සරවනපවන් පවුල
දමිළ භාෂා පුවත්පත් වන උදයන් හා සුඩර් ඔලි ප්‍රකාශනය කෙරෙනා සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ පාලනය හා අයිතිය සරවනපවන් පවුල සතුවේ, කෙසේ වුවත් 2018 වසරේදී සුඩර් ඔලි මුද්‍රණය වීම නැවතිණි. ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊස්වරපදම් සරවනපවන් නැතිනම් ඊ.සරවනපවන්, සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ ආරම්භක සභාපති වේ. ඔහු වර්තමානයේ සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ කොටස් වලින් 92.31% ක හිමිකාරීත්වය ඇතිව සිටී. පාර්ලිමේන්තුව තුළ ඔහු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, සෞඛ්‍ය සහ මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යන කාරක සභාවන්ගේ සාමාජිකත්වය දරයි.
ඊස්වරපදම් සරවනපවන්ගේ බිරිඳ වන යසෝතෛ සරවනපවන් (පෙර නඩේසපිල්ලෛ) හට සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්) සමාගමේ 7.69% ක කොටස් හිමිකාරීත්වය ඇත. ඇය සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනී ලෙසින් කටයුතු කරයි. ඇය 2012 දෙසැම්බර් මාසයේ ඇගේ ස්වාමියා කළමනාකාර අධ්‍යක්ෂ තනතුරින් ඉල්ලා අස්වුණු පසුව එම තනතුරට පත් කෙරිණි. මේ අතර ඔවුන්ගේ දියණිය වන ලක්ෂ්මී සරවනපවන් 2016 දෙසැම්බර් 20 දින සමාගමේ අධ්‍යක්ෂ ධූරයට පත් කෙරුණු අතර, එදිනම ඇයව හවුල් කළමනාකාර අධ්‍යක්ෂ තනතුරට උසස් කෙරිණි. මෙම සමාගමේ සිටිනා අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ සරවනපවන් පවුල පමණි.
පවුලේ අය හා මිතුරන්
පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
ඊස්වරපදම් සරවනපවන් - ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊස්වරපදම් සරවනපවන්, සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ ආරම්භක සභාපති වේ. ඔහු වර්තමානයේ සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ කොටස් වලින් 92.31% ක හිමිකාරීත්වය ඇතිව සිටී.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත නව උදයන් ප්‍රකාශන (පුද්.) සමාගම සඳහා නිල වෙබ් අඩවියක් නොමැත. නිල පුවත්පත් වෙබ් පිටුව මගින් එහි ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් නොසපයයි. එනිසා පොදුජනයාට පරිශීලනය කළ හැකි ද්විතීයික මුලාශ්‍රයන් ආශ්‍රය කොට ගෙන තොරතුරු රැස් කොට ඇත. කලාතුරකින් යම් යම් අයවලුන්ගේ නම් ලියැවෙන ආකාරය වෙනස් වීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ප්‍රධාන විධායක නිලධාරියාගේ නම යශෝතා සරවනපවන් ලෙසින් නැතිනම් යසෝතෛ සරවනපවන් ලෙසින් ලිවීමට ඉඩ ඇත. මීට සමාන ලෙසින් ඊස්වරපදම් යන නම ඇතැම් විට ඊස්වර පදම් යනුවෙන්ද, Lukshmee යන නම Luxmee ලෙසින්ද ලිවීමට ඉඩ තිබේ. සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ආශ්‍රය කොට ගෙන සමාගමේ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු රැස් කොට ඇත.