්ද සේවය කරයි. ඔහු සහ රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් හට සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ හිමිකාරීත්වය තිබේ.
අරුන් ප්‍රදීප් මහරාජා - රාජන්ද්‍රම් මහරාජාගේ පුත්‍රයා සහ රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් ගේ ඥාති පුත්‍රයාද වේ. ඔහු ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (MBSL) අධ්යක්ෂවරයෙකි.
අංජලී සුජාතා රාජමහේන්ද්‍රන් - රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන්ගේ දියණිය වන ඇය සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ අධ්යක්ෂවරියකි.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සමාගමේ හිමිකාරීත්වය හෝ සමාගමේ ව්‍යුහය පිළිබඳ තොරතුරු සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ නිල වෙබ් අඩවි හෝ එහි උප සමාගම් වල වෙබ් අඩවි ඔස්සේ ගැඹුරින් දක්වා නැත. ඒ වෙනුවට එයින් ලබාදෙන්නේ විකාශනයේ වැඩසටහන් පෙළක් සහ සම්බන්ධ කර ගැනීමේ තොරතුරු පමණි. එනිසා සමාගම සහ නාලිකාවන් පිළිබඳ කරුණු රැස් කිරීම උදෙසා ද්විතීයික මූලාශ්‍ර පරිශීලනය කොට ඇත. සභාපති රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රම් පොදුජනයා ඉදිරියේ පෙනී සිටින්නේ ඉතා අඩුවෙන් වන අතර ඔහුව ඇතැම් විට කිලී මහරාජා සහ ආර්.රාජමහේන්ද්‍රන් යන නම් වලින්ද හැඳින්වේ. මෙම නම් යෙදී ඇති අක්ෂර වින්‍යාසයන්ද එකිනෙකින් වෙනස් වේ. මෙනිසා ඔහුට අනුබද්ධ වූ ව්‍යාපාරයන් සොයාගැනීම අසීරු වී ඇත. ඔහුගේ ඡායාරූපයන්ද පහසුවෙන් සොයාගැනීමට නොතිබුණි. මීට අමතරව ඔහුගේ පවුලේ අනෙක් සාමාජිකයින් පිළිබඳ තොරතුරුද එක් රැස් කරගනු ලැබුවේ ද්විතීයික මූලාශ්‍ර ඔස්සේ වේ. නාලිකාවන් සහ මවු සමාගම සම්බන්ධ ප්‍රමාණවත් තොරතුරු ලබාගැනීමට නොතිබූ හෙයින්, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔස්සේ තොරතුරු ලබාගැනිණි. ඒ ඔස්සේ දත්ත රැස් කිරීම හා පර්යේෂණ ක්‍රියාවලිය 2018 වසරේ අගෝස්තු හා සැප්තැම්බර් මාස තුළ සිදුකෙරිණි. සමාගමේ උප සමාගම් කිහිපයක් ද පර්යේෂණයට පාත්‍ර විණි.